ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් මුස්ලිම් රටවල් මෑතකදී දැක්වු දායකත්වයන් කිහිපයක්



වැහිලිහිණියා ගිම්හානය ගෙන නොදෙන බව අප සැම දන්නා කරුණකි. නමුත් සුපරික්ෂාකාරී නොවීම, බාධා රහිතව කාදැමීම, දේශයේ සාමය හා සමගිය ගිල දැමීමට හේතු විය හැකිය. ජනවාර්ගික අර්බුදයක් උදෙසා ක්‍රෝධය බෝකරන  කිසිඳු දේශයක් ප්‍රගතිය හෝ අභිවෘද්ධිය කරා යා නොහැක. එහෙයින් ශ්‍රී ලංකා ජනරජය මුස්ලිම් විරෝධී ව්‍යාපාරය පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් මුස්ලිම් රටවල දායකත්වය හා අනුග්‍රහයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට කැමෙත්තෙමු.

කුවයිත් Kuwait රාජ්‍යය

  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හා අරාබි ආර්ථික සංවර්ධන කුවයිත් අරමුදල අතර කොලඹදී ණයදාන සම්මුතියක්  අත්සන් කරන ලදී. මෙම අරමුදල මගින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය වෙත කුවයිත් දීනාර් මිලියන තුනක (ඇමරිකානු ඩොලර් 10.2 ට සමාන) ණයක්  ගිනිකොන විශ්ව විද්‍යාලයේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලදී. (පියවර – 1 “B”)

  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජයේ ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාත්, කුවයිත් අරමුදල වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගරු හිෂාම් අල්-වකායාන් මහතාත් මෙම ණයදාන සම්මතියට අත්සන් කලහ.

  • මෙම ව්‍යාපෘතියේ මුලු පිරිවැය කුවයිත් දිනාර් මිලියන 3,965 ක් (ශ්‍රී ලංකා මුදලින් බිලියන 1,483 ක්) ලෙස ඇස්තමේන්තු කර ඇත. 

සවුදි අරාබියාව

  • කලූගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් සවුදි රාජ්‍යය රුපියල් මිලියන 5.332 පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ කලුගඟ ජල යෝජනා ක්‍රමයට සවුදි අරාබියාව සවුදි රියාල් මිලියන 172 ක (රුපියන් මිලියන 5.332) අරමුදලක් ලබාදෙයි. මෙය 1981 න් පසු දිවයිනට පිරිනමන ලද වැඩිම විදෙස් ආධාර මුදල ලෙස සැලකේ.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම් ගරු ඒ. අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  යුත් සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් කලුගඟ ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ තාක්ෂණික විස්තර ඇතුලත් ගිවිසුම් කෙටුම්පත සකස් කිරීමට ඉරුදින රියාද් නගරයට පැමිණියහ. මෙම ව්‍යාපෘතියේ ගිවිසුම කොලඹදී අත්සන් කිරීමට නියමිතය. “මෙය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් සපයන හත්වැනි මූල්‍ය ආධාරය.” බව SFD ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්ලා අල්-ෂෙදූකී මහතා ඩෙයිලි නිවුස් පුවත් පතට පැවසීය.

  • මාර්ග ජාල පද්ධතිය සංවර්ධන කිරීම:

සවුදි අරාබි රාජ්‍යය සවුදි රියාල් මිලියන 225 (රුපියන් මිලියන 7,875) ක් වැනි විශාල මූල්‍ය අරමුදලක් ශ්‍රී ලංකාවේ ඇති මාර්ග ජාල පද්ධතිය සංවර්ධන කිරීම සඳහා පිරිනමයි. සවුදි සංවර්ධන අරමුදල් (SFD) ආයතනයේ උප සභාපති ගරු යූසුෆ් අල්-බස්සාම් මහතා හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාත් අතර රියාද් අගනුවර සවුදි සංවර්ධන අරමුදල (SFD) මූලස්ථානයේදී  පැවති රැස්වීමකදී මූල්‍ය ආධාරය වෙනුවෙන් වූ මෙම ගිවිසුම් කෙටුම්පත සම්මත කෙරින.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ මෙම සංචාරයේදී, සවුදි අරාබි රාජ්‍යයේ නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය හමද් අල්-බාසී මහතා සමගද එතුමාගේ කාර්යාලයේදී සාකඡ්චාවක් පැවැත්වින. මෙම සාකඡ්චාවට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ගරු අහ්මද් ඒ ජවාද් මහතාද සහභාගි විය.

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මීමැස්මොරය හා චිකිත්සා රෝහලක් කොළඹ පිහිටුවයි.

ප්‍රථම වරට සවුදි අරාබි රාජ්‍යයේ ආධාරයෙන් ශ්‍රී ලංකා ජනරජය විසින් රුපියල් බිලියන 2.25 කින් යුත් මීමැස්මොරය හා චිකිත්සා රෝහලක් කොළඹ ප්‍රධාන ජාතික රෝහල් භූමියේ පිහිටුවන ලදී. ඊට අමතරව කොළඹ ස්නායුවේදය පිළිබඳ රෝහලක්ද නිම කර අවසන්ය. දිවයිනේ සුනාමි ව්‍යසනයට පත් ජනතාවට නිවාස 1,000 ක්ද ඉදි කර දුන් අතර, ඊට අමතරව ස්නායුවේදය පිළිබඳ රෝහලේ සෞඛ්‍ය පහසුකම් සඳහා සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් රුපියල් මිලියන 330 ක් ප්‍රදානය කරන ලදී.

  • ශ්‍රී ලංකාවේ දිගම පාලම.

අවුරුදු තුනකට පෙර මහා මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ දිගම පාලම ඉදි කිරීමට සවුදි අරාබි රාජ්‍යය රුපියල් මිලියන 440 ක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා අගනුවර සිට කිලෝ මීටර 300ක් ඈතින් පිහිටි නැගෙනහිර නගරය වන ත්‍රිකුණාමලයේ සිට කින්නියා ගම්මානය සම්බන්ධ කිරීම සඳහා මෙම පාලම ඉදි කරන ලදී.

  • ත්‍රිකුණාමල-මඩකලපු මහා මාර්ගය.

ගිවිසුමට අනුව මහා මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමල-මඩකලපු මහා මාර්ගය පළල් කිරීමටද අරමුදල් වෙන් කරන ලදී. මේ දක්වා සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් විවිධ ව්‍යාපෘතීන් සඳහා සවුදි රියාල් බිලියන 1.2 කට (රුපියල් බිලියන 357) කට අධික මුදලක් ලබාදී ඇත.

  • මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘති පද්ධතිය. ඊ  කලාපය. 1981.

මීට පෙර සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් ශ්‍රී ලංකාවට අවස්ථා තුනකදී මූල්‍ය ආධාර ලබා දුන්නේය. ජල සැපයුම හා කැළිකසළ ව්‍යාපෘතියේ දෙවන අදියරය වෙනුවෙන් සවුදි රියාල් මිලියන 99.9 (රුපියල් මිලියන 3,496) කට අධික මුදලක් පිරිනැමු අතර 1981 දී සවුදි රියාල් මිලියන 48.1 (රුපියල් මිලියන 1,683) කට වැඩි මුදලක් මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘති පද්ධතිය ඊ කලාපය වෙනුවෙන් ලබා දී ඇත.

ඉරානය
  • තාක්ෂණික හා ඉන්ජිනේරු සේවාව.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා ඉන්ජිනේරු සේවා වැඩි දියුණ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන US$ 520 (රුපියල් මිලියන 65,000) කින් ඉරානය අනුග්‍රහය දක්වා ඇති බව වානිජ කටයුතු අමාත්‍යය ගරු මහ්දි ගසන්ෆරි මහතා සඳුදින පැවසුවේය.

ඉරාන ප්‍රවෘති ඒජන්සී IRNA- වාර්තවක් ආනුව, ආසියාතික සහයෝගිතා සංවාද විදේශ අමාත්‍යවරුන්ගේ නවවැනි සැසිවාරයේදී වානිජ කටයුතු අමාත්‍යය ගරු මහ්දි ගසන්ෆරි මහතා, විදේශ අමාත්‍ය ගරු ජී. ඇල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවෙහි ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩිදුර නගාසිටුවීමට තෙහ්රානය Tehran සූදානම් බව කියා සිටියේය.

  • ඛනිජ තෙල් ආනයනය:

ඉරානය, ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය අනුග්‍රහකයා හා ප්‍රධානතම ඛනිජ තෙල් සම්පාදකයාද වන්නේය. 2008 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන US$ 1.5 (රුපියල් බිලියන 187.5) ක ණය පහසුකම් යටතේ, ශ්‍රී ලංකාවේ නොයෙක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්වල වැඩ ඉරානය විසින් ආරම්භ කරන ලදී. 

  • උමාඔය විදුලි බලාගාරය:

සැප්තැම්බර් මාසයේ ඉරාන් ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා සංචාරයේදී, මෙගා වෝට් 450ක උමාඔය විදුලි බලාගාරය ඇතුලුව සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන US$ 450-500 (රුපියල් මිලියන 62,500) ක මූල්‍යය පහසුකම් ලබාදෙන බවට පොරොන්දු විය.

  • මිරිස්ස LNG ගෑස් පර්යන්තය: 

ඉරානය, දකුණු පළාතේ මිරිස්ස වෙරලබඩ නගරයෙහි ධීවර වරායක් සමඟ LNG ගෑස් පර්යන්තයක් පිහිටුවීමටත්, සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු පහසුකම් සංවර්ධනය කිරීමට, තාක්ෂණික හා මූල්‍යය පහසුකම් ලබා දීමටද එකඟ විය.

  • ග්‍රාමීය විදුලිබල ව්‍යාපෘති:

ගම්මාන 1000 කට පමණ විදුලි බලය සැපයීමට ඩොලර් මිලියන US$ 106 (රුපියල් මිලියන 13,250) ක ගිවිසුමකට ශ්‍රී ලංකාව, ඉරාන සමාගමක් සමඟ අත්සන් කළේය.

  • ශ්‍රී ලංකාවට ණයදෙන ප්‍රමුඛයා ඉරානයයි.

යුදමය දිවයිනේ ප්‍රධාන දායක ජපානය අභිබවා, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රහකයා බවට ඉරානය පත් වූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය. මෙම වසරේ මැයි මාසය දක්වා වූ මාස පහ තුල යුධමය තත්වයක පැවති දිවයිනට ඩොලර් බිලියන US$ 1.5 (රුපියල් බිලියන 187.5) විදේශ ආධාර ලැබුනු බවත්, ව්‍යාපෘති ණය වශයෙන් ඩොලර් මිලියන US$ 959 (රුපියල් බිලියන 119.8) ක්ද, ආධාර මුදල් වශයෙන් ඩොලර් මිලියන US$ 90 (රුපියල් මිලියන11,250) ක්ද ලැබුණු බව මහ බැංකුව වසර මැද මූල්‍ය වාර්තාවෙහි සඳහන්ය.

පාකිස්තානය:

  • 2000 අවුරුද්දේ මැයි මාසයේ බෙදුම්වාදී කොටි ත්‍රස්ථවාදීන් ඔවුන්ගේ අගනුවර ලෙස සැලකූ යාපනය අත්පත් කර ගැනීමට ආසන්නව තිබියදී, හිටපු පාකිස්තාන ජනාධිපති ගරු මුෂර්රෆ් මැතිතුමා ඩොලර් මිලියන දශ දහස් ගනන් වටිනා අත්‍යාවශ්‍යව තිබූ යුද්ධෝපකරණ ශ්‍රී ලංකා රජයට ලබා දුන්නේය. 2006 අගෝස්තු මාසයේ කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ක්ලේමෝ බිම් බෝම්බයකින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති බෂීර් වලී මුහම්මද් තුමා ඝාතනය කිරීමට තැත් කළහ. තානාපති තුමා තුවාල නොවුනද, සෙසු හත් දෙනෙකු මරණයට පත්වූහ. 2008 මැයි මාසයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධෝපකරණ, අවිආයුධ හා වෙඩි උණ්ඩ අලෙවිය පිළිබඳව පාකිස්තානු හමුදාපති සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී ඩොලර් මිලියන US$ 100 (රුපියල් මිලියන 12,500)කටත් වැඩි වටිනාකමින් යුත් අල්කාලිද් MBT 22ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සැපයීමට තීරණය විය.

ලිබියාව:

  • 2009 යේ 8-10 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහී ලිබියානු නිල සංචාරයෙන් අනතුරුව, මූල්‍ය සහයෝගීතා පැකේජය යටතේ ඩොලර් මිලියන US$ 500 (රුපියල් මිලියන 62,500) ක් ලිබියානු රජය විසින් සංවර්ධන ව්‍යාපෘතින් සඳහා ශ්‍රී ලංකාවට දෙන ලදී. හම්බන්තොට ගුවන් තොටුපොල සංවර්ධනය වෙනුවෙන් ආධාර සැපයීමටත්, උතුරු හා නැගෙනහිර මහා මාර්ග, සන්නිවේදන හා සංචාරික ව්‍යාපාරය දියුණු කිරීමටත් සහාය දක්වන බව ලිබියානු රජය පැවසීය.

අහමද් තේ සමාගම:

  • අහමද් තේ සමාගම විසින් (රුපියල් මිලියන 2,100) ක වටිනිකමින් යුත් අති නවීන පිළිකා රෝහලක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා ගිවිසුම දැනටමත් අහමද් තේ සමාගම සහ රජය අත්සන් කර ඇත.

මුස්ලිම් රටවල් විසින් මෙතරම් ලංකාවට ආධාර කරමින් ලංකාවේ දියුණුව උදෙසා දායකත්වය ලබාදී තිබීම අපි අගය කළයුතු නොවේද? ලංකාවේ ජාතිබේධය වපුරා මෙවැනි සංවර්ධන කටයුතු වලට ඉදිරියේදීද ලැබෙන්නට තිබෙන ආධාර වලකාගන්නට කටයුතු කරන අය පිටු දකිමු.

“සීමාන්තික ජාතිවාදය අපගේ ආර්ථිකයට විශාල තර්ජනයක්.”


සංස්කාරක සටහන
මෙම ලේඛකයා දක්වා තිබෙන්නේ ලංකාව මුස්ලිම් රටවල් කිහිපයක් විසින් කළාවු ආධාර පමණි. මෙම රට වලට අමතරව කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මලයාසියාව වැනි මුස්ලිම් රටවල්ද ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා දායකත්වය ලබාදී ඇත. 

From : http://www.anvermanatunga.com/2013/01/30/sri-lankawata-adhara-sinhala-doc/

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons