‘‘හිත ඇත්නම් පත කුඩා නොවේ‘‘


2014 සැප්තැම්බර් මස 02 14:21:15 | කෝවිද ගුණසේකර
ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් පා හා හිස සිරුරට ඇලී ඇත.
සාමාන් මිනිසෙකු මෙසේ පෙනුමින් යුක්තවී නම් ඔහු ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අත්හැර ගනු ඇත. නමුත් ක්ලෝඩියෝ එවැන්නෙකු නොවේ.
ආර්ථීක විද්යා උපාධිධාරියෙකු වන හෙතෙම සැලකිය යුතු වැටුපකට හිමිකම් කියන්නේය. තම නිදහස් කාලය ඔහු ගතකරන්නේ අනෙක් අයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් දේශන පවත්වමිනි.
‘‘උපත ලැබුවහම ඔක්කොම අය මගේ අම්මට කියලා තිබුණේ මට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා.‘‘ ක්ලෝඩියෝ තම අතීතය සිහිපත් කරන්නේය.
නමුත් ඔහුගේ මව වන මාරියා ජොසේ වෙයිරා කිසිවකට කන් නුදුන්නාය. හැකි සේ දරුවා හදා වඩා ගැනීමට ඉටා ගත්තාය.
‘‘මුල් කාලයේ අමාරු වුණා තමයි. නමුත් පස්සේ ඔක්කොම හරි ගියා. දැන් මගේ පුතා ඉන්න තැන බලන්න. මට හරිම ආඩම්බරයි ඔහු ගැන‘‘ ඇය කියන්නීය.
ක්ලෝඩියෝ ලියන්නේ තම මුඛයේ සිරකරගන්නා පෑනකිනි. ඔහුට පරිගණකය, ජංගම දුරකථනය පවා භාවිතා කිරීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී තම පවුලේ සාමාජිකයින් සමග ඔහු ඇවිදීමටද යන්නේය.
මුලින් පාසල් නොයැවීමට සිතා සිටියද ක්ලෝඩියෝගේ ඇවිටිලි නිසා අවසානයේ ඔහු පාසැල් යැවීමට මාරියා කටයුතු කර තිබෙන්නීය. ගුරුවරුන්ගේ සිත් දිනාගෙන පැමිණි ගමන ක්ලෝඩියෝ අවසන් කර ඇත්තේ විශ්වවිද්යාලයටද ඇතුළුවී ආර්ථීක විද්යා උපාධියක්ද හිමිකර ගැනීමෙන් පසුවය.
වෙන අය තමන්ට කිසිදා ලබා ගත නොහැකියැයි කියූ සියලූදේ හිමිකරගෙන තමන් දැන් ගත කරන්නේ සැපවත් දිවියක් යැයි ක්ලෝඩියෝ පවසයි‍.
‘‘මම වෙනස් තමයි. ඒත් මම ඒක මගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. දැන් මම කොහෙත්ම මම අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් කෙනෙක් විදිහට දකින්නේ නැහැ. මමත් සාමාන් කෙනෙක්‘‘ඔහු තමන් ගැනම උපන් අභිමානයෙන් කියයි.
ක්ලෝඩියෝගේ මෙම තත්ත්වය අස්ථී නිසි පරිදි වර්ධනය නොවීම නිසා හටගෙන ඇති විකෘතිතාවයක් ලෙස වෛද්යවරු හදුන්වයි. වෛද් විද්යාවේ මෙම තත්ත්වය හදුන්වනු ලබන්නේ ‘‘ආර්ත්රෝග්රයිපොසිස් ‘‘ලෙසය.
අත පය සතර හොදින් ඇතද අනුනට අත පාන,දුක් කම්කොටලූ මැද තැවි තැවී සිටිනවා විනා නැගිට ඉදිරියට යෑමට වෙර නොදරන අය හට  දුක් කරදර මැද ජීවිතය ජයගෙන ඇති ක්ලෝඩියෝ කදිම ආදර්ශයකි.




 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons