මස් කඩ හා මුස්ලිම්වරු

ශ්‍රී ලංකාවේ අද දවසේ හැම දෙනාගේම කථා බහට ලක් වූ මාතෘකාවක් වී තිබෙන්නේ සත්ව ඝාතනය, සත්ව හිංසනය නැතිනම් ගව ඝාතනය. එයිනුත් විශේෂයෙන්ම ‘ගව ඝාතනය’ යන කාරණාවේදී, මුස්ලිම්වරු පමණක් සම්බන්ධ කරමින් කථාකිරීමක් පැහැදිලිවම ඉස්මතු වී තිබෙනවා.

මුස්ලිම්වරුත් හැමදාම ගව මස්වල පෝෂණ ගුණය ප්‍රයෝජනය ගැනයි, පණ තිබෙන්නේ ගවයාට පමණක් ද? අනෙක් ආගම් දහම්වල ගව මස් අනුභවයට අනුමැතිය තියෙනවාද නැත්ද? කියන ‍තෝරාගත්තු තර්ක ටිකක් විතරයි ඉදිරිපත් කරන්නේ.

දැන් මුස්ලිම්වරු කල්පනා කළ යුත්තේ, මෙපමණ විවේචන දෝෂාරෝපන එල්ල වෙද්දී ‘ගව මස් වෙළඳාම’ අනිවාර්යේයෙන්ම යෙදිය යුතුමද? කියන කාරණාවයි. අපි මෙම කාරණාව සරල සංගණන දත්ත සමග සාකච්ඡා කරමු.

ටෙන්ඩර් සහ මුදල්:

රජය මගින් පළාත් පාලන ආයතන හරහා වාර්ෂික ‘ටෙන්ඩර්’ කැඳවීමකින් ‘මස් කඩ’ සඳහා නිකුත් කරන අනුමැතිය, සෑම අවුරුද්දකට වතාවක්ම අළුත් කරවා ගත යුතුයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක මස් කඩ ටෙන්ඩරයක් මිලියන දෙකේ (ලක්ෂ විස්ස 2,000,000/=) සිට මිලියන හතර දක්වා වන මිළකට අලෙවි වෙයි. මීට වඩා වැඩි මිළකට සහ අඩු මිලකට අලෙවි වන ප්‍රදේශද ඇත.

එක ටෙන්ඩරයක සාමාන්‍ය වටිනාකම මිලියන එක (ලක්ෂ දහය) ලෙස ගෙන ලංකාවේ තිබෙන ‘මස් කඩ’ වල එකතුවෙන් වැඩිකළ විට වසරක් තුල රජය ලබන ආදායම ගණනය කළ හැක.

මස් සඳහා ගවයින් අලෙවි කිරීම:

සාමාන්‍යයෙන් ගවයෙකුගේ මිළ රු. පහලොස් දහසේ (15,000/=) සිට හතලිස් දහස (40,000/=) දක්වා වෙයි. ලංකාවේ සියයට 95% ගව පට්ටි පාලනය කරන ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වී ඇත්තේ මස් කඩවලට ගවයින් විකිණීමයි. මෙම වෙළඳාමේ යෙදී සිටින්නේ මුස්ලිම්වරු පමණක් නොවෙයි. (5% ත් නැත)

එක ගවයෙකුගේ මිළ 20,000/=(අඩුම මිළ) ක් ලෙස ගෙන දිනකට ඝාතනය කෙරෙන ගවයින්ගේ ප්‍රමාණයෙන් වැඩිකළ විට මස් සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම බලාගත හැක.

මිළ තීරණය වීම:

ගව මස් කිලෝවක මිළ තීරණය වීමේදී ටෙන්ඩරයේ වටිනාකම, ගවයාට ගෙවූ මුදල, ප්‍රවාහන වියදම, සේවක පඩි නඩි සමග ‘සන්තෝසම්’ හැටියට රජයේ විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ පහළ නිලධාරින් ‘නොමිළේ’ කඩාගෙන යන මස් කුට්ටි වල පාඩුවත් එකතු කළ විට කිලෝවල රුපියල් 450/= වඩා අඩුකර ගත නොහැකි තත්වයක් පවතී. මෙම බර පැටවෙන්නේ මස් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගේ පඩි පතටය.

නිගමනය:

ගව මස් වෙළඳාමෙන් වසරකට ලැබෙන කෝටි ගණනක ආදායම රජයටය. මස් සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම ගව පට්ටි පාලනයේ යෙදෙන ගැමියාටය. මොවුනගෙන් බහුතරය සිංහල ජනතාවය.

ඇත්ත තත්වය මෙසේ තිබියදී අපරාදේ බැනුම් අහන මුස්ලිම්වරුන්ගෙන් ගව මස් වෙ‍ළඳාමේ යෙදෙන ගණන සියයට 5% වත් නැත.

ගව මස් පරිපූර්ණ ප්‍රෝටීන සපයන ආහාරයක් බව ඇත්තකි. ගව මස් වෙළඳාමෙන් රජයටත් ජනතාවටත් ආදායම් මාර්ගයක් විවෘත වී ඇති බවද ඇත්තකි. මෙම සියළු පසුබිම සමග පළමුව මුස්ලිම්වරු වෙත ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

1. මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද?
2. මුස්ලිම්වරු ‘මස් කඩ’ ටෙන්ඩර් මිළදී ගැනීමෙන් වැලැකී සිටිය නොහැකිද?
3. මුස්ලිම්වරු ගව මස් වෙනුවට (විකල්ප) ප්‍රෝටීන බහුල ආහාරයකට යොමු විය නොහැකිද?

මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන තුරු මුස්ලිම් නොවන ජනතාවට කිවයුතු පණිවියක් ද ඇත, එනම්:
ගවයින් (මස් සඳහා) ඝාතනය කරන්නේ මුස්ලිම්වරු පමණක් ලෙසත්, එම මස් අනුභව කරන්නේත් මුස්ලිම්වරු පමණක් ලෙසත්, වෙනත් කිසිවෙකු ‍‍මීට අදාල නොවන ලෙසත් ‍පෙන්වීම අසාධාරණය; යුක්ති සහගත නොවේය.

Farzan – UK
සිංහල අනුවර්ථනය: හිෂාම් හුසේන්, පුත්තල

2 comments:

Unknown said...

ගව මස් කඩයකින් වැඩිපුර ලාබලබන්නේ බව්ද්ද රට පාලනයකරන රජයයි .නමුත් ඇනුම් බැනුම් අපටයි .රටේ ජනගහනය අනුව ගව මස් කන අයව සාපේක්ෂව බැලුවොත් මුස්ලිමුන්ට වැඩා බව්ද්දයන් ඉදිරියේද සිටි. නමුත් ඇනුම් බැනුම් අපටය .මේ ගවයන්ට අනුකම්ප කරන බව්ද්දයන් ඇත්තෙන්ම සතුන් කෙරෙහි අනුකම්පාමතින්ද මෙලෙස මුස්ලිමුන්ට දොස් පවරන්නේ ?එය එසේමනම් එළුවන් ,කුකුලන්,මලුන් ,තවත් සත්තු ගැන අයි ඔහුන් නිහඩව .දන්පහැදිලි මුන්ගේ බොරුව; කනතරම් සත්තු මරන් කන මුන් තවත් ජාතියකට ඊරිසිය කරනවා මිස මුන්ට ඇති කරුණාවක් නැහැ .තවත් කරුණක්; වඩා ලාබ ලබන රටේ පාලකයන් සාදාරනයේ විරුද්දත්වයට එරෙහිව පිලියමක් යෙදෙන්නේද ,නැතිනම් තමන්ගේ ඔලුවේ කුණු තියන් අනුන්ට දොස්පවරන්නන්ව මට්ටුකරන්නේද ? මෙවෙනතෙක් නැතිය .එසේනම් මෙවන් කණ්ඩායමේ බලාපොරුත්තුව පැහැදිලි නේද .එහෙනම් මුන්ගේ උගුල් වලට අසු නොවී අප කලයුත්තේ කුමක්ක්ද ?පළමුවෙන්ම වහා ගවමස් ජාවාරම නතරකල යුථුයි .මෙසේ කියන විට සමහරුන් කියන්න හැකි අයි අපි නතර කරන්නේ මුන් වෙනත් සත්තු මරණ කන්නේ නැතිද,බුදුන් ගවයාට විතරද පන තියෙනවා කිව්වේ කියා .අහන ප්‍රශ්නය සාදාරනය උනත් .මෙම ප්‍රශ්නය ඇසීය යුත්තේ ආණ්ඩුවය ; නමුත් ආණ්ඩුව නිහඬයි. ආණ්ඩුවේ ප්‍රජතන්තරය ;ප්‍රජතන්තරයට විරුද්දව කතාකිරීමත් ප්ර්ජතන්රය ලෙසයිය .මෙය ආණ්ඩුවේද උගුලක් විය හැකිය .දෙපැත්ත කන පුරුද්ද දෙසපලනයන් සතුය .මෙය නිසා මුස්ලිමුන්ව දැනුවත් කර ක්‍රියාවීමට මහත් නායකත්වයක් අවශ්යයි .එම නායකත්වය කොදු පන නැති ලව්කීක ලැබ පමණක් බලා පොරුත්තු නොවිය යුතුයි .අන්‍ය ආගමික සත් පිරිසන් උදෙසා සහ යෝගයෙන් මුස්ලිමුන්ව පෙලබිය යුතුයි .කිසිකලක දේසපාලනය නොගැවිය යුතුයි.මෙවන් අදහස් හැමදෙනාගේ සිත්තුලය ,නමුත් මෙවන් නායකයෙක් කොහෙන්ද ? මෙතෙක් බිහිවී තිබෙන නායකයෝ සියල්ල පක්සබේද ,නිකාය බේද ,තව්හීඩ් ,තබ්ලීක්,ජමතේ ඉස්ලාම් ,සාදිලි, බේද ,බේද බේද බේද. මේ සියලු බේද ජම්යතුල් උලමාවතුලත් .ඉතින් මොන අදහස් මතත්, ක්‍රියාව පුහු වෙනවා නේද .එහෙනම් ඇත්ත කුමක්ක්ද ?දයාබර සිංහල බව්ද්දයනී නුබල මුස්ලිමුන්ව විනාසකරන්න දුක් මහන්සි නොවෙන්න .පොලිසියට කියන්න මුස්ලිමුන්ගේ ආගම් ප්‍රශ්නවලට පොලිසි උසාවි නැහැ උබලාම විසඳ ගනිල්ලා කියා .පහුවදා ඉඳන් ආගම් බේද මුල්කරගෙන මුන්;මුන්වම මරාගෙන මෙරටේ මුස්ලිම් කියන්නන් අඩක් වත් ඉතුරු වෙන්නේ නැහැ .

Post a Comment

Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons