දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

E-mailPrintPDF
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.
උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. 
ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.
ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.
අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.
ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.
ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.
ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ.
කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක් ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.
නැතිනම් අපරාදේ ඔය සරීරෙ? 
- w3lanka.com

ඥානසාර හිමියන් ජීවිත පුජා කරයිද?

දඩබ්බර කොලුවා යනුවෙන් අප අමතන්නේ කොලුවයසේ පසුවන එනම් ඥානසාර හිමියන්ගේ වචනෙයන් කියනවා නම් මේ කොලුපුට්ටන්ගේ වැඩ යනුවෙනි. නමුත් ස්වාමින්වහන්සේ නමකට එසේ කිව නොහැකිය. හේතුව සිවුරට තිබෙන ගෞරවය හේතුකොටගෙන සංවරභාවය ඒ තුල ගැබ්ව ඇති නිසාය. නමුත් ඥානසාර හිමියන් පිළිබඳව නම් එසේ අදහස් කල හැකිද?

තමන් කොලු කාලේ සිවුර දමා සිටිද්දී සිදුවූ සිද්ධියක් ගණන් ගත නොහැකි යන්න ඥානසාර හිමියන් විසින් පවසනු ලැබූ අතර ඔහු විසින් කරනු ලැබුවේ උත්තම මිනිසකු බේරාගැනීම සඳහා කල ආත්ම පරිත්‍යාගයක් බවද එනම් කැපකිරීමක් වශයෙන් නිර්වචනය කරන ලදී. නමුත් ප්‍රශ්නය ඇත්තේ රිය අනතුර සිදුකිරීම මත හෝ වලංගු බලපත්‍රයක් නොමැතිකම නොවේ. 

මෙහිදී ආන්දෝලනයට භාජනය වී ඇත්තේ සාමාන්‍ය බෞද්ධයකුට වුවද තහනම් කර ඇති බුදුන් විසින් පිළිකුල් කර ඇති මත්පැන් පානය කිරීමය. ස්වාසනාල පරීක්ෂණයකින් එය ඔප්පුවී තිබීම බරපතල චෝදනාවකි. කැපකිරීමක් නම් ස්වාසනාල පරීක්ෂණය කලේ හමුදා නිලධාරියාටද යන ප්‍රශ්නය පැනනැගී ඇති බව කිව යුතුය. 

නමුත් මෙහිදී තව ප්‍රශ්නයක් පැනනගී, එනම් හමුදා නිලධාරියා වරද කරු බව දැන දැනම පොලිසිය ඥානසාර හිමියන්ව වරදකරු කලේද? එසේ ඥානසාර හිමියන්ව වරදකරු කරන ලෙස ඥානසාර හිමියන්ම ඉල්ලා සිටියා විය හැකිය. හේතුව ඔහු පවසන්නේ ඔහු මෙහිදී කැප කිරීමක් කල බවය. කැප කිරීම කර ඇත්තේ බේබද්දෙක්ටද? කෙසේ වෙතත් මෙය ආත්ම පරිත්‍යාගයක් ලෙස සැලකිය හැකිද? යන්න ඥානසාර හිමියන් විසින් සිංහල බෞද්ධයන්ට ඔප්පුකලයුතුය. 

ගව ඝාතනයට එරෙහිව කියමින් දිවි නසා ගත් ඒ ස්වාමින් වහන්සේ ආත්ම පරිත්‍යාගයක් කල බව හා ඔහු ගෞරවයෙන් සැලකිය යුතු බවත් එහිදී වටින්නේ චේතනාව බවත්  ඥානසාර හිමියන්විසින් පුන් පුනා පැවසූ බව අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් ඥානසාර හිමියන් තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට දෙරණ රුපවාහිනි කාර්යාල ඉදිරිපිට පෙට්රෝල් වත් කර ජීවිත පුජාවක නියැලීමේ උත්සහයක යෙදිය හැකිය. ඒ බැවින් ඥානසාර හිමියන් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

මෙයට 

ෆේන් ඔෆ් ඥානසාර හිමියන් 

Tafseer Surah Tin (waththeen)

Tafseer Surah Tin

This is post #28 in our series on Tafseer of Juz ‘Amma (click the link to see all posts in this series).
tiyn-and-zaytoon
Tiyn and Zaytoon–the fig and the olive.
Allah says, in Surah At-Teen:
وَالتِّينِ وَالزَّيْتُونِ
وَطُورِ سِينِينَ
وَهَذَا الْبَلَدِ الْأَمِينِ
Translation: By the fig and the olive. And [by] Mount SinaiAnd [by] this secure city [Makkah], … [Surah At-Tin, verses 1-3]
Allah is testifying. Allah, the Lord of the Universe, wants us to take something extra-extra-super-specially-important. We should always ask, ya Rabbi, why are you testifying?
As we mentioned before, testifications show the immensity and greatness of the thing testified by. Insha’Allah you will find lots of benefits in olilves (and olive oil), and in figs (possibly even the dried ones).
And beware, there are a lot of fabricated ahadith about the benefits of this or that. Like “if you eat eggplant, you’ll be untouched by Hellfire.” Who fabricated them? Eggplant farmers! (And other merchants of specific foods.)
Toori-Sineen, refers to Mount Sinai–the place where Musa (alayhi salaam) spoke to Allah. A very blessed place–just like “this city (Mekka),” also known in Arabic as Makkah Al-Mukarramah, or “the noble city.”
The maqsoom ‘alayh (thing testified to) is:
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
Translation: We have certainly created man in the best of stature; [Surah Tin, verse 4]
That is, that humans are the best and most beautiful shape; we stand upright; we have opposable thumbs; and we lower our heads in submission to Allah.
One of the four great imams (I believe it was Imam Ash-Shafi’ee), rahimahullah, was once asked: “I told my wife, you’re divorced if you’re not more beautiful than the moon!” (Arabs considered the moon very beautiful.) “So am I divorced?”
Imam Ash-Shafiee thought about it, and said, “no … because your wife is more beautiful than the moon!” And the guy got angry and was ready to punch him out, like “have you been looking at my wife?!” kinda thing.
And the imam, rahimahullah, quoted this ayah–that we created humans in the BEST of forms. Subhanallah!
But there’s a catch! Allah continues:
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ
Translation: Then We return him to the lowest of the low, [verse 5]
This meaning is similar to Surah Al-Asr–that “all humans are in loss,” by default, it’s like a water-slide; you just let go and let the dunya take you, and by default, you lose.
Then Allah spells out the recipe for success, how to be exceptional from this group of losers:
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
Translation: Except for those who believe and do righteous deeds, for they will have a reward uninterrupted. [verse 6]
Again, similar meaning to Surah Al-’Asr.
Then the final two verses:
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ
Translation: So what yet causes you to deny the Recompense? Is not Allah the most just of judges? [verses 7-8]
The recompense means, the Day of Judgment, and the Hisaab–the final recompensation for every little thing that you did, good or bad. And we’ll discuss the final verse in the grammar, insha’Allah.
Wallahu ta’ala ‘alam. Insha’Allah we’ll post a subsequent post on the Arabic grammar, to try and keep each post short, insha’Allah.
Action Items: What else do you know from the tafseer of Surah At-Teen? Post a comment insha’Allah and share it with us!
References:

මස් කඩ හා මුස්ලිම්වරු

ශ්‍රී ලංකාවේ අද දවසේ හැම දෙනාගේම කථා බහට ලක් වූ මාතෘකාවක් වී තිබෙන්නේ සත්ව ඝාතනය, සත්ව හිංසනය නැතිනම් ගව ඝාතනය. එයිනුත් විශේෂයෙන්ම ‘ගව ඝාතනය’ යන කාරණාවේදී, මුස්ලිම්වරු පමණක් සම්බන්ධ කරමින් කථාකිරීමක් පැහැදිලිවම ඉස්මතු වී තිබෙනවා.

මුස්ලිම්වරුත් හැමදාම ගව මස්වල පෝෂණ ගුණය ප්‍රයෝජනය ගැනයි, පණ තිබෙන්නේ ගවයාට පමණක් ද? අනෙක් ආගම් දහම්වල ගව මස් අනුභවයට අනුමැතිය තියෙනවාද නැත්ද? කියන ‍තෝරාගත්තු තර්ක ටිකක් විතරයි ඉදිරිපත් කරන්නේ.

දැන් මුස්ලිම්වරු කල්පනා කළ යුත්තේ, මෙපමණ විවේචන දෝෂාරෝපන එල්ල වෙද්දී ‘ගව මස් වෙළඳාම’ අනිවාර්යේයෙන්ම යෙදිය යුතුමද? කියන කාරණාවයි. අපි මෙම කාරණාව සරල සංගණන දත්ත සමග සාකච්ඡා කරමු.

ටෙන්ඩර් සහ මුදල්:

රජය මගින් පළාත් පාලන ආයතන හරහා වාර්ෂික ‘ටෙන්ඩර්’ කැඳවීමකින් ‘මස් කඩ’ සඳහා නිකුත් කරන අනුමැතිය, සෑම අවුරුද්දකට වතාවක්ම අළුත් කරවා ගත යුතුයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක මස් කඩ ටෙන්ඩරයක් මිලියන දෙකේ (ලක්ෂ විස්ස 2,000,000/=) සිට මිලියන හතර දක්වා වන මිළකට අලෙවි වෙයි. මීට වඩා වැඩි මිළකට සහ අඩු මිලකට අලෙවි වන ප්‍රදේශද ඇත.

එක ටෙන්ඩරයක සාමාන්‍ය වටිනාකම මිලියන එක (ලක්ෂ දහය) ලෙස ගෙන ලංකාවේ තිබෙන ‘මස් කඩ’ වල එකතුවෙන් වැඩිකළ විට වසරක් තුල රජය ලබන ආදායම ගණනය කළ හැක.

මස් සඳහා ගවයින් අලෙවි කිරීම:


සාමාන්‍යයෙන් ගවයෙකුගේ මිළ රු. පහලොස් දහසේ (15,000/=) සිට හතලිස් දහස (40,000/=) දක්වා වෙයි. ලංකාවේ සියයට 95% ගව පට්ටි පාලනය කරන ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වී ඇත්තේ මස් කඩවලට ගවයින් විකිණීමයි. මෙම වෙළඳාමේ යෙදී සිටින්නේ මුස්ලිම්වරු පමණක් නොවෙයි. (5% ත් නැත)

එක ගවයෙකුගේ මිළ 20,000/=(අඩුම මිළ) ක් ලෙස ගෙන දිනකට ඝාතනය කෙරෙන ගවයින්ගේ ප්‍රමාණයෙන් වැඩිකළ විට මස් සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම බලාගත හැක.

මිළ තීරණය වීම:

ගව මස් කිලෝවක මිළ තීරණය වීමේදී ටෙන්ඩරයේ වටිනාකම, ගවයාට ගෙවූ මුදල, ප්‍රවාහන වියදම, සේවක පඩි නඩි සමග ‘සන්තෝසම්’ හැටියට රජයේ විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ පහළ නිලධාරින් ‘නොමිළේ’ කඩාගෙන යන මස් කුට්ටි වල පාඩුවත් එකතු කළ විට කිලෝවල රුපියල් 450/= වඩා අඩුකර ගත නොහැකි තත්වයක් පවතී. මෙම බර පැටවෙන්නේ මස් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගේ පඩි පතටය.

නිගමනය:

ගව මස් වෙළඳාමෙන් වසරකට ලැබෙන කෝටි ගණනක ආදායම රජයටය. මස් සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම ගව පට්ටි පාලනයේ යෙදෙන ගැමියාටය. මොවුනගෙන් බහුතරය සිංහල ජනතාවය.

ඇත්ත තත්වය මෙසේ තිබියදී අපරාදේ බැනුම් අහන මුස්ලිම්වරුන්ගෙන් ගව මස් වෙ‍ළඳාමේ යෙදෙන ගණන සියයට 5% වත් නැත.

ගව මස් පරිපූර්ණ ප්‍රෝටීන සපයන ආහාරයක් බව ඇත්තකි. ගව මස් වෙළඳාමෙන් රජයටත් ජනතාවටත් ආදායම් මාර්ගයක් විවෘත වී ඇති බවද ඇත්තකි. මෙම සියළු පසුබිම සමග පළමුව මුස්ලිම්වරු වෙත ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

1. මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද?
2. මුස්ලිම්වරු ‘මස් කඩ’ ටෙන්ඩර් මිළදී ගැනීමෙන් වැලැකී සිටිය නොහැකිද?
3. මුස්ලිම්වරු ගව මස් වෙනුවට (විකල්ප) ප්‍රෝටීන බහුල ආහාරයකට යොමු විය නොහැකිද?

මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන තුරු මුස්ලිම් නොවන ජනතාවට කිවයුතු පණිවියක් ද ඇත, එනම්:
ගවයින් (මස් සඳහා) ඝාතනය කරන්නේ මුස්ලිම්වරු පමණක් ලෙසත්, එම මස් අනුභව කරන්නේත් මුස්ලිම්වරු පමණක් ලෙසත්, වෙනත් කිසිවෙකු ‍‍මීට අදාල නොවන ලෙසත් ‍පෙන්වීම අසාධාරණය; යුක්ති සහගත නොවේය.

Farzan – UK
සිංහල අනුවර්ථනය: හිෂාම් හුසේන්, පුත්තල

ගව ඝාතනය පිලිබඳ යතාර්ථය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි තම ජීවිතය පුජා කරමින් ඉල්ලීම් කිහිපයක් රජය හා රට ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේගේ ආදාහන උත්සවය ඇමතු බහුතරයක් විසින් රැස්ව සිටි පිරිස වෙත පවසා සිටි කරුණු අතුරින් වඩාත් වැදගත් තැනක් ගත්තේ ගව ඝාතනයයි. මෙය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලනයට ද ඉතාම සංවේදී සටන් පාඨයක් බව අප සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. මෑතකදී එක් කණ්ඩායමක් විසින් හලාල් මාතෘකාව පදනම් කරගෙන අති විශාල වාර්ගික පිළිකුලක් ඇති කරන්නට කටයුතු කරන ලදී.

මෙහිදී වඩාත් කැපී පෙනුණු සාධකය වුයේ බුදු දහම හා සිංහල ජාතිය ආරක්ෂා කිරීම කඩතුරාවක් කරගෙන දහමේ නාමයෙන් මුසාවාදය වපුරා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කොට තම ජන පදනම ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමයි. සමාජයක් නරක එකක් බවට පත්වන්නේ නරක මිනිස්සු නිසාම නොවේ. එය එසේ වීමට ප්‍රධාන හේතුව බහුතරයක් වූ යහ මිනිසුන්ගේ නිහැඬියාව නිසා බවයි අපගේ මතය වන්නේ. ගව ඝාතනය හලාල් ප්‍රශ්නයට වඩා සංවේදී හා ආකර්ෂණීය එකක් බවට පත් කර ගැනීමේ ඉඩකඩ වඩාත් වැඩි හෙයින් මේ පිළිබඳව යතාර්ථ වාදීව සලකා බැලීමේ අවශ්‍යතාවය මතුවී ඇත. සමාජය තුල විවිධ සංවේදී මාතෘකා පදනම් කරගෙන ජනතාව උද්වේගයට පත්කොට තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින සුළු පිරිසක් මෙරට ක්‍රියාත්මක හෙයින් මෙම මාතෘකාව පිළිබඳව විවෘතව කරුණු සාකච්චා කිරීම වැදගත්කොට සලකන්නෙමු.

මාංශ අනුභවය හා සතුන් කැපීම පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේදී නිරායාසයෙන්ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන් වෙතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. මෙම තත්වය උදාවී ඇත්තේ සත්‍යය වශයෙන්ම අනවබෝධය නිසා බව අපි සිතන්නෙමු. මෙම හේතුන් නිසාම මෙම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලිය යුතුව ඇත. පහතින් ඉදිරිපත් කරන්නට වෑයම් කර ඇත්තේ මේ පිළිබඳ විග්‍රහයකි. කරුණාකර විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. සතුන් කැපීම තහනම් කිරීමට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා මතුවෙමින් පවතින නිසා පළමුව ඒ පිළිබඳව සලකා බලමු.

1. මාංශ අනුභවය ඉස්ලාමයේ අනිවාර්ය කරුණක් නොවන හෙයින් සමස්තයක් වශයෙන් සත්ව ඝාතනය හෝ ගව ඝාතනය පමණක් හෝ තහනම් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය විරුද්ධතාවක් ඉස්ලාමිකයින්ට නොමැත. නමුත් එහි අතුරු ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙහි අදූරදර්ශීභාවය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

2. පශු ආර්ථිකය රැඳී ඇත්තේ කිරි හා මාංශ මතය. මහා පරිමාන ගොවිපොළවල් ලංකාවේ ඇත්තේ කිහිපයක්
පමණකි. වැඩි පුරම කිරි නිෂ්පාදනය සිදු කරන්නේ කුඩා සත්ව ගොවිපොළවල් පවත්වා ගෙන යන්නන්ය. කිරි නිෂ්පාදනය, ප්‍රජනනය හා බැඳුනු ක්‍රියාවලියකි. මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. සුළු හෝ මහා පරිමාන ගොවිපොළවල්වල බිහිවන පිරිමි සතුන් නඩත්තු කිරීම සඳහා අමතර වියදමක් ගොවිපොළ හිමියන්ට සිදුවන්නේය. මෙම පිරිමි සතුන් පිරිවැයක් දරා නඩත්තු කොට කිරි ගොවියා ලබන ආදායම කුමක්ද? මෙසේ නඩත්තු කටයුතු කිරීමට කිරි වලින් පමණක් ලැබෙන ආදායම ප්‍රමාණවත් වේද? කරත්ත ප්‍රවාහනය හා එල හරක් කුඹුරු ගොවිතැනට යොදා ගැනීමක් මෙරටේ දැනට තිබේද? මී හරක් පවා ක්‍රමයෙන් කුඹුරු ගොවිතැනින් ඉවත් වී යාන්ත්‍රීකරණයකට අප මුහුණපා ඇති යුගයක පිරිමි එල හරකුන් සම්බන්ධව ඇති ආර්ථික උපයෝගීතාව කුමක්ද? ‘පින් ගොනා’ යනුවෙන් නම් තබා මෙම පිරිමි සතුන් ලිහා හැර තම වගකීමෙන් කිරි ගොවියා මිදෙන්නට කටයුතු කළහොත් මෙයින් සිදුවන අනර්ථකාරී ප්‍රතිඵල කෙරෙහි අප අවධානය යොමු කොට ඇත්ද? පිරිමි සතුන් පමණක් නොව වයස් ගත වීමෙන් ගැහැනු සතුන්ද ප්‍රජනන ක්‍රියාවලියෙන් ඉවත් වන තත්වයක් උදාවන හෙයින් මෙම සතුන් ආදායමින් තොරව පිරිවැයක් දරා නඩත්තු කිරීමට කිරි ගොවියාට සිදුවේ. මෙය කිරි ගොවියාගේ වර්තමාන ආදායම් තත්වය තුළ කළ හැකි ක්‍රියාවලියක් ද? තීන්දු ගැනීම හුදු උද්වේගය මත පමණක් පදනම් වන විට ඇතිවිය හැකි අනර්ථකාරී විපාකයන් මෙම කරුණු වලින් හෙළිදරව් නොවන්නේද? කිරි ගොවියා ආර්ථික බංකොලොත්භාවයට තල්ලු කිරීමක් මෙයින් සිදු නොවන්නේද? කිරි පිටි ආනයනය කොට ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව විදේශ කිරි ගොවියාට ගෙවන තත්වයෙන් මිදී දේශීය කිරි ගොවියා ශක්තිමත් කොට කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහය ලත් තැනම ලොප් කොට දේශීය කිරි ගොවියා විනාශ කර දමන්නට මෙයට වඩා සුදුසු යෝජනාවක් ඇත්දැයි නොසිතිය හැකි තරම්ය.

3. තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී එහි යහ ප්‍රතිඵල නෙළමින් සිටින අවධියකයි අප සිටින්නේ. සංචාරක කර්මාන්තය මෙලෙස දියුණු වන තත්වයක විදේශ විනිමය ඉපැයීම, නව රැකියා අවස්ථා බිහිවීම හා විදේශ ආයෝජනය මෙම ක්ෂේත්‍රයේ වැඩිපුර සිදුවීම දැනට සිදුවෙමින් පවතී. මෙම විදේශ සංචාරකයින්ට තරු පහේ හෝටල් වලින් දිය හැක්කේ නිර්මාංශ ආහාර පමණක් යන ප්‍රවෘත්තිය ජාත්‍යන්තරව ප්‍රචාරය වුවහොත් සංචාරක කර්මාන්තයට සිදුවිය හැක්කේ කුමක්ද? විදේශ සංචාරකයින්ගේ ජනප්‍රියතම භෝජනය Beef Steak නොහොත් තෙම්පරාදු කළ ගව මස් පෙත්ත බව නොදන්නෙක් නැති තරම්ය. ඔවුන්ට පමණක් දේශීය වශයෙන් හෝ ආනයනය කළ ගව මස් සපයන්නේ නම්, එය ගව මස් අනුභවය කැමති වූ දේශීය ජනයාගේ මුලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බවට පත් නොවන්නේද? ශ්‍රෙෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේ සම්බන්ධව ඉදිරිපත් වුවහොත් ඇති විය හැකි තත්වය කුමක්ද? ගව මස් ආනයනය කළවිට අප නැවත වරක් දේශීය කිරි ගොවියාට ආර්ථික ප්‍රහාරයක් එල්ල කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීමට කටයුතු නොකරන්නේද?

4. වෙළඳ පොළේ භාණ්ඩ මිල රැඳී ඇත්තේ සැපයුම හා ඉල්ලුම මතය. එක් ආහාර වර්ගයක් වෙළඳ පොළෙන් ඉවත් කළ විට අනෙකුත් ආහාර වර්ග වල පාරිභෝජනය වැඩිවී මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවන්නක්. මෙම මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍ෂණිකව අනෙකුත් භාණ්ඩ සැපයුම වැඩි කිරීමේ ක්‍රමවේදයක් වහාම සිදුකළ හැකි වන්නේද?

5. සත්ව තෙල් විවිධ කර්මාන්තයන්ට උපයෝගී කර ගැනීමක් සිදු වේ. මෙම තීන්දුවෙන් දේශීය සත්ව තෙල් සැපයුමට සිදුවන්නේ කුමක්ද? සත්ව තෙල් සැපයීමේ කටයුත්තේ යෙදී සිටින්නන් ගේ රැකියා අවස්ථා ගිලිහී යාම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විකල්ප විසඳුම කුමක්ද? ආනයනික සත්ව තෙල් සඳහා බොහෝ විට අධික මිලක් ගෙවීමට සිදුවන තත්වය තුළ මෙම කර්මාන්තයන්හි නිෂ්පාදන මිල අධික වී පාරිභෝගිකයාට එම භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නොවේද? ප්ලාස්ටික් හා කෘතීම දෑ උපයෝගී කරගෙන සාදන්නාවූ පාවහන් බහුතරයකගේ සෞඛ්‍යයට හිතකර නොවන බව අප සැම දන්නා කරුණකි. දේශීය පාවහන් කර්මාන්තයද එතරම් දියුණු තත්වයේ දැනට නොමැත. ආනයනික පාවහන් සඳහා විශාල විදේශ විනිමයක් වැය කරන්නට සිදු වී තිබේ. මෙම තීරණයෙන් සත්ව සමින් නිෂ්පාදිත පාවහන් කර්මාන්තයට පමණක් නොව අනෙකුත් සම් භාණ්ඩ කර්මාන්තයටද ඉතා විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. මෙම කර්මාන්තයන්ටද සත්ව සම් ආනයනය කළහොත් නියත වශයෙන්ම ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙම ආනයනික සත්ව සම් උපයෝගී කර ගෙන සිදුකරන්නාවූ භාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් මෙමගින් සිදුවීමට නියත වශයෙන්ම ඉඩකඩ ඇත. මෙම සියලු ක්‍රියාවන්ගෙන් සිදු වන්නේ දේශීය කිරි ගොවියාගේ ආදායම් තත්වය පහත හෙළා ඔහුගේ පැවැත්මට තර්ජනයක් ඇති කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීම නොවේද?

6. අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඌරු මස් අනුභවය ඉස්ලාමිකයින්ට තහනම්ය. ශුද්ධවූ බයිබලය අනුව කිතුනුවන්ට ද එම මාංශ අනුභවය ඉස්ලාමිකයින්ට වඩා තද බල ලෙස තහනම් කොට ඇත.
උදාහරණ:

“ඌරාගේ කුරය බෙදී වෙන ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය.උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය” (ශුද්ධ බයිබලය – ලෙවී ව්‍යස්ථාව 11:7-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණුද ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:8)

කරුණු මෙලෙස වුවද, කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිත්. බහු සංස්කෘතික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු සංස්කෘතික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? සුළුතරයක ගේ අදහස් මුළු රටටම බල පවත්වන්නට කළ ක්‍රියාව සුළුතරයකගේ ත්‍රස්තවාදය ලෙස හඳුන්වා එහි අනිසි විපාක දසක තුනක් අපි අත් වින්දෙමු. දැනට සිදුවෙමින් පවතින තත්වය තුල මෙයට පෙර වැකියට සුළුතරය වෙනුවට බහුතරය ආදේශ කළ විට එන අරුත වෙත අප යොමුවෙනවා නොවේද? පරිසරයට හෝ අසල්වැසියන්ට කිසිම හානියක්, බාධාවක් හෝ පෙළීමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සලාතය ඉටු කළ තැන්වලට පෙළපාළියෙන් පැමිණ “මෙතැන නැමදුම් නොකළ යුතු යැ”යි තර්ජනාත්මකව පවසන විට අප පත් වන්නේ කෙනම් තත්වයකටද? වර්ධනය වෙමින් පවතින මෙම අහිතකර සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් නොවන්නේද?

7. බිලි පුජාව සැබැවින්ම සත්ව හිංසනයකි. එය පිළිකුල් කළ යුතු ක්‍රියාවක් බව නොරහසකි. එනමුත් මෙය ආරම්භ වුයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලෙන් නොවන බව අප සැවොම දන්නා කරුණකි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කළ දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත.බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට පිටකාගත සාක්ෂි බොහෝමයක් දකින්නට ඇත. යාග හෝම සම්බන්ධයෙන් කරන්නා වූ මෙම ක්‍රියාව අර්ථ විරහිත කෘර හිංසාකාරී ක්‍රියාවක් බව පවසමින් බුදුන් වහන්සේ දේශනා කළා මිස එය නැවැත්වීමට රාජ්‍ය බලය යෙදවීම, හර්තාල් පැවැත්වීම වැනි ක්‍රියා උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නොකරන ලදී. එම පිළිකුල් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් වුවද බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයය, ප්‍රජාතන්ත්‍රවාදීය, තවද, කරුණාව මෛත්‍රිය පදනම් කරගත් ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බුද්ධිමය ප්‍රතිචාරය මෙය යැයි ලොවට ඔප්පු කරන්නාවූ හැසිරීමකි එය.

8. ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම පළාත් පාලන ආයතනය අය කර ගනී. ගවයින් කැපීම නතර කිරීමට යමෙකුට අවංක අවශ්‍ය තාවයක් ඇත්නම් කළ යුත්තේ තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට මෙම අවසර පත් ලබා නෙදෙන ලෙස ඉල්ලා සිටීමය. මෙය අතහැර මුස්ලිම් හා කිතුනුවන් ඉලක්ක කරගෙන උද්ඝෝෂණ පැවැත්වීම සැබැවින්ම හාස්‍ය ජනක කරුණකි. හේන මුවන් කද්දී ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙස මෙය සඳහන් කළ හැක. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් 4500 පමණ කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක. පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින් සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් පවසා සිටියේ දිනකට ගවයින් 5000 ක් කපන බවය.

4500 X 350 = 1,575,000

මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන සංඛ්‍යාවය. බලපත්‍ර නොමැතිවද නීතියට පටහැනිව ගවයින් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගව ගහනයත් සැළකිල්ලට ගත් විට ගවයින් කැපීම නතර කළ හොත් වර්ෂ දහයක් ඇතුළත ජන ගහනයට වඩා ගව ගහනය වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි. මාංශ අනුභවය විශ්වයේ නිර්මාතෘ විසින් මිනිසාට අනුමත කර ඇත්තේ එහි ඇති යතාර්ථය පදනම් කරගෙන බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. උද්වේගය හෝ තවත් ආගමික-වාර්ගික කොටසක් කෙරෙහි ඇති වෛරය පදනම් කරගෙන අර්ථ ශුන්‍ය උද්ඝෝෂණ යන්හි නිරත නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන්නට අදිටන් කර ගනිමුයි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

9. පංච ශීලයේ පළමුවන සිල් පදය පිළිබඳවය මෙතරම් ගැටළු මතුවී තිබෙන්නේ. එයිනුත් එළුවන්, ඌරන්, කුකුලන් හා මත්ස්‍ය වර්ග පිළිබඳව සැවොම නිහඬය. ගවයා පිළිබඳව මෙතරම් හඬක් මතුවීමට හේතු රාශියක් ඇති බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකි කාරණයකි. “ගව ඝාතන විරෝධතා ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ සිල්වත් පිරිසට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

I. කුඹුරු ගොවිතැන් කිරීමේදී තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් කරන්නාවූ සත්ව හිංසාව පිළිබඳව ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?

II. කරත්තයට ගැට ගසා දින ගණන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැබෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ගැන කතා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ දැක ඇතැයි සිතන්නෙමු.

III. කිරි ලැබෙන්නේ වැස්සිට පැටවුන් ලැබුනාට පසුවය. නමුත් මෙම කිරි අලුත බිහිවූ වසු පැටියාගේ ආහාරය බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට “කිරි අම්මා” යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට වසු පැටියාට අයත් කිරි ටික“මම නුදුන් දෙය ගැනීමෙන් වැලකෙන්නෙමි” යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම පිළිබඳව ඇති නිහැඬියාව ලැජ්ජා සහගතය.

IV. ගවයින් හඳුනා ගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇතිදැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරණවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නාවූ මෙම කෘර ක්‍රියාව ගැන ඇති නිහැඬියාව කන් බිහිරි කරවන තරමට භයානකය.

V. ගත හැකි සියලු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට “කිරි අම්මා” හදිසියේම “පින් ගොනා” බවට පත්කොට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව නිදහස් කරගෙන වංචනික අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද?

අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා විශ්වාසයන් මිනිස් යතාර්ථයට කෙතරම් පටහැනි ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු නොවනු ඇත. එහෙයින්, ජනයා උද්වේගයට පත් කරවන ආගම්වාදය හා වාර්ගිකවාදය පිටු දැක යහ මිනිසුන් ලෙස බුද්ධිමත්ව කටයුතු කරන්නට අදිටන් කර ගනිමු.


අබු ෆාතිමා

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons