පළමුව මවුබිම - දෙවනුව ජාතිය අත්වැල් බැඳ ගනිමු


දයාබර බොදු බල සේනා සභිකයිනි

මදක් නවතින්න. සන්සුන් වන්න. ඔබ ඔබගේ යන ගමන ගැන නැවතත් මදක් සිතන්න. 
ඔබට අවශ්‍ය මුස්ලිම්වරුන් සමග යුද්ධයක්ද ?
එසේ නොමැතිනම් ඔබගේ රටේ ඔබගේ ජාතික අනන්‍යතා ආරක්ෂාකර ගනිමින් සාමකාමීව ජීවත් වීමටද ?
ඔබ අනුරාධපුර මුස්ලිම් සොහොන් බිම් කඩා ඉවත් කළ විට අප ඒ වෙනුවෙන් උද්ගෝෂණය නොකළෙමු 
ඔබ දඹුල්ල පල්ලිය කඩා සුනු විසුනු කර අනවසර ඉදිකිරීම් ලෙස කීවිට, අපද පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය දුනිමු
ඔබ හලාල් එපා කියූ විට අප හලාල් නැවැත්වූවෙමු.  අපනයන කරුවන්ගේ ඉල්ලීම මත පමණක් අපනයන භෝග පිටරට යැවීමට පමණක් දැන් හලාල් නිකුත්වෙමින් පවතී. ඔබට එයත් අවශ්‍ය නම් කියන්න එයත් නවත්වන්නම්
ඔබ කූරගල ඉල්ලුවිට පල්ලිය පමණක් ඉතිරි වන ලෙස තබා 90% ප්‍රමාණයක් භූමිය ඔබ වෙත නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කළෙමු.
ඔබ මුහුණු සම්පූර්නයෙන් වසා ගෙන බුර්කා සඳහා විරෝදය දැක්වූ විට අප ඔබට අවනතව මුහුණ විවෘතව ඇඳුම් ඇඳීමට අපගේ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටියෙමු
ඔබ රාමසාන් මාසයේ ශබ්දවාහිනී භාවිතා නොකරන ලෙස ඉල්ලන ලද කළ අප එයට අවනතව ශබ්ද වාහිනී භාවිතා නොකරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
ඔබ නෝ ලිමිට්, ෆැෂන් බග්, මාවනැල්ල, අලුත්ගම සහ අනෙකුත් මුස්ලිම් ව්‍යාපාර විනාශ කරන විට අප ඔබ දෙස කරුණා මෛත්‍රී උපේක්ෂාවෙන් බලා සිටිමු
ඔබ දර්ගා නගරයේ නිවාස කඩ සාප්පු 184 ක් විනාශ කර කෝටි ගණනක දේපල හානි කළවිටද අප අපගේ ජනතාවගෙන් ඉල්ලා සිටි එකම දේ නැවතත් වසර ගණනාවකට ඇදෙන යුද්ධයකට හේතු පාදක වන ලෙස කටයුතු නොකරන ලෙසයි.

දයාබර මහතුනේ,
ඔබ මේ ගනු ලබන මග නිසා ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන් වෙමින් පවතී
ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට විදේශිකයින් පැමිණීම වෙනුවෙන් නව කොන්දේශි ඉදිරිපත් වුයේ ඔබලා නිසා 
යුරොපිය හවුල මෙරටට පැමිණෙන සියලුම විදේශිකයින් වෙනුවෙන් නව කොන්දේසි ඉදිරිපත් කලේද ඔබලා නිසා 
ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් රාජත්‍රාන්ත්‍රික මට්ටමේන් අප්‍රසාදාත්මක නිල ප්‍රකාශ ඉදිරිපත් වුයේ ඔබලා නිසා
UNHCR එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලය නැවතත් නව මානව හිමිකම් ප්‍රකාශ නිකුත් කරන්න ගත්තේ ඔබ නිසා
CNN, BBC, NYTimes, TheNation, AlJazeera සහ ලොවේ සියලුම ප්‍රධාන පෙලේ මාද්‍ය ශ්‍රී ලංකාව අවමානයට ලක්වන ලෙස ප්‍රකාස නිකුත් කලේ ඔබලා නිසා
ලෝකයේ සිටින සියලුම මානව හිතවාදී සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෙලා දකින ප්‍රකාශ නිකුත් කලේ ඔබ නිසා 
කෙටින්ම කිවහොත් මේ රට අරාජික වෙමින් පවතින්නේ ඔබ නිසා 

හිතවතුනි, 
ඔබ ඇත්තටම මේ රටේ අනාගතය ගැන සිතනවාද ?
ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ අවමන්  කිරීමට ඔබ සැරසෙන්නේ රට ගැන ආදරකින්ද ?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා කප්පල් කිරීමට ඔබ ක්‍රියා කරන්නේ මතු පරපුරට ආදරයෙන්ද ?
ශ්‍රී ලකාවේ යුද්දයක් නැවතත් ගෙන ඒමට ඔබ උත්සාහ කරන්නේ වසර 27 ක් ඔබ අප සියලුම දෙනා ගෙවූ කරුමය මද නිසාද ?
ශ්‍රී ලංකාවේ ගොඩ නැගීම පසෙක තබා මේ රට අරාජික කිරීමට සැරසෙන්නේ ඔබ මේ රටට ඇති ආදරයක් නිසාද ??

ඔබට ගැටළු තිබෙන බව සැබෑය ඒ මේ ලොවේ කිසිවෙකුත් ගැටළු නොමැතිව නැති නිසාය.
ඔබගේ ගැටළු විසඳීමට ඇති එකම මග සාකච්චාවයි, සම්මුතියයි., එකගතාවයි. 
පටු අදහස් රටේ වපුරවා රට අරාජික නොකොට, ඔබගේ ගැටළු ප්‍රජාත්‍රන්තවාදීව ලබා ගැනීමට කටයුතු කරන්න
ඒ සඳහා අත්වැල් බැඳ ගැනීමට අප සූදානම් 
ඔබ සූදානම්ද ?

මෙයට
ඔබ සමග සැමදා එකට අත්වැල් බැඳගෙන සිටින ඔබේම සහෘද
අබ්දුල්ලාහ් 

-- 
පළමුව මවුබිම - දෙවනුව ජාතිය
අත්වැල් බැඳ ගනිමු 

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons