වස්ත්‍රය පිලිබඳ ප්රශ්නය

කෙසේ වෙතත් තමන්ගේ අනන්‍යතාවය හා ගෞරවය රකින අකාරයෙන් කිසියම් පුද්ගලයකු තම වස්ත්‍රය සකස් කරගැනීම වැරැද්දක් ලෙස දැකිය නොහැකිය. එය ඔවුන්ට ආවේනික ජාති කුල පවුල සමාජය විසින් මෙහෙයෙවූ එකකි. මෙයට පිටුපා වෙනත් සංස්කෘතිවලට ඇබ්බැහි වෙච්ච අයද අප සමාජය තුල සිටිති. කෙසේ වෙතත් සමාජ සම්මතයට අනුව එනම් තමන් අයිති සමාජ සම්මතයට අනුව ඇඳුම් නැත්නම් තම වස්ත්‍රය සකසා ගැනීම් වැදගත්ය. සිංහල කාන්තාවක් ඔසරියක් ඇඳීම කාටවත් ප්‍රශ්න කල නොහැක. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් තමගේ ශරීරය පිටතට නොපෙනෙන පරිදී වසා සිටීමද ප්‍රශ්න කල නොහැක. කෙසේ වෙතත් අසීලාචාර ලෙස තමන්ගේ ශරීරයේ වැසිය යුතු කොටස් පිටතට පෙනෙන විදිහේ ඇඳුම් ඇදීම අනුමත කල නොහැක.
තමන්ගේ ඇදුම් තමන්ගේ කැමැත්තට විය යුතු වුවත් සමාජ සම්මතයට විරුද්දව කටයුතු කිරීම කිසිම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් නිවැරදි කරන්නේ නැත. ආශාව කාටත් පොදුය. තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමට කිසිම තහනමක් නැත. නමුත් එය ඉටුකිරීමේදී වෙනත් පුද්ගලයකුට හෝ පවුලකට හෝ සමාජයට හානියක් වෙනවා නම් ඒ පිළිබඳව කතා කිරීමට කරුණු පහදා දීමට සෑමදෙනාටම අයිතියක් තිබේ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සමහර හින්දු ගෝත්‍රයට අයත් පිරිමි අය කරාබු පැළඳීම සාමාන්‍ය සිරිතකි. ඔවුන් ඔවුන් කන් යුගලයටම එසේ කරාබු පැළඳ ගනී. නමුත් මුස්ලිම්වරයකු එසේ නොකරයි. එය ඔහුගේ ධර්මයට අනුව තහනම්. එනිසා හින්දු සහෝදරයට එසේ නොකරන ලෙස මුස්ලිම් වරයකුට කිව නොහැකිය. එසේ නීතියක් ගෙන එන ලෙස අන්‍ය සමාජයට බලකල නොහැක. බෞද්ධ භික්ෂුන්ට ඔවුන්ගේ වස්ත්‍ර සම්ප්රදායක් තිබේ. තමන් බෞද්ධ භික්ෂුවක් කියා ගැනීමට නම් නැත්නම් ඔහුව පිළිගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම සිවුර තමන්ගේ වස්ත්‍රය ලෙස තෝරාගත යුතුය. නැත්නම් එම පුද්ගලයාට භික්ෂුවක් විය නොහැකිය. ඔවුන්ගේ වස්ත්‍රය හා සම්බන්ධ නීතිරීති බොහොමයක් තිබේ. ඔවුන්ගේ වස්ත්‍රයේ අඩුපාඩු ඔවුන් විසින්ම විසඳා ගනු ලබනවා. නමුත් එය වෙනත් ආගමිකයකුට විමර්ශනයට ලක් කල යුතු කාරණයක් නම් නොවේ.
එමෙන්ම තෙරේසා මව්තුමියගේ, ක්‍රිස්තියානි කන්‍යා සොයුරියන්ගේ, අපේ ගමේ උපාසිකා අම්මාගේ වස්ත්‍රය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. මේ ආකාරයෙන් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ගෞරවය රැක ගැනීමට දෙවියන්ගේ අණට කීකරුව තමන්ගේ වස්ත්‍රය සකසා ගැනීම් පිළිබඳවද අවලාද නැගීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැත.

කෙසේ වෙතතත් සමාජ සංස්කෘතිය හැදියාව පිලිබඳ කිසිම තැකීමක් නැති තමන් ගෙන පමණක් සිතන අයටනම් අප පෙන්වාදුන් කරුණුවලට එකඟ විය නොහැක. එයට ඔවූන්ගේ බුද්ධි මට්ටම, පවුල, වටාපිටාව, ඔවුන් ආශ්‍රය කරන පුද්ගලයන් හා සමාජය බලපාන බව අපේ අදහසයි. ඒ වගේම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල්කරගෙන ක්‍රියාකරන්නන්ටද මෙය ජීරණය කල් නොහැකි බවද අපි දනිමු.

මේ ආකාරයෙන්ම අසෝබන ලෙස ඇඳුම් පළඳින්නන්ව සමාජය විසින් නිවැරදි කිරීමක් කල් හැකි අතර එසේ ඔහු හෝ ඇය අවනත නොවන කල සමාජය විසින් ඔවුන්ව බැහැර කරනු ලැබීම සාමාන්‍ය දෙයකි.
දිනක් අපගේ මිත්‍රයකුවන A බසයක නැගී වැල්ලවත්ත සිට කොල්ලුපිටියට ටිකට් පතක් ගෙන ඉදිරියට පැමිණ සිටගෙන ගමන් ගත්තේය. ඔහු අසල අසුන් ගෙන් සිටි තරුණ කාන්තාවක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන් සිටි අතර එතුලින් ඇයගේ ළැම ප්‍රදේශය ප්‍රදර්ශන වන ආකාරයට විශාල ලෙස කර පෙදෙස පහලට වන සේ ඇඳුම සකස්වී තිබිණ. විටින් විට ඇය ළැම ප්‍රදේශය වසා ගැනීමට තෙත් කල අතර එසේ නොහැකි වූ කල එම A ගේ මුහුණ රවන්නට පටන් ගත්තේය. මේ කිසිවක් නොදන්නා A පුදුමයට පත්විය. නැවතුම් පොළවල් දෙකක් පමණ පසුවෙත්ම මෙම කාන්තාව A දිහා බලා මෙසේ පැවසුවා.
"මොකෝ තමුසෙට ඉස්සරහට යන්න බැරිද" මෙය ඇසු විට A තවතවත් විශ්නුම්භුත විය. සිදුවන දේ වටහා ගත නොහැකි විය. A පුදුමයෙන් එම කාන්තාව දිහා බැලුවේය. එවිට එම කාන්තාව
"තමුසෙට ලේජ්ජ් නැද්ද මෙතනම බල බල ඉන්නේ" යනුවෙන් පැවසූ විටයි ඔහු සිදුවන දේ වටහා ගත්තේ.
එවිට එක පාරටම ක්‍රියාත්මක වූ ඔහු ශබ්ද නගා මෙසේ පැවසුවා.
"ඇඳගෙන ඉන්නේ XX (ගණිකාවක්) වගේ කතා කරන්නේ පත්තිනි අම්මවගේද"
එයින් ලැජ්ජාවට පත් ඇය වහාම එම ස්ථානයෙන් නැගිට ඊළඟ නැවතුම් පොලේ බසයෙන් බැස ගියාය. එවිට එම බසයේ ගමන් කල මගීන් ඕකිට හොඳ වැඩේ යනුවෙන්ද තවත් සමහරු අසභ්‍ය වචනවලින්ද ඇයට බැනවදින්නට විය.

නමුත් මුස්ලිම් කාන්තාවට නම් එවැනි ප්‍රශ්නයක් නැත. ඒ වගේම එසේ තමන්ගේ ශරීරය අන්‍යය පුරුෂන්ට නොපෙන්වා සිටීම ඇයගේ උරුමයකි. එය ප්‍රශ්න කිරීමට කිසිවකුටත් නොහැක.
නමුත් සමහර වීවෘත මනසක් ඇති යයි කියාගන්නා පිරිසක් බටහිර ක්‍රමයට අපේ කාන්තාවන්වත් අඩනිරුවත් කර බැලීමට ආශා කරන අතර එම චින්තනය නිවැරදි කිරීමට ආගම්වලට අවලාදම් කරමින් සිටි. මේ මන්ද බුද්ධිකයින්ට තේරුම් ගැනීමට අපහසු කාර්යය නම් ආගමානුකුල හැසිරීමත් කාන්තා අයිතියක් බව.
4 comments:
තමන් විශ්වාස කරන සන්ස්කෘතියට අනුව ඇඳුම් අඳින්න ගැහැනුන්ට අයිතියක් තියෙනවා හැබැයි යමෙක් එම සන්ස්කෘතිය අනුමත නොකරනවානම් කැමති ඇඳුමක් ඇඳපුවාවෙ සන්ස්කෘතිය හැදුවෙ මිනිස්සු එය වෙනස් කරන්නේද මිනිස්සු
මෙතන තිබෙන්නේ අයිතිය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ශීලාචාර අශීලා චාර පිළිබඳ ප්‍රශ්නයක්. මිනිසාට හිතක් කියන දෙයක් තියන නිසා එහි හැගීම් පාලනය කල යුතුව තිබෙනවා නැත්නම් ඔහු හෝ ඇය මනුෂ්‍ය ගණයට අයත් වන්නේ නැහැ. උදාහරණයක් හැටියට නගරේ ඉන්න තරුණියක් වැදී ජනතාවගේ ඇඳුම් ඇඳගෙන පාරේ ගියොත් අපි කියන්නේ නැහැ ඇය අසවල් සංස්කෘතියට අයත් කෙනෙක් කියලා. ඒ වෙනුවට අප කරන්නේ පිස්සන් කොටුවට කතා කරන එකයි.
ඊළඟට තිබෙන වැදගත්ම දේ බහුතරයකගේ මතයට මුල්තැන දීම. ප්රජාතන්ත්රවාදී හෝ වේවා පෞද්ගලිකත්වය හෝ වේවා එය එම සමාජයට නොගැලපේ නම් එයින් සමාජ සම්මතයට අහිතකරලෙස බලපායි නම් එයින් අයින් වී නැත්නම් එය අහක් කිරීම ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක නැත්නම් බුද්ධිමත් සමාජයක් කල යුතු දෙයක්.
methana thiyenne aduma gana prashnayak nemei.balana kenage aheth nemei.me 2 gateema nisa ena thoughts walai prashne thiyenne.eka hadanne nathuwa adumata banala wedak na.
Lankawe bahutharayekuge mathayanam islam gahanunge Abaya hijab andinnenethuwa andinawata namuth. Thamange Amma,wife,akka,nangi kohamada andum andinne para thote bus eke Yana minissunta as ping gannanum aka athi sochaneeyai
Post a Comment