දුශිතයන්ගේ රුධිර පිපාසය සහ අල් තකීයා

ශ්‍රී ලංකා මව් බිම අද තක්කඩීන්ට හා ජාතිවාදීන්ට දීග ගොස් අවසන්ය. මේ රටට ආදරය කරන කොටසක් බිහි කල යුතුයි යනුවෙන් පුරසාරම් දොඩවූ අය අද ජාතිවාදීන් බිහි කිරීමේ මහා සාපරාධි ක්‍රියාවට මුල් වී කටයුතු කිරීම ඉතා ඛේදජනකය.


නැවතත් මේ රට රුධිරයෙන් තෙත් කිරීම එකම අරමුණු කරගත් සමහර අපරාධකාරයන් ආගම් භේද වපුරමින් නිල නොලත් පොලිස් කාරයන් ලෙස වැටලීම් සිදු කරයි. නිලලත් පොලීසිය එයට ආරක්ෂාව සලසා දෙයි. 

ආර්ථික, සමාජීය හා සංකෘතික වශයෙන් අද මේ ලක්බිම අන්ත අසරණ තත්වයකට පත්වී ඇති බව නම් රහසක් නොවේ. ස්ත්‍රීයකට පාරේ බැහැලා යන්න බැරි ළමයින්ට පවා ලිංගික අපරාධ කරන, මංකොල්ලකෑම්, දුරාචාරය යනාදී මෙකි නොකී සියලු අපරාධ අද ලංකාවේ නොඅඩුව සිදුවේ. තම මව දියණියව ගණිකාවක් කරලා මුදල් හොයන, පැයක් ඇතුලත බැංකු දෙකක් මංකොල්ල කන රටක අද ආගමික ත්‍රස්තවාදය වපුරවීම මහා භයානක තත්වයකි.

සමාජීයය ප්‍රශ්න පසෙක තබා ආගම් භේද ඇති කර රට නැවත යුද්ධයකට තල්ලු කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කල සමහරු කහ රෙද්දට මුවාවී මෙය ජයටම කරගෙන යයි. මෙහි භයානකම තත්වය වන්නේ බුද්ධිමත් හා සංවරවූ විශාල පිරිසක් නිහඬව සිටීම වේ. සමහර මන්ද බුද්ධිකයන් කහ රෙද්ද කුමක් පැවසුවත් එය සියට සියයක් නැවැරදි යැයි සිතා ඔවුන්ගේ පදයට නටන රොබෝවරු ලෙස හැසිරෙති.


බුදු රජාණන් වහන්සේ මෙවැනි අය පිළිබඳව දුරදර්ශීව දැන මොවුන්ව පිලි නොගන්නා ලෙස ඉතා සුක්ෂමව කියාදුන්හ.

එනම් මා බුදු නිසා හෝ රජ පවුලෙන් පැවත එන නිසා හෝ මා ලස්සන නිසා හෝ මා කියන දෑ පිළිගන්න එපා. ඔබට බුද්ධියක් තිබේ. එම බුද්ධියට වැටහේ නම් පමණක් පිළිගන්න යනුවෙන් ඉතා අලංකාර අන්දමින් බුදු රජාණන් වහන්සේ කියා දුන්හ.

ඉස්ලාමිය දෘෂ්ටිකෝණයෙන් අල් තකියියා යනු කුමක්දැයි බලමු.

අල්ලාහ් දෙවියන් විසින් අල්කුරානයේ තුන්වැනි පරිච්ඡේදය වන ආලඉම්රාන් නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ පහත පරිදී සඳහන් කරයි.   

“ මු:මීන්වරුන් (විශ්වසවන්තයින්) මු:මීන්වරුන් මිස ප්‍රතික්ෂේප කරන්නවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුය. (ප්‍රතික්ෂේප කරන්නවුන් ඔවුන්ගෙන් නුඹලා (වද හිංසනයෙන්) ආරක්ෂාවීමට මිස කෙනෙකු මෙසේ කරයි නම් අල්ලාහ් සමඟ කිසිම සම්බන්ධයක් (ඔහුට) නැත. තවද අල්ලාහ් තමා ගැන නුඹලාට අවවාද කරන්නේය. (නුඹලා) යලිත් පමුණුවන තැන අල්ලාහ් වෙතැයි."

ඉහත වාක්‍ය අනුව මුස්ලිම් නොවන මුස්ලිම් වරුන්ට වින කරන මුස්ලිම් නොවන වෙනත් ජාතිකයින් හා කණඩායම් සමඟ කෙසේ සම්බන්ධ විය යුතුද යන්න පැහැදිලි කරන වාක්‍යයකි.

එනම් විශ්වාසවන්තයකු සතුරන් අතට පත්ව ඔවුන්ගේ උපද්‍රව හා වද හිංසනයට බියෙන් පසු වන්නේ නම් ඔහුට තම ආගම සඟවාගෙන තමන්ද ඔවුන්ගෙන් කෙනෙකු සේ කල් ගත කල හැකිය. එසේ නැතහොත් ඔවුන් ඔහුගේ ආගම කුමක්දැයි දැනගතහොත් සිය ජීවිතය ගලවා ගැනීම සඳහා ඔවුන් කෙරෙහි ව්‍යාජ මිත්‍රත්වයක් දැක්වීමට ඔහුට අවසරය ඇත. බලවත් බියක් ඇතිවුවහොත් තමන් ඉස්ලාමය අදහන්නෙකු නොවෙතැයි කීමට වුවද ඔහුට අවසරය ඇත. එසේ ඔහු කල යුත්තේ සතුරන්ගේ පීඩාවන් දරා ගැනීමට තමාට ප්‍රමාණවත් ශක්තියක් නැතැයි හැඟුණහොත් පමණි. යුධ කාලවලදී හෝ කලහකාරී ලෙස මුස්ලිම් නොවන්නන් විසින් ප්‍රහාර එල්ලකරන අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රාණය බේරා ගැනීමට හා තමන්ගේ ආදරවන්තයින් බේරා ගැනීමට තමන් මුස්ලිවරයකු නොවන ආකාරයෙන් හැසිරීම පාපයක් නොවන බව මෙයින් කියවේ. මෙම න්‍යාය තුලින් මුස්ලිම් හෝ වේවා මුස්ලිම් නොවන්නන් හෝ වේවා තම ජීවිතය හා තම පවුලේ අයගේ ජීවිතය බේරා ගත හැකිය.

නමුත් අල් තකීයා යන්නට සාවධ්‍ය අර්ථකතනයක් දීම කොතරම් අසාධාරණද? 

අල්කුරානයේ 60වැනි පරිච්ඡේදය වන අල්මුම්තහිනා නම් පරිච්ඡේදයේ 8 වන වාක්‍යයේ මෙසේ සඳහන් වේ.

“ ධර්මයෙහි නුඹලා සමඟ සටන් නොකළාවුද, නුඹලා නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් නොකළාවුද, අයට කාරුණිකවීමද ඔවුනට සාධාරණ ලෙස සැලකීමද අල්ලාහ් නුඹලාට තහනම් නොකරයි. නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය.”

මෙම අල්කුරානීය වාක්‍ය ඉතා පැහැදිලිව යහපත් ජනතාව සමඟ යහපත්ව හා සාධාරණව කටයුතු කරන මෙන් පෙන්වා දෙයි.


මේ අනුව අපගේ කාරුණික ඉල්ලීම වන්නේ යමෙක් යමක් කියූ පමණින් විශ්වාස නොකර ඔහුගේ බාහිර පෙනුමෙන් නොබලා බුද්ධිමත් ලෙස කටයුතු කල යුතු බවය. මෙය බුදුන් රජානන්වහන්සේගේද අවවාදයකි. 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons