හරාම් හරාම් මත්ද්‍රව්‍ය හරාම්!!!

අද දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැව්දුන් හඬයි ඒ. හරාම් යනු ඉස්ලාම් ධර්මයට අනුව තහනම් දේ හඳුන්වන පොදු නාමයයි. බොහෝ විට කොටුව දුම්රිය පොළ ඉදරිපිට අප දැක්කේ ජේ වී පෙ සාමාජිකයින් හෝ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාරයන්ය. නමුත් අද එයට හාත්පසින්ම වෙනස් සටන් පාටයක් සහිත පුවරු දක්නට ලැබිණි. එනම් 

එපා එපා මත්ද්‍රව්‍ය එපා !! හරාම් හරාම් මත්ද්‍රව්‍ය හරාම්!!!!

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික්ක මස්ජිඩ් සම්මේලනයේ ලේකම් තුමා පැවසුවේ අද හරාම් යන වචනයට නව ගැම්මක් ලැබුණු බවයි. හේතුව මෙයට පෙර හලාල් යන වචනය මුල් කරගෙන රටේ නොයෙකුත් මති මතාන්තර පැතිර ගිය අතර සමහරු එයට වැරදි අර්ථ කථනයන් දී දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දැරුහ. අවසානයේදී ඔවුන් සියල්ල අන්ත පරාජයට පත්වුහ.

කොළඹ මුස්ලිම් පල්ලි සම්මේලනය, මුස්ලිම් තරුණ සමිතිය හා අන්තරා දායක ඖෂධ වැළැක්වීමේ ආයතනය
එක්ව මෙය සංවිධානය කර ඇති අතර මේ සඳහා කොළඹ මුස්ලිම් දේවස්ථාන 168ක් හා අනෙකුත් ආගමික දේවස්ථානයන්හි සහභාගීත්වයෙන් ඉතා සාමකාමිව සවස 5.30 නිමා විය.

මෙහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ 
යහ පාලනය විසින් මෙම මත්ද්‍රවය ව්‍යාපාරය යම් මට්ටමකට හෝ පාලනය කරයිද යන්නයි.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons