අල් කුර්ආනයේ කතුවරයා කවුද? (1)



හදුන්වාදීම

ශුද්ධවූ අල් කුර්ආනයේ කතුවරයා කවුද? මෙම විෂය පිලිබදව, ඕරියන්ටලිස්ට් යනුවෙන් හැදින්වන, පෙරදිග පිළිබද විශේෂ දැනුම ලත් යුරෝපානු විද්වතුන් ලෙස ඉදිරිපත්වූ පිරිස, නොයෙක් තර්ක ඉදිරිපත් කළෝය. එහෙත්, කුර්ආනයට සහ මුහම්මද් ( සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් ) තුමාට එරෙහිව අදහස් ඉදිරිපත් කිරීමේදී, මෙම යුරෝපානු විද්වතුන් අතර තරගයක් පමණක් නොව එක්තරා සමගියක්ද තිබුණි. කුර්ආනයේ  කතුවරයා පිළිබදව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන සිද්ධාන්ත පිලිබදව අපක්ෂපාති හා අවදානම් සහිත සමාලෝචනයක් කිරීමට, කොටස් වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පොරොත්තුවෙමු. මෙම ක්‍රියාවෙහිලා යුක්ති සහගත තර්ක, ඓතිහාසික සාක්ෂි, පාඨ  පිළිබද විමර්ශන සහ නවීන විද්‍යාත්මක තොරතුරු උපයෝගී කරන්නට අදහස් කරමු.

අරාබියේ මක්කා නගරයේ හයවන ශත වර්ෂයේ උපන් මුහම්මද් ( සල් ) නම් කෙනෙකු විසින් ශු,කුර්ආනය ප්‍රථම වරට පාරායන කරනු ලැබූ බව සියෙළු දෙනාම එකගවන කරුණකි. ශු.කුර්ආනයේ කතුවරයා ගැන විවිධ සංකල්ප ඉදිරිපත් කරන විද්වතුන්, ප්‍රධාන වශයෙන් පිල් තුනකට අයත්වේ.

1. මුහම්මද් ( සල් ) තුමා එහි කතුවරයා යයි එක පිලක් තර්ක කරයි.
2. මුහම්මද් ( සල් ) තුමා ශු.කුර්ආනයේ සැබෑ කතුවරයා නොවෙන බවද, තව මිනිසෙකු ගෙන් හෝ කිහිප දෙනෙකු ගෙන් එතුමා එය ඉගෙන ගත් බවද තව පිරිසක් පවසයි.
3. ශු.කුර්ආනයට මානව කතුවරයෙක් නොමැති බවද, එය දෙවියන් වහන්සේ විසින් මිනිසාට හෙළිදරව් කරනු ලැබූ බවද තෙවන පිරිස පවසයි.

නවීන දැනුම සහ අපක්ෂපාතිව තීරණයක් ගැනීමේ භුක්ති විදීමේ හේතුන් මත, ශු.කුර්ආනය අල්ලාහ් ගෙන් හෙළිදරව් කරනු ලැබූ බව අවංකව පිළිගෙන ඉස්ලාමයට පිවිසෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පැවතීමද, එයින් විශාල පිරිසක් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලත් ය බවද මෙහිදී    කැපී පෙනෙන ලක්ෂණය වේ.  

(ඉතිරි කොටස :  http://islaamaya.blogspot.com/2013/02/2.html)

ඉස්ලාම් සහ මුස්ලිම්හු

1.  ඔබගේ දහම කුමක්ද?


 ඉස්ලාම් දහමයි

2.      මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද

මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ. 

3.      "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?
                                 
            එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.

            දෙවිදුන් විසින් පහල කළ අවසාන ශුද්ධ වූ ලියවිලි අඩංගු ග්‍රන්ථය වන කුර් ආනයෙහි විසි දෙවන පරිච්ඡේදයෙහි හැත්තෑ අට වන වාක්‍යයෙහි       ඒ බව පහත අයුරින් සදහන් වේ.

            "ඔබ මෙන්ම ඔබට පෙර සිටි (ශුද්ධ වූ ලියවිලි ලද අය) අයද මුස්ලිම්      වරු යනු යනුවෙන් නම් කලේ ඔහුය " (ශු.කුර්ආනය 22:78)   

4.      ඔබ මුස්ලිම් වරයෙකු විය යුත්තේ ඇයි?   

            දෙවිදුන් ඉදිරියේ අනුමත දහම ඉස්ලාම් පමණක් වන හෙයිනි.

5.       ඔබ එසේ පැවසීමට හේතුව කුමක්ද ?

            ඉස්ලාම් යන වචනය හොදින් තේරුම් ගැනීමෙන් මෙම කාරණාව පැහැදිලිව වටහාගත හැක. මන්ද, දෙවිදුන් අනුමත කරන්නේ ඔහු යටත් වීමත්, ඔහුගේ කැමැත්තට අවනත බව දැක්වීමත් ශුද්ධවූ කුර්         ආනයේ මෙසේ සදහන් වේ.
           
            “කිසිවෙකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි    විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම,(මරණින් )මතු ජිවිතේ ඔහු පරාජිතයන් අතරට එක වනු ඇත"  (ශු.කුර්ආනය 3.85)

6.      ඉස්ලාම් "යන වචනයට අර්ථයක් තිබේද ?      
           
            ඔව්. ඉස්ලාම් යන වචනයට මුලික අර්ථ දෙකක් ඇත. ඒවා නම් :

                         i.      සැබැවූ එකම දෙවියන්ට පුර්ණව යටහත් බව දැක්වීම.

                       ii.      සාමය 

            මේ  අර්ථ දෙක එකිනෙකට බැදී පවතී. එහෙයින්  "ඉස්ලාම්"යන්න සැබෑ සාමයක් පතා සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා    භක්තියාදරය දැක්විමයි.

7.      "සැබෑවූ එකම දෙවිදුන්ට පුර්ණ අවනත බව හා භක්තියාදරය දැක්වීම"යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද

            එයින්  අදහස් කරනුයේ සියල්ල මවා පාලනය කරන්නෙත්,අපගේ අවශ්‍යතා ඉටුකරනෙත්, ඒ සැබෑවූ එකම දෙවියන් පමණක් බවයි. තවද, ඔහුගේ අනපනත් වලට යටහත් වීමත්, ඔහුට පමණක් නැමැදුම් කිරීමත්. මෙසේ  ඔහුට යටත් වීම ගුණාත්මක හැගීමකින් විය යුතු අතර නිෂේධනාත්මක නොවිය යුතුය. එමෙන්ම එය ආදරයෙන්කැමැත්තෙන් සහ දැනුවත්ව සිදුවිය යුත්තකි.

            එය හුදෙක් වාචික පිළිගැනීමක් පමණක් නොවිය යුතු අතර එය අදාළඅයගේ ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් වලින් ප්‍රකාශිත  විය යුතුයි.

8.      ඉස්ලාම් යන්න, සාමය යන අර්ථ දේ. මෙයින් ප්‍රකාශවන අදහස කුමක්ද?
           
            මෙයින් සාමය පිළිබද පළල් වුත් සවිස්තර වුත් අදහසක් ප්‍රකාශ වේ. එනම්, සිතේ සාමය, හදවතේ සාමය, මැවුම්කරුවා සමග සාමය, අන් අය සමග සාමය, අන් ජීවීන් සමග සාමය, මුළු මහත් විශ්වය සමගම     සාමය ඇතිකර ගැනීමයි.

9.      "දෙවියන්ගේ කැමැත්තට යටත් වීම" ඉස්ලාම් නම් අනෙකුත් ජීවිනුත් මුස්ලිම් වෙතැයි කිව හැකිද?

            ඔව්, යටහත් බව දැක්වීම අවස්ථා දෙකක් පදනම් කරගෙන විමසිය හැකිය.
             i.     එක් අවස්ථාවක් නම්, "අනිවාර්යෙන්ම යටහත් වීමට සිදු වීමය.මෙහිදී යටහත් වීම හැර වෙන විකල්පයක් නැත.එනම් තම රුචිකත්වය මත තේරීමට හැකියාවක් නැති අවස්ථාවන්ය. දෙවියන්ගේ ස්වභාවධර්ම නීතීන්ට යටත්ව ක්‍රියා කරන ඉර, හඳ, ශාක හා සත්වයන්ද මුස්ලිම්හු වෙති. උදා: ඔබ ගලක් ඉහලට විසිකළ විට එයට ඉහල රැදී සිටීමේ බලයක් නැත. නිසැකයෙන්ම එය පහල වැටේ.  එමෙන්ම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වුවද තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වලදී දේව නීතියට යටත් වේ.  උදා: හෘද ස්පන්දනය රුධිර සංසරණය වැනි තම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හිදී ඔහුට දේව නීතියට යටත් වීම විනා  වෙන විකල්පයක් නැත. මෙය අවස්ථානුකුලව මුස්ලිමෙකු වීම සදහා වූ උදාහරණයකි.

                    ii.         දෙවන අවස්ථාව වනුයේ තම කැමැත්ත පරිදි ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති අවස්ථාවන් වේ. එනම් තම එදිනෙදා කටයුතු වලදී තමන්ට රිසි පරිදි දෙවියන්ට අවනත වීම හෝ නොවීම තීරණය කෙරේ. කෙනෙක් දෙවියන්ට අවනත විය යුතුයැයි තීරණය කලහොත් ඔහු හෝ ඇය ස්වකැමැත්තෙන් හෝ ප්‍රකෘති සිහියෙන් හෝ ස්වෙච්ඡාවෙන් අවනත වූවෙකි. මේ අනුව අනිවාර්යෙන් යටහත් වීම හා ස්වෙච්ඡාවෙන් යටහත් වීම අතර එකඟතාවයක් ඇතිවන විට නැවත මෙලොව පූර්ණ සාමකාමීත්වය ළඟා කරගත හැක.  

      ඒ අනුව ඉස්ලාම් යන්න ස්වභාවික ජීවන ක්‍රමයක් හෝ ස්වභාව ධර්මයාගේ දහමක් යැයි හැදින්විය හැක.

10.   මේ සම්බන්ධයෙන් කුර්ආනයේ යම්කිසිවක් සදහන් වන්නේද?

ඔව්කුර්ආනයේ මෙසේ සදහන් වේ.

            “අහසෙහි හා පොළවෙහි වෙසෙන සෑම ජීවියෙක්ම කැමැත්තෙන් හෝ අකමැතෙන්, ඔහුගේ කැමැත්තට සිරස නමා කටයුතු කරති. තවද  ඔහු වෙතටම නැවත ගමන් කරති (ශු.කුර්ආනය 3.83)

11.  ළදරු වියේ පසුවන සියල්ලෝම මුස්ලිම් වරුන් යයි අපට කිව හැකිද

            මුස්ලිම් නොවන හෝ අදේව වාදී හෝ ඕනෑම පවුලක් උපදින සෑම දරුවෙක්ම උපතින් මුස්ලිම් වන බව ඉස්ලාමීය සංකල්පය වේ.දරුවෙක් තම හොද හා නරක හදුනා ගැනීමේ වයසට පිවිසෙන තුරු නිරතුරුව අවනත වීමට සිදුවේ. ඒ කාලය තුල ඒ දරුවා හෝ ළමයා මිය ගියහොත් ස්වර්ගයේ භාග්‍ය ලබයි.  තම ක්‍රියාවන් වලට දෙවියන් ඉදිරියේ වගකිව යුතු නැත. මුහම්මද් වක්තෘන් වහන්සේ  (එතුමාණන්ට ශාන්තිය අත් වේවා) මෙසේ පවසා ඇත.

            “දරුවෙක් තරුණ විය ලබන තුරුද, උන්මත්තකයෙකු උමතුවෙන් මිදෙන තුරුත්, සිහි විකල් වූ අයෙක් ප්‍රකෘති සිහිය ලබන තුරුත්, ඔහුගේ ක්‍රියාවන් වාර්තා ගත නොවේ”

ඉස්ලාම් - අඳුරෙන් ආලෝකයට


අඳුරෙන් ආලෝකයට


අයහපත් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායමක් යම් සමාජයක ජීවත්වීමේදී නොයෙකුත් අබියෝගයන්වලට මුහුණ දෙන්නට සිදුවේ. තවද, මුලු මහත් සමාජයම දුෂිත නම් තත්වය තවත් භයානකයි.

මෙවැනි සමාජයක ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ සමාජයේ අසමගියයි. සමහර අයහපත් ජනකොටස් ගෝත්‍රික වාදයක් ඇතිකරගෙන තම ගෝත්‍රය වෙනුවෙන් පාප ක්‍රියාවල යෙදෙති. මේ හේතුවෙන්ම එකම සමාජයක කුඩා ඒකක ගණනාවක් බිහිවීම නිසා එදිරිවාදිකම් ඇති වී විශාල වශයෙන් පිල්බෙදී එකිනෙකා ඇනකොටා ගැනීම සුලභ දර්ශනයක්වේ.

ඉහත සඳහන් කළ සමාජ ලක්ෂණ ඒ ආකාරයෙන්ම දැනට අවුරුදු 1500 කට පෙර අරාබි අර්ධද්වීපයේ දක්නට ලැබුණී. මෙම අරාබි සමාජයේ කිසිම අර්ථවත් යහපත් ජීවන සැලැස්මක් දක්නට නොලැබුණි.

එදා ඒ අරාබි සමාජය පිරිමි දරුවන් හා අශ්වයන් පමණක් ගෞරව ලෙස සැලකු අතර ස්ත්‍රීන්ට කිසිම අයිත්වසිකමක් නොලැබුනී. මෙනිසාම මොවුන් පවුලට අගෞරවය ගෙන දෙන අය වශයෙන්ද තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරන කෙලි භාණ්ඩයක් ලෙස ද පවත්වාගනු ලැබීය. මෙම අගෞරවයෙන් තම පවුල රැකගැනීමට සමහර ගෝත්‍රිකයන් තම ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. කාන්තාවන්ට කිසිම ආකාරයක නිදහසක් මෙම සමාජය තුල දක්නට නොලැබුණී. සිතූ විට විවාහකර ගැනීමටත් සිතූ විට ඔවුන්ව අත් හැරීමත් ඉතා පහසුවෙන් කළහැකිවූ අතරම ඕනෑ තරම් සුරතලියන් අසුරුකිරීමටද තහනමක් නොතිබුණී. පියා, සහෝදරයා හෝ තම ස්වාමිපුරුෂයා හැර යන වස්තුන්වල කිසිම අයිතියක් එදා කාන්තාවන්ට නොලැබුණි.

මත්පානය හා අනියම් සම්බන්ධතාවයන් ගෞරව කොට සැලකු ඔවුන් ඉතා පහත් නීච ක්‍රයාවන් වල යෙදී සිටියහ. එකිනෙකා අතර වෛරය පැතිර වූ ඔවුන් අවුරුදු සිය ගණනක් යුද්ධ කළහ. අහිංසකයන්ව වහල්භාවයේ තබා සතුන්ගේ තත්වයට පත්කළහ. දුප්පතුන් අධිකවූ අතර පොහොසතුන් ඔවුන්ගේ ශ්‍රමය සුරාකෑමට ලක් කළහ.
  
නිසි ඇදහිලි ක්‍රමයක්‌ නොතිබූ බැවින් තමන්ට හා තම ගෝත්‍රිකයන්ට රිසිසේ පිළිම තනා වැඳුම් පිඳුම් කළහ. ඔවුන්ගේ භාරයන් ඉෂ්ට කිරීම සඳහා නිර්වස්ත්‍රව දිනපතා මෙම පිලිම වටා ගොස් යාඥා කරන තරමට මිත්‍යා දෘෂ්ටික පිළිම වන්දනය උච්ඡ අවස්ථාවකට පත්ව තිබුණි.

මෙම අඥාණ අඳුරු යුගයෙන් මිනිස් සමාජය බේරා, මිනිසා මිනිසකු ලෙස ජීවත්වීම සඳහා මාර්ගයක් පිළිබඳව එම සමාජයේ ජීවත්වූ අතලොස්සක් පමණ යහපත් පුද්ගලයන් පෙරුම්පුරමින් කාලය ගතකළහ.
කාලය එළඹුණි, මොවුන්ගේ සිහිනය සත්‍ය කරමින් මෙම සමාජය යහපත සඳහා මෙහෙයවීමටත්,  මෙම භයානක ගමන් මඟ වෙනස්කර මෙම දුර්ජනයන් අඳුරෙන් ආලෝකයට ගෙන ඒමටත් සර්වඥ අල්ලාහ් දෙවියන් විසින් ලොවට දායාදයක්වූ මුහම්මද් නැමැති යහපත් සත් පුරුෂයාව තම වක්තෘවරයා ලෙස තෝරා ගන්නා ලදී.
කුඩා කල සිටම යහපත් පුද්ගලයකු ලෙස හා ශ්‍රේෂ්ටතම ගතිපැවතුම් වලින් පරිපුර්ණවූ මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමා තුල පහත සඳහන් ගතිපැවතුම් දක්නට ලැබුණී.

* අනුන්ට උදව්කිරීමේ පරාර්ථකාමීත්වය.
* මහා හෝ සුළු පාපක්‍රියවන්ගෙන් ඈත්වී යහපත පමණක් පැතිරවීම.( මේ නිසාම මෙතුමාට අල් අමීන් - විශ්වසවන්තයා, අස්සදික් - සත්‍යවන්තයා යන නාමවලින් අමතන ලදී.)
* තම නෑයන් හා මිතුරන් සමඟ පමණක් නොව සමාජයේ සියලූම දෙනා සමඟ සුහඳව ජීවත්වීම.
* මෙම සමාජයේ යහපත සඳහා වැඩි වැඩියෙන් උනන්දුවීම.
* ඉවසීම, තැන්පත්භාවය හා කාර්යක්‍ෂමතාවය.
* නායකත්වය හා පෞරුෂත්වය

මෙම සමාජය ගොඩගැනීමට අවශ්‍ය සියලුම සුදුසුකම් හා හැකියාවන්ගෙන් පිරිපුන් මෙතුමා මෙම සමාජයේ උන්නතිය තකා හද පතුලෙන්ම දුක් වුහ. මෙසේ මෙම සමාජය යහපත් සමාජයක් කරා රැගෙන යෑමට ක්‍රියාත්මක කලයුතු මංමාවත් සොයා මෙතුමා තනියෙන්ම අරගලයක නියුතු වුහ. මෙහි ප්‍රතිපලයක් ලෙස මෙතුමා හීරා නම් ගුහාවකට ගොස් තනියෙන් කල්පනා කරන්නට පුරුදු විය. මෙසේ කාලය ගෙවීයත්ම එතුමාගේ 40 වැනි වියෙහි මෙම හීරා ගුහාව තුල විශේෂ සිද්ධියකට මෙතුමා මුහුණ දෙන්නට විය. එනම් අල්ලාහ් දෙවියන් විසින් මිනිස් සමාජයේ විශිෂ්ට පෙරළියකට තුඩුදුන් යහපත් ජීවන සැලැස්මක් වන අල්කුර්නය මෙතුමා අතට පත් කිරීමයි.

(ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)  

ඉස්ලාමය හා කාන්තාව

ස්ත්‍රීන්

මිනිසා බිහිවීමට ස්ත්‍රීයක් අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රථම ස්ත්‍රීය බිහිවුයේ පිරිමියෙකුගෙනි. එනම් ආදම් (අලෙයි) තුමාගේ ඉල ඇටයෙන් ප්‍රථම ස්ත්‍රීය වන අවිව (රලි) තුමියව බිහිකරන ලදී. ඉන්පසු සෑම මිනිසකුම  ස්ත්‍රීය න්ගෙන්ම බිහිවන්නෝය. 

අල්ලාහු තආලා ස්ත්‍රීන් හා පුරුශයින්ව එක සමානව බලන්නේය. ඔවුන්ගෙන් උසස්වන්නේ "තක්වා" නැමැති දේව බිය භක්තිය ඇති අයයි. නමුත් අද පිරිමියා ස්ත්‍රීය තම කෙලි බඩුවක් ලෙස සිතා නොයෙකුත් වදවේදනාවලට ලක්කරයි. සමහරු ස්ත්‍රීය යනු දුෂ්ට බලවේග යයිද ඔවුන් පවුලට අවමානය ගෙනදෙන අය වශයෙන්ද සලකයි.

මෙයට අවුරුදු 1500 කට පෙර අරාබියේද  මෙයටත් වඩා දරුණු ආකාරයට ස්ත්‍රීන්ගේ උරුමයන් කප්පාදුකර ඔවුන්ට පහත නීච ආකාරයට වදදෙනු දක්නට ලැබුණි. ස්ත්‍රීයට වඩා ඔවුන්ට ඔවුන්ගේ අශ්වයා උසස් විය. සමහර ගෝත්‍රිකයින් ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. පිරිමියකුට ඕනෑ තරම් සංඛයාවක් විවාහ කරගෙනීමට හෝ සුරතලියන් ලෙස තබාගැනීමට පුළුවන් විය. ඉස්ලාමියිය ආධිපත්‍ය යටතට ලෝකය පත්වෙත්ම, ස්ත්‍රීන්ගේ තත්වය යහපත් වන්නට විය.

වර්ථමාන ලොව පවා විද්වතෙකු ලෙස සලකන, ග‍්‍රීකවරුන්ගේ ප‍්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ
කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප‍්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන පිරිසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියයති.

ග‍්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප‍්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් කාන්තාව පණ නැති වස්තුවක්ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා විනෝද වීම එම සමාජයේ පිරිමීන්ගේ විනෝදාංශයක් වූ බව ඉතිහාසයේ සදහන් වේ.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප‍්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප‍්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප‍්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් සතිපූජාවනමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

අද දියුණුයැයි කියාගන්නා යුරෝපය හා ඇමෙරිකාව වැනි රටවල් ස්ත්‍රීයව  වැළඳ භාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ව ප්‍රදර්ශනය කර මුදල් උපයයි. ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයවන ආකාරයට ඔවුන්ව මුල්‍යකරණයකර අන්ත අසරණ තත්වයකට පත්කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාවට හා සෙනහසට සිටිය යුතු පියා, සහෝදරයා හෝ ස්වාමි පුරුෂයා ඔවුන්ලවා මුදල් උපාය ගන්න තරමට පහත් තත්වයකට පත්ව ඇත.  මෙම රටවල්වල මෑතක වනතුරුත් ඔවුන්ගේ අයතිවාසිකම්වලට වැටකොළු දමා වසා තබන ලදී. ඔවුන්ගේ නමින් වස්තූන රැස්කිරීම හෝ පාලනය කිරීම තහනම් කර තිබුණි.  

කාන්තා සංවිධාන මහමගට බැස සටන් වැදී තම උරුමයන් ලබගැනීමට වෙහෙසවුහ. ජීවිත පරිත්‍යාග කළහ. මෙයට ප්‍රධාන හේතු වශයෙන් අප දකින්නේ පිරිමියා විසින් නීති රීති සම්පාදනය කර පිරිමි ආධිපත්‍යයට ඔවුන්ව නතු කිරීමයි.

නමුත් ඉස්ලාම් ධර්මයට මෙයට හාත්පසින්ම වෙනස් ස්වරුපයක් ගනී. ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනිකවූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.

ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේයයනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : අහ්මද්

දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇතයනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : බුහාරි

අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි. ග‍්‍රන්ථය : බුහාරි.

තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කලනොහැකිදේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් ක්‍රියාකිරීමට ඉඩ ප්‍රශ ලබාදී තිබෙන අතර සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4:1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප‍්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද? දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට අපට ඇති අයිතිය කුමක්ද?

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්

* විවාහයකදී මනමාලියගේ කැමැත්ත
* දික්කසාද වීමට පුර්ණ අයතිය
* මව, පියා, සහෝදරයා, පුත්‍රයා හැ ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවැල අයිතිය.
* තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
* අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
* අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්

* බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
* විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
* අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.

පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය. ශුද්ධ වු අල්කුර්ආනය 4-124

යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු. ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්තී‍්‍රය හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.
ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය. ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය.

රත් වු මන්නාරම ගැන අමාත්‍ය රිෂාඩ් කතා කරයි....

මධ්‍යස්තව සිතා බලන්න. අහිංසකයන්ට කරන තාඩන පීඩනවලට අපේ විරෝධය සාමකාමිව පෙන්වමු.


රත් වු මන්නාරම ගැන අමාත්‍ය රිෂාඩ් කතා කරයි.... from Young Asia Television on Vimeo.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons