ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!


ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!

අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
ආගමික අන්තවාදීන් විසින් හලාල් සලකුණට සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව කටයුතු කරද්දී මුස්ලිම් සමාජයද තමන් සමග යැයි ජනතාව නොමග යැවීමට ලංකා ජමියතුල් උලමා සංවිධානය නමින් ප්‍රකාශ නිකුත් කරන්නට විය. මෙමගින් ඔවුන් අරුත් ගන්වන්නට උත්සාහ දැරුවේ මුස්ලිම් සමාජය දෙකඩ වු බවට ජනතාව නොමග යැවීමයි. කෙසේ වුවද දැන් එකී ලංකා ජමියතුල් උලමා සංගමයද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට සහය පලකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම මාධ්‍ය නිවේදනයයි.

මාධ්‍යය නිවේදනයයි
210-1/5, කෙලින් වීදිය, කොළඹ 11, යන ලිපිනය සහිත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය පහත සඳහන් නිවේදනය මගින් ලංකා වාසී මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු ජනයා වෙත ඉතා ගෞරව පුර්වකව දන්වා සිටින වග නම්:

1.      මෙම නිවේදනයේ අඩංගු සියළු කරුණු ලංකා ජම්මියතුල් උලමා සංවිධානයේ සියල්ලන්ගේ ඒකමතික තීරණයන් බව පළමු කොට දන්වා සිටින්නට කැමැත්තෙමු.

2.     ලංකා ජම්මියතුල් උලමා  නමින් ක්‍රියාකාරීවූ මෙම සංවිධානය මෙම නිවේදනයේ දින සිට තමන්ගේ සියළු ක්‍රියාකාරකම් නවතා,  සමස්ත ලංකා ජම්මියතුල් උලමා (All Ceylon Jammiyathul Ulama) සංවිධානය සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන්නට තීන්දු කර ඇත. ලංකා ජම්මියතුල් උලමා සංවිධානය මෙම නිවේදනයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කොට අවලංගු කර ඇති අතර අපගේ සංවිධානය වෙත සහයෝගය හා අනුග්‍රහය දැක්වූ සියල්ලන්ට මෙමගින් අවංක ස්තුතිය ප්‍රකාශ කර සිටින අතර මින් ඉදිරියට අංක 211, ඔරාබි පාෂා වීදිය  කොළඹ 10, යන ලිපිනයේ පිහිටා ඇති සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය  වෙත පුර්ණ සහයෝගය හා අනුග්‍රහයන් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

3.     ලංකා ජම්මියතුල් උලමා නමින් මින් ඉදිරියට කිසිම මාධ්‍යය හෝ අන් කිසිම ආකාරයක නිවේදනයන් හෝ අදහස් දැක්වීමක් කරන්නට බලයක් හෝ අයිතියක් කිසිවෙකුටත් නොමැති බව මෙමගින් දන්වා සිටින්නෙමු. එසේ කිරීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. එසේ යමෙක් කරයි නම් එය බලවත් වරදක් බවත් දන්වා සිටින්නෙමු.

4.     අප විසින් මෙයට පෙර නිකුත් කරන ලද සියළු නිවේදනයන් හා ප්‍රකාශනයන් මෙම නිවේදනය මගින් අවලංගු කරන අතර එම නිවේදනයන් හා ප්‍රකාශනයන් හි අඩංගු වූ කරුණු  පුර්ණ ලෙස හෝ කොටසක් වශයෙන් හෝ මින් ඉදිරියට කිසිවෙකු විසින් කිසිම ආකාරයක මාධ්‍යය මගින් හෝ අන් කිසිම ආකාරයකින් හෝ උපුටා දැක්වීමෙන් වැළකී සිටින ලෙස මෙමගින් ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීම  බලවත් වරදක් බවත් දන්වා සිටින්නට කැමැත්තෙමු.

5.     ඉතා සුළු හේතු මත ආගමික පදනමකින් සංවිධාන හදනවාට වඩා වර්තමානයේ මුස්ලිම් ප්‍රජාවටත් ශ්‍රී ලංකා වාසී සියළු ජනතාවටත් අත්‍යාවශ්‍ය වී ඇත්තේ වාර්ගික පදනමකින් එකිනෙකා සමග දුරස්ථ නොවී තම තමන්ගේ අනන්‍යතාවය සුරක්ෂිත කර ගනිමින් පොදු ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමයි. මෙම කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීමේදී මුස්ලිම් පාර්ශවයෙන් අති මහත් මෙහෙවරක නියැලී සිටින සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය වෙත සියළු මුස්ලිම් වරුන්ගේ පුර්ණ සහයෝගය ලබා දීම ආගමික මෙන්ම සමාජයීය වගකීමක් හා යුතුකමක් ලෙස අපි සලකන්නෙමු. මෙරට බහුතර සිංහල බෞද්ධ  ජනයා  සමගත් අන් සියළු ශ්‍රී ලංකා වාසි සියළු ජනයා සමගත් සුහදත්වයේ හා සහෝදරත්වයේ බැමි ශක්තිමත් කොට සැමට සාමයෙන් හා සෞභාග්‍යයෙන් සපිරි රටක් ගොඩ නගා ගැනීමට අත්වැල් බැඳ ගැනීම ශ්‍රී ලංකා වාසි සියල්ලන්ගේ වගකීම ලෙසත් සලකන්නෙමු.  


අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල්
ලේකම්
ලංකා ජමියතුල් උලමා සංවිධානය


සංස්කාරක සටහන:
ලාංකීය මුස්ලිම් සමාජය දෙකඩ කරන්නට වෙරදැරු රුදුරු බලවේග වල කුමන්ත්‍රණ ව්‍යර්ථ කළ අල්ලාහ්ට අපගේ සියළුම ප්‍රශංසාව හිමිය.  
- See more at: http://www.anvermanatunga.com/2013/02/27/lanka-jamiyathul-ulama-sinhala/#more-3407

මට බඩු විකුණගන්න ඕණ : හලාල් පූජ්‍ය පක්ෂෙටත් හොඳයි



ලේල්වල ගොඩකන්ද කියයි 
2013 පෙබරවාරි 27  10:00 a.m
godakandaහලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.අපි වර්ෂයටම ඒ සඳහා ගෙවන්නේ රුපියල් නවදාහක මුදලක්. අපි ළඟ ඒ සඳහා ගෙවීම් කළ රිසිට් පත් තිබෙනවා. අද දේශීය ව්‍යාපාරිකයෝ වශයෙන් පිටරටවලටද අපේ නිෂ්පාදන යොමු කරනවා. ජාත්‍යන්තරව විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රටවලින් අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හලාල් ලාංඡනය නිසයි. ඒ නිසා ව්‍යාපාරිකයන්ට හලාල් තිබිමෙන් වාසියක් මිස අවාසියක් සිදු වන්නේ නැහැ. හලාල් කියන්නේ සුදුසුයි කියන අර්ථයයි. හලාල් ලාංඡනයෙන් අපේ නිෂ්පාදන සුදුසුයි කියනවා. හරාම් කියන්නේ නුසුදුසුයි කියන අර්ථයයි. හලාල් නෑ කියන්නේ හරාම්. 
අපේ නිෂ්පාදනය නුසුදුසුයි. නුසුදුසු දේ සඳහා ඉල්ලුමක් නැහැ. සුදුසුයි කියා නිර්දේශ කරන සහතිකයක් ලබා ගැනීමේ වරදක් දකින්නේ නැහැ. එය ජාති බේදයක් නැතිව සියලුම දෙනාට සුදුසුයි.

අපේ නිෂ්පාදන සඳහා සත්ව තෙල් භාවිතා නොකිරීම අපේ ප්‍රතිපත්තියක්. විශේෂයෙන් ගඳගහන ඌරුතෙල් ඉඩමේ අහලකටවත් ගේන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය හලාල් මගින් සනාථ කිරීමයි කළේ. සමහර බිස්කට් වර්ගවල සියයට 30ක් පමණ ඌරු තෙල් තිබෙනවා. උම්බලකඩවත් නොකන උපාසකම්මා නොදැනුවත්ව ඌරු තෙල් භාවිත කිරීම හලාල් සහතිකය නිසා වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. වෛද්‍යවරුන් වශයෙන් එළවළු තෙල් පමණක් පරිභෝජනය කරන අපේ ක්‍රියාවලිය ඔවුන් සහතික කළා.
එක මුස්ලිම් සේවකයෙක් ඇතුළුව බෞද්ධ විශාල පිරිසක් සමග එක්ව සේවය කරන අපි අතර බේදයක් නැහැ. සහෝදරත්වයෙන් කටයුතු කරනවා. අනවශ්‍ය ලෙස ඇතැම් හාමුදුරුවරුන් විසින් හලාල් ප්‍රශ්නයක් කිරීමෙන් අපි අපිම ඇනකොටා ගන්න තත්ත්වයක් ඇති වෙලා.

ජාත්‍යන්තර වශයෙන් අපට වාසිදායක හලාල් සහතිකය පූජ්‍ය පක්ෂයටත් ඉතාම හොඳ දෙයක්. උන්වහන්සේලාටත් සත්ව තෙල් අඩංගු නොවන ආහාර හා පාරිභෝගික ද්‍රව්‍ය තෝරා ගැනීම පහසු කෙරෙනවා.

වෙන්ඩෝල් ආයතනය හරහා නිෂ්පාදනය කරන නිෂ්පාදන වර්ග 13ට අපි හලාල් අරගෙන තිබෙනවා. ඒ නිසා අපේ භාණ්ඩ පරිභෝජනයට සුදුසුයි. හලාල්වලට එරෙහිව යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් එම විරුද්ධත්වයට හේතුව ජාතික ආරවුලක්, යුද්ධයක් ඇති කිරීම හෝ ප්‍රසිද්ධ වීමේ අරමුණයි.
ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග අරාබිකරයේ රටවල බැලමෙහෙවර කර උපයන මුදල් හලාල්. ඒත් හලාල් හරාම්. අද මුස්ලිම් ජනතාව හලාල් නැති නිසා නිෂ්පාදන මිලදී ගන්නේ නැහැ. සිංහල ජනතාව හලාල් තිබෙන නිසා නිෂ්පාදන මිලදී ගන්නේ නැහැ. හලාල් සහතිකය නිකුත් කිරීමේදී අප ආයතනය විසින් ලබාදෙන ලියවිලි කිහිපයක ප්‍රමාදය නිසා මෙවර හලාල් අලුත් කිරීමට නොහැකි වුවත් අප විසින් හලාල් සහතිකය ඉල්ලුම් කරනු ලැබ තිබෙනවා.

ලියවිලි කිහිපයේ ප්‍රමාදය නිසා හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා. වෙන්ඩෝල් නිෂ්පාදනවල හලාල් නැහැ කියන නිසා මුස්ලිම් ජනතාව වෙන්ඩෝල් නිෂ්පාදන මිලදී ගත්තෙ නැහැ.ඇතැම් හාමුදුරුවරුන් කෑගසමින් හලාල් ඉවත් කිරීමට දින නියම කරනවා. තව දුරටත් මේ විදියට ක්‍රියා කළොත් මට සිද්ධ වෙන්නේ ආයතනයට පාඩු සිදුවන නිසා රැකියා අවස්ථා 200ක් පමණ නැති කිරීමටයි. මැද පෙරදිග පුරාවටම පරිභෝජනය කරන්නේ වෙනිවැල් නිෂ්පාදන. 

ලංකාවෙන් මැදපෙරදිග රටවල සේවයට යන ගෘහ සේවිකාවන් විසින් රැගෙන යන්නෙත් හලාල් ලාංඡනය තිබෙන වෙන්ඩෝල් නිෂ්පාදනයි. හලාල් ඉවත් කරන්නත් බැහැ. අපි එය ඉවත් කරන්නෙත් නැහැ. ළිං වැඩියො වගේ ජීවත් වන්න අපිට පුළුවන්කමක් නැහැ. අපේ නිෂ්පාදන ලංකාවට වගේම ජාත්‍යන්තරයටත් යොමු කළ යුතුයි. අයි.එස්.ඕ. සහතිකය ගන්නත් අපි ලක්ෂ එකහමාරක් ගෙවනවා. ඒ විතරක් ‍නෙවෙයි එස්.එල්.එස්. වලටත් ගෙවනවා. එහෙම ගෙවලා හරි සහතික කර ගන්නේ ඒ සහතික මගින් ව්‍යාපාරවලට යහපතක් සිද්ධ වෙන එකයි. බොදු බල සේනාව තවම ව්‍යාපාරිකයින්ගෙන් මේ ගැන ප්‍රශ්න කෙරුවේ නැහැ.

අපි හරි දෙය කතා කළ යුතුයි. ව්‍යාපාර කරන්නේ ව්‍යාපාරිකයෝ. මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ රැකියා ප්‍රමාණය අඩු කිරීම නිසා මැදපෙරදිග රටවලට ගිහින් මුස්ලිම් ජාතිකයින්ගේ බැල මෙහෙවර කරන කාන්තාවන් ප්‍රමාණය තව තවත් වැඩි වීමයි.


-ia;+;sh ,laìu mqj;am;g-

http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7528:2013-02-27-04-59-46&catid=34:news&Itemid=62

හලාල් සහතිකය - එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි


සමස්ත ලංකා උලමා සංවිධානය හලාල් සහතිකය ලබාදීම රජයට පැවරීමට සූදානම් බව පැවසූවද එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පැවසූයේ එය සිදුකල හැක්කේ නිසි අධ්‍යනයකින් හා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව බවයි.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වූ සමස්ත ලංකා උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ ප්‍රධානී මුර්ෂිඩ් මුලාෆර් මහතා පැවසූයේ, පවතින විවාද සම්පන්න තත්ත්වය හේතුවෙන් හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජයට පැවරීමට සූදානම් බවයි.

එමෙන්ම රජය විසින් එම වගකීම බාරගන්නා තෙක් සමස්ත ලංකා උලමා සභාව විසින් එම වගකීම ඉටුකරගෙන යන බවත්,
හලාල් සහතිකය තම නිෂ්පාදනවලින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉල්ලූම් කර ඇත්තේ එක් ආයතනයක් පමණක් බවත් මුලාෆර් මහතා පැවසීය.

http://mirror.lk/sinhala/news/6339-m-k-d-s-gunawardena

සත්තු මරණ එක පවක්ද?


සත්තු මරණ එක පවක් එත් එය යහපතකට කරන්න සිදුවන විට සත්තු මරණ එක වැරදි නැත. උදාහරණයක් හැටියට නයෙක් තමන්ව දෂ්ඨ කරන්න හදනවා නම්, කොටියෙක් සිංහයෙක් තමන්ට හානියක් කරන්න එනවා නම්, ගොයම විනාශ කිරීමට වෙර දරන කෘමීන් වුවත් සතෙකි. මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?.

ඊළඟ ප්‍රශ්නය සතෙක් මරා අනුබව කිරීම හෙවත් ආහාරයට ගැනීම. අපි එස්කිමෝවරු ගෙන දන්නවා. ඔවුන් අනිවාර්යයෙන්ම මාංශ ආහාර ගත යුතුය. හේතුව, අධික සීතල සඳහා ඔරොත්තු දෙන්නේ ඔවුන්ගේ සමට යටින් ඇති මේද තට්ටුව නිසාය. එපමණක් නොව ඔවුන්ට ශාක ආහාර සොයාගත නොහැකිය. මෙයට අවුරුදු සීයකට පෙර කාන්තාර පෙදෙස්වල ජීවත් වූ මිනිසුන්ට ශාක ආහාර ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් ජීවිතය ගැට ගහගත්තේ සත්ව ආහාර ගැනීමෙනි. ඒ නිසා මුස්ලිම් වරුන්ට සත්ව මාංශ ආහාර තහනම් නැත. තහනම් නැත යනු අනිවාර්යය නොවේ. අනුමැතිය පමණී.

අපි දන්නවා ජපානය බෞද්ධ රටක්. එහි සත්ව ආහාරවලට කිසිම තහනමක් නැහැ. අපගේ ප්‍රශ්නය කුඩා කල සිටම සමහර බෞද්ධයන් එළදෙන හෝ හරකා සමග සමීපව ජීවත් වූ බැවින් ඔවුන්ට මෙම සතා පිලිබඳ ආදරයක් කරුණාවක් තිබෙනවා. එය වැරදි ක්‍රියාවක් නොවේ. ඉතා වටිනා දෙයක්.

සමහරු සියලුම මාංශ වර්ග අනුභව කරනවා නමුත් හරක් මස් ඔවුන්ට තහනම්ය. හේතුව ඌ විශාල ලෙස පෙනෙන සතෙකි.

සමහර ලංකාවේ බෞද්ධයන් සියලුම මාංශ ප්‍රතික්ශේප කරනවා. නමුත් චීනය ගත්විට එයද බෞද්ධ රටකි. ඔවුන්ට එහෙම ප්‍රශ්නයක් නොමැත. කොරියාව බෞද්ධ රටකි ඔවුන්ටත් ප්‍රශ්නයක් නැත. නමුත් ලංකාවේ සමහර බෞද්ධයන්ට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා මස් කන අයව ඔවුන්ට පෙන්න බැහැ. අවස්තාවක් ලැබුණු විට පුළුවන් තරම් අම්මා තාත්තාව පමණක් නොවේ හත්මුතු පරම්පරාවටම පොතු යන්න වැඩේ දෙනවා. ෆේස් බුක් වීරයන් එයටත් එහා. තම්බීන්ව තම්බනවා. තම්බින්ට ප්‍රශ්නක් තියෙනවා ඔවුන් සැමවිටම තේරුම් කර දෙන්න උත්සහ කරන්නේ ඔවුන්ගේ ආගම තුලින්ය. ඒ නිසා තව ටිකක් ඔවුන්ට පොතු යන්න දෙන්නේය. කුරානය හැරෙන්නට ඔවුන්ට කල්පනා කරන්නට මුකුත් නැති බවත් මිත්‍යා දෘෂ්ටික බවත් කියා ඔවුන්ට ලේබලයක් අලවනු ලබන්නේය. ආගමෙන් නීති දමා තද කර ඇතිබවත් සමහරුන් චෝදනා කරනවා. නමුත් බෞද්ධ නීතිය කියා සත්වයන් ආහාරයට ගත් විට පතුරු යන්න වැඩේ දෙන්නෝය.

ලංකාවේ හරක් මාංශ වලින් 70% පරිභෝජනය කරන්නේ සිංහල බෞද්ධයන්ය. නමුත් සතාව මරන්නේ මුස්ලිම් අයයි. මේක හුදෙක් බොරු චෝදනාවකි. සිංහල බෞද්ධයන්ගේ පරිභෝජනයට අවශ්‍ය හරක් මස් සඳහා හරකව මරන්නේ සිංහල බෞද්ධයාමය. නමුත් බැනුම් අහන්නේ ඔරවන්නේ මුස්ලිම් මිනිසාටය. හේතුව හරක් මස් කෑම මුස්ලිම් මිනිසාට තහනම් නැත. ඉහතකී පරිදී ඔවුන්ට හරක් මස් කෑමට ගැනීම අනිවාර්ය නොවන අතරම තහනම්ද නොවේ. නමුත් බෞද්ධයන්ට තහනම්ය.

මොන තහනම් තිබුනත් ඔවුන්ගෙන් වැඩි කොටසක් මස් අනුභව කරනු ලබනවා. ඔවුන් පිලිබඳ ඇසුවිට කියන්නේ බෞද්ධ ධර්මයේ නීති නැත කියාය. එයම අබෞද්ධයෙක් කලවිට ඔහුට පතුරු යන්න දෙන එක නීතියට යටින්ය. එසේ නම් කල යුත්තේ කුමක්ද? පුළුවන් තරම් මේ රටේ එනම් සිංහල බෞද්ධයන්ව දැනුවත් කල යුතුය. ඔවුන්ව මස් පරිභෝජනෙයන් නැවැත්විය යුතුය. සිංහල බෞද්ධ කියා සඳහන් කලේ අන් බෞද්ධ රටවල් වල මෙය ප්‍රශ්නයක් නැති නිසාය. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය වැනි රටවල්වල රාජ්‍ය මට්ටමින් හෝ සමාජමය වශයෙන් හෝ මෙය තහනම් නැත. මුස්ලිම් අයගේ භාෂාවෙන් හරාම් නැත. මෙම රටවලද මස් මාංශ නොකන අය නොසිටිනවා නොවේ නමුත් ඔවුන් මස් කන අයව බලා රවන්නේ නැත. ඔවුන්ට දොස් පවරන්නේද නැත. ඔවුන්ට හරක් මස් පමණක් නොවේ කිඹුලාගේ මසද ඔට්ටුය. අලියාගේ වුවත් ඔවුන්ට කම් නැත. නමත් ලංකාවේ සමහර බෞද්ධයන්ට හරක් මස් බලෙන් හෝ නීති දමා හෝ නැවත් විය යුතුය. නමුත් පවසන්නේ බුද්ධ ධර්මයේ නීති නැත කියාය. නීති දමා මිනිසුන්ව කොටු කරන්නේ ඉස්ලාම් ධර්මය පමණක්ය.

හේතුව

1. මුස්ලිම් අය එකම දෙවියන්වන අල්ලාහ්ට පමණක් අවනතවන අතර වෙන කිසිම දෙයකට හෝ කෙනෙකුට දේවත්වයෙන් නොසලකති. පිළිම වන්දනා නොකරති. (නමුත් බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් වාහනයක් මිලදී ගත්විට වුවද සමන් දෙවියන්ගේ  ආශීර්වාදය බල පොරොත්තු වන්නේය. නොයෙකුත් භාරහාර කරන්නේය. නමුත් පිටට කියන්නේ දෙවියන්ට වඩා මිනිසා ශ්‍රේෂ්ට බවය. බුදුන් වහන්සේ දෙවියන්ට පුද පුජා කිරීමක් කර නැති බවය. බුදුන්ගේ පිලිමයටවත් පුද පුජා නොකළයුතු බව ඔවුන්ම පවසන්නේය.)

2. ඔවුන් දිනකට පස් වතාවක් අල්ලාහ් සමග සංවාදයක යෙදිය යුතුය. මෙහිදී ඔවුන්ට භේද නැත. දුප්පත් වුවත් පොහොසත් වුවත් කුමන පවුලකට අයත් වුවන් වුවත් ලගම තිබෙන පල්ලියකට ගොඩවී එකම පේලියේ සිටගෙන ආගම කියන්නෝය. තමන්ව දුශ්ශීල හා පාපක්‍රියාවලින් ඈත්කර තබන ලෙස දෙවියන්ට කන්නලව් කරන්නෝය. මෙය බලන සමහර බෞද්ධයන්ට ඇස්වලින් දුම් යන්නේය. ඒ ඔවුන් මසකට සැරයක් එන පෝයටවත් පන්සල් යන්නේ නැති නිසාය.

3. මුස්‌ලිම අය තමන්ගේ වස්තුවෙන් අවුරුද්දකට වරක් සියයට දෙකාහාමාරක් (2.5%) දුප්පතුන්ට දිය යුතුය. මේ නිසා මුස්ලිම් අය දියුනුවන්නේය. මේ දියුණුව බලන සමහර බෞද්ධයන්ට තරු පෙනෙන්නේය. මුස්‌ලිම ව්‍යාපාර වර්ජනය කලයුතුයි හඬ නගන්නෝය.

4. මුස්ලිම් අය අවුරුද්දට සම්පුර්ණ මාසයක්ම උපවාසයේ සිටින්නෝය. බඩගින්න හෝ තිබහව පමණක් නොව තමන්ගේ සිත හා කය සියල්ල උපවාසයේය. මේ මාසය දුප්පතුන්ට සතුටු දායක මාසයකි. උපවාසයේ සිට ශ්‍රද්ධාව බලා පොරෝතුවන මුස්ලිම් භක්තිකයා දකින දකින තැන දුපපතුන්ට සලකනු ලබන්නේය. නැත කියා කියන්නේ නැත.

5. මුස්ලිම් අය තමන්ගේ ආයුෂ කාලයෙන් එක වතාවක් හෝ ඒ ශුද්ධවූ මක්කමේ ඇති අල්ලාහ්ගේ නිවස දර්ශනය කල යුතුය. ලක්ෂ ගණන් ලෝකයේ සෑමමුල්ලකම සිට මුස්ලිම් ජනතාව ජන ගඟක් සේ මක්කමට ගලා එන්නෝය. උස් පහත් ලොකු කුඩා සුදු කළු භේදයක් නැත. මහා රජා වුවත් රටේ ජනාධිපතිවුවත් එකම පාට සුදෝ සුදු පාට රෙදි කෑලි දෙකක් පමණක් ඔතාගෙන සිටින්නෝය. දෙවියන් ඉදිරියේ සියල්ලෝම සමානය. මෙහිදී අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කරන්නෝය. සතෙක් කැප කර ඒ සියලු මාංශ කෑමට කිසිවක් නැති, හාමතේ මැරී මැරී උපදින අප්‍රිකානු රටවල් වලට පටවන්නෝය. අඩුමගනනේ අප්‍රිකානු දුප්පත් ජනයින් සති කිහිපයක් හෝ බඩ පුරවා ගන්නෝය.

Mecca Masjid
කොපමණ පැහැදිලි කලත් සමහරුන්ට මේවා බිහිරි අලියාට වීනාව වාදනය කලාක් මෙන්ය. මේ සියල්ල අසා ඊළඟ ප්‍රශ්නය ත්‍රස්තවාදියාය. මුස්ලිම් මිනිහෙක් වැරදි කල විට ඔහු මුස්ලිම් ජාතික අහවලාය. සිංහල මිනිහෙක් නම් පුද්ගලයකු විසිනි.

(දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ වේදිකා නිලියක් ගුවන් හමුදා භටයන් දෙදෙනකු හා තවත් දෙදෙනකු එක්වී දුෂණය කරයි. නමුත් මුස්ලිම් ජාතිකයකු පාන්ගෙඩියක් හොරකම් කලොත් මුස්ලිම් ජාතික අහවලා යනුවෙන් සඳහන් කරනු අනිවාර්යය.)

එතකොට මේ රට ඉංග්‍රීසින් පාලනය කරන කාලේ බොහොමයක් බෞද්ධයන් ත්‍රස්තවාදින්ය. වීරපුරන් අප්පු අපේ පාසල් පොතේ ජාතික වීරයාය. නමුත් සුද්දට ඔහු ත්‍රස්තවාදීය. නමුත් ඉරාකයේ තමන්ගේ රට වෙනුවෙන් කරලිගැසූ විට ඔවුන් ත්‍රස්තවාධීන්ය. ත්‍රස්තවාදය අර්ථ නිරුපනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට සියලු රටවල් එකතු කරගෙන සතිගණන් සාකච්චා පැවැත්වුවද නොහැකි විය. ළඟදී අපේ පාර්ලිමේන්තුවටද ත්‍රස්තවාධියා අර්ථ නිරුපනය කරන්න බැරිවූ බව විපක්ෂය රටපුරා හඬ බේර ගැසුවෝය. මේවා බලන අපේ රටේ සමහර අයට මුස්ලිම් මිනිහෙක් කුමක් හෝ කියූ විට ඔහු අන්තවාදිය ත්‍රස්තවාදීය. නමුත් කරන සියලුම දේ කරන්නේ මොවුන්ය. එල් ටී ටී එක අවසාන කාලයේ සිංහල කොටිද මතුවිය. එල් ටී ටී දෙමළ ත්‍රස්ත වාදීන්ය. දෙවන ලෝක යුද්ධයේ දී බෞද්ධ රටවල් දෙකක් වන ජපානය හා චීනය ඔවුන් එකිනෙකාට ත්‍රස්තවාධීය. බෞද්ධ ජපන් ත්‍රස්තවාදය මට්ටුකරන්න ඇමරිකන් ත්‍රස්තවාදියා හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලුවේය. ලක්ෂ පහක් ජපනුන් ඝාතනයට ලක් වුහ. දැන් ඕවා පළවන හා දෙවන ලෝක යුද්ධයන්ය.  ත්‍රස්තවාදය අහලකවත් නැත.

තව කියන්න කරුණු රාශියක් තිබුනත් ඒ සියල්ල ලියන්න අපට කාලයක් තිබුනත් එය කියවන්න ඔබට කාලයක් නැත. හේතුව මොකින් මොනවා කිව්වත් වැඩක් නැත. හිතේ මුද්‍රා තබා ගත්ත කොටසක් අපි අතරේය. අලුතින් යමක් සොයා මුසල්මානුවා රිදවිය යුතුය. ඒ ඔවුන්ගේ මෝඩ චුන්ය. මේක කියවන ඒ අයියලාට දැන් තරු විසිවෙන්නේය. මේ ලියපු මගේ හත්මුතු පරම්පරාවටම දෙයියන්ගේ පිහිටය. කුනුහරුපු වැසි වලාකුළු හා හෙන පාත්වෙන්නේය. මොනවා කිව්වත් මොළය වෙරළු ඇටයක් තරම්වත් තියෙන අයට කල්පනා කරන්නට යමක් ඉතුරු කර ඇත්තෙමු.

මෙයට මුසල්මානුවෙක් අම්භයෙක් සහ තම්බියෙක්.

Issues of divergence and contestation: Reflections on the concept of Halal


Issues of divergence and contestation: Reflections on the concept of Halal - 

  Published : 12:00 am  February 26, 2013  |  144 views  |  No comments so far  |  Print This Post   |  E-mail to friend 

By Kasun Adikari

 “Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumour; nor upon what is in a scripture; nor upon surmise;
nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Kalamas, when you yourselves know: ‘These things are bad; these things are blameable; these things are censured by the wise; undertaken and observed, these things lead to harm and ill,’ abandon them” – Kalama Sutta: The Buddha’s Charter of Free Inquiry

Introduction
Violence in the name of religion has become the predominant model for politics in the modern world. In the present context, has increased in its frequency, scale of violence, and national reach in Sri Lanka. Too much emphasis is wrongly placed among the majority on various aspects on the practice of other religions, especially on the concept of Halal. It’s telling that more verbal and political energies are being channelled to create anxiety about this.
The purpose of this article is to provide a basic understanding on the concept of Halal and how it operates internationally, to people from my own community since they often tend to be provided with inaccurate, lacking and sometimes simply fabricated facts of the same. Hence, right understanding of the concept may help to alleviate vague or poor understandings and in some way enhance peaceful relationship between Sinhalese and Muslims which we have been maintaining it for more than a thousand years without any cracks.

What is Halal?
Twenty years back when I was reading for my first degree at University of Moratuwa, I raised this question to one of my batch mate and now it is at the heart of a controversy for the majority Sri Lankans.
The Oxford Dictionary defines ‘Halal’ as ‘religiously acceptable according to Islamic law.’ The word Halal refers to anything that is considered permissible and lawful under religion. Muslims are supposed to live their lives by this concept, with its connotations of cleanliness, integrity and self-restraint. The opposite of this word is Haraam.
The term Halal is widely used to designate food seen as permissible according to Islamic law. In fact, it refers to permissible behaviour, speech, dress, conduct, manner and dietary. In a Muslim’s life, every aspect of life is regulated by Islamic law; therefore, the Halal-Haraam dichotomy almost always applies to everything, and Muslims make sure they understand what is what since saying or doing Halal will lead to Paradise and Haraam to Hell.

Halal foods
Halal foods are foods that Muslims are allowed to eat under Islamic dietary guidelines. The criteria specify both what foods are allowed, and how the food must be prepared. Why Muslims want Halal foods at all? “The logic behind this is that remaining blood in the body may become polluted and harmful to humans.”
The foods addressed are mostly types of meat. In order to be Halal, permitted animals must be slaughtered according to prescribed methods of slaughtering (Halal slaughtering), which emphasised on the aspects of hygiene, health, safety and humane treatment. A study conducted by the Food and Agriculture Organization of the United Nations and the Humane Society International concluded that the animals that are slaughtered according to Halal method complies with the hygiene and environmental health issues and Halal meat should be labelled when it is put on sale, so that members of the public can decide on the choice.

Halal certification
Halal is not only concerned about meat foods, it emphasises that Muslims must ensure that all foods, particularly processed foods, pharmaceuticals, and non-food items like cosmetics, are also Halal. Frequently, these products contain animal by-products or other ingredients that are not permissible for Muslims to eat or use on their bodies.
Halal certification tells Muslims that their ingredients and production methods have been tested and declared permissible by a certification body (i.e., internationally or locally recognised Halal certification bodies certifies the product as Halal, preferably with a trademarked and unique symbol). It also allows companies to export products to most Middle Eastern countries and South East Asian Countries.
Since the introduction of Halal certification, many mainstream manufacturers, especially pharmaceuticals, prepared foods, and other products, as well as hotels, restaurants, airlines, hospitals, and other service providers have pursued the Halal market. These companies purchase Halal-certified products.

International perspective
The Halal Food Authority (HFA) is one of the UK’s largest regulators of Halal foods. HFA is well established, both within the Halal slaughter and wider food industry. Today, from Kellogg’s cereals to KFC; from ASDA to British Airways, the HFA logo can be found on food products declaring them to be approved as Halal. The oldest and most well-known Halal certifier in the United States is called the ‘Islamic Services of America’. In 2011, ‘Halal Products Certification Institute’ was established in California and became the first worldwide corporation that certified Halal consumer products such as cosmetics, personal care products and perfumes and fragrances. The institute was established by Islamic intellectual scholars and Muslim scientists to assure the dissemination of Halal consumer products.
Also in Europe, several organisations have been created over the past 20 years in order to certify Halal products. A survey recently published by a French association of Muslim Consumers (ASIDCOM) shows that the market of Halal products has been developed in a rapid way.
In South Africa, most chicken products have a Halal stamp. The South African National Halal Authority (SANHA) issues certificates and products bearing this logo range from water, snacks, and even meat-free products (which may contain non-Halal ingredients). The South African National Halal Authority also licenses the usage of the Halal logo in restaurants where the food is Halal in addition to no alcohol or pork products being served.  McDonald’s and Kentucky Fried Chicken (KFC) have been declared to be Halal in most of the countries. In the United Kingdom, China, Malaysia or Singapore, Halal fried chicken restaurants having thousands of outlets serve Halal foods, such as the ChicKing Fried Chicken, Brown’s Chicken, and Crown Fried Chicken companies.
Also, in New York City there are numerous Halal food carts in business which serve gyros, chicken platters, and other Halal fast foods, whereas in Europe, there are many of Halal certified Doner kebab shops. Very recently, 12 stores in the Mary Brown’s chain in Ontario and Alberta became 100% Halal.
Thailand and Philippines also have a noticeable population of Muslims and Halal meat shops country wide. Within the People’s Republic of China, which has a sizeable Muslim minority population, Halal food is known as ‘Qingzhen,’ which means ‘pure truth.’
 Almost all the Halal certifying institutions around the world are incorporated as non-profit organisations and they are categorised under the service sector. Besides, Halal certification is a long and meticulous process that requires investment in expertise, equipment and manpower. Therefore, organisations certify Halal products are compelled to charge a fee to meet their expenses. Like any other certification process, Halal certification also has a management cost involved.
For example, when a company obtains the quality standard, the system standard or the risk management standard certification, it is charged for various costs with regard to logistics, communication, human resources, professional services and consultation fees. In addition to that, Halal certifying institutions has to bear the costs in relation to technological testing and research, human resource costs as they are obliged to maintain a dedicated team of food scientists, administrators, Halal auditors and a large team of supervisors based at certified plants.

Conclusion
From the above, it appears that the concept of Halal has a global recognition and is wider in its scope. Specifically, as far as Muslims are concerned, the concept of Halal is embedded with their day-to-day life and is considered as one of the significant aspects of practicing their religion.
As Buddhists, we must know how to regard other religions and their practices as we belong to the religious group that accepts and appreciates the reasonable teachings of every religion. Buddhists can also tolerate the practices of other religious, cultural traditions and customs, although they may not necessarily wish to emulate them.
In other words, Buddhists respect the other man’s views and appreciate other practices without harbouring any religious prejudices. If there are certain Buddhists who feel they are unable to appreciate the ways of other religious practices, then the least they could do is to maintain their silence and refrain from any undue criticism: this attitude is very important for peaceful coexistence.  If we study the teachings of Buddhism, then we can understand the basis of our religion and our attitude towards the other religions. To practise a religion we must be honest, sincere, truthful and kind to others: we must avoid deceit and cruelty: and in our relation with others we must be broadminded.
According to the Buddha, if we adopt aggressive and violent methods to solve our problems, we cannot find the real solution to overcome them. No doubt, we can suppress some troubles and temporarily win the battle as long as our opponents remain weak. But when our opponents get the chance, they will not keep quiet and will not forgive us. Therefore, if we act with violence, we can never find lasting peace. This is why the Buddha once said: “Hatred is never ended by hatred, but only by loving-kindness.” Buddha also said: “It is not that I quarrel with the world but the world quarrels with me. A teacher of truth never quarrels with others.
Accordingly, non-violence is at the heart of Buddhist thinking and behaviour. Nothing in Buddhist scripture gives any support to the use of violence as a way to resolve conflict. One of the Buddha’s sermons puts this very clearly with a powerful example that stresses the need to love your opponent no matter how cruelly he treats you: “Even if thieves carve you limb from limb with a double-handed saw, if you make your mind hostile you are not following my teaching” – Kamcupamasutta, Majjhima-Nikkaya I – 28-29.
http://www.ft.lk/2013/02/26/issues-of-divergence-and-contestation-reflections-on-the-concept-of-halal/

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!


සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේධයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය තීරණය කර ඇත.

හලාල් යනු අරාබි භාෂාවෙන් නීත්‍යානුකූල යන අදහස ගෙනදෙන අතර ඒ අනුව මුස්ලිම් වරයෙකු විශේෂයෙන්ම සිය ආහාර අනුභව කිරීමේදී අවසර ලබාදී ඇති ආහාර වර්ග සහ එකී ආහාර වර්ග වල අන්තර්ගතය පරික්ෂාකර බලා මුස්ලිම් වරුන්ගේ පහසුව පිණිස සහ ඔවුන් වෙනුවෙන් පමණක් සඳහා අදාල භාන්ඩ සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ පරමාර්ථයෙන් එම ක්‍රමය හඳුන්වා දුන් අතර එමගින් ඕනෑම ආයතනයක භාන්ඩයක් එකී ආයතනයේ අයිතිය පිළිබඳව කිසිදු චකිතයකින් තොරව මිලදී ගැනීම සඳහා මුස්ලිම් වරුන්ට ක්‍රමවේදයක් හඳුන්වාදී තිබුණි.

එම ක්‍රමවේදයේ සරල භාවය හා අය කරනු ලබන මිල ගණන් වල අතිශයා සාධාරණ බව හේතුකොටගෙන සහ එම සුළුකොට තැකිය හැකි වියදම හා එය අවසාන මිල කෙරෙහි ඇති කරනු ලබන අවම බලපෑම හේතුකොටගෙන ලංකාවේ මුස්ලිම්වරුන්ට සහ අපනයනය සඳහා අදාල භාන්ඩ නිපදවන විවිධ ආයතන සංගමයේ කිසිදු ප්‍රවර්ධනයකින් තොරව ස්වේච්ඡාවෙන් අදාල ක්‍රමවේදයට අනුව භාන්ඩ වෙලඳපොලට නිකුත් කොට ඇත.

අවාසනාවකට මෙන් මෑතක සිට අදාල හලාල් සහතික කරන ක්‍රමවේදය පදනම් විරහිත ලෙස නිර්ධය විවේචනයට ලක්වී ඇති අතර එය උපයෝගී කොටගෙන ශතවර්ෂ 10 කටත් වඩා අධික කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් දිවි ගෙවන ලද මුස්ලිම් සහ සහෝදර සිංහල බෞද්ධ ජනතාව අතර විශේෂයෙන්ම සැකය සහ සාංකාව උපදවා ඔවුන් විරසක කොට අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්නයක් කරා රට යොමු කිරීමේ භයානක අනතුරක සේයාව දැනට මතුවී ඇත.

අප සංගමය විශේෂයෙන් අවධාරණය කර සිටින්නේ අපගේ හලාල් සහතික කරන ක්‍රියාදාමය ලාභ ඉපයීමේ පරමාර්ථයකින් තොරව හුදෙක් සේවාවක් සැපයීමේ එකම අරමුණකින් ආරම්භකොට පවත්වාගෙන යන සේවාවකි. මෙහි ගිණුම් ඇතුළු ක්‍රියාදාමයන් ඉතාම විනිවිද පෙනෙන ආකාරයට පවත්වාගෙන යන බවත් එකී සියළුම ගිණුම් සහ ක්‍රමවේදයන් රජයට සහ රජයේ බලයලත් ඕනෑම ආයනයකට නිරාවරණය කර මේ සඳහා අප සංගමය නොපැකිලව අවසර දීමට සැමවිට සුදානම්ව සිටින්නෙමු.

ඉහත අවස්ථානුගත තත්වයක් යටතේ රටේ උද්ගතව ඇති නොසන්සුන්තාව හා අසහනකාරී වාතාවරණය සමතයකට පත් කරගැනීමේ අදහසින් සහ ජාතීන් අතර සාමය සහ සමගිය ආරක්ෂා කරගැනීමේ අධිඨනින් අප සංගමය මුස්ලිම් ජාතිකයන් අතරවු විද්වතුන් සමග, අනෙකුත් සහෝදර ආගමික නායකයන් සමග, දේශපාලන නායකයන් මෙන්ම, රජයේ සහ ආරක්ෂක අංශ වල ඉහල නිලධාරීන් සමග සාකච්ඡා වට රාශියක් පවත්වන ලදී.

පෙරකී සාකච්ඡා මාලාවේ ඉතා වැදගත් සාකච්ඡාවක්  පසුගිය 2013 පෙබරවාරි 13 වන දින ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අප සභාපති අශ්-ෂේක් රිස්වි මුෆ්ති මැතිතුමාගේ නායකත්වය යටතේ මුස්ලිම් සමාජයේ ආගමික නායකයන් සහ අනෙකුත් වෘත්තීයවේදීන් සමග පවත්වන ලද අතර එහිදී දැනට මතුවී ඇති අසහනකාරී වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එකී සාකච්ඡා වලදී හලාල් සහතික කරණය හේතුකොටගෙන මේ මතුවී ඇති මතබේධ සහ අර්බුධය පිළිබඳව කරුණ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර එහිදී මෙරට ජීවත් වන සියළුම ආගම් හා ජාතීන්ට අයත් සෑම ජනකොටසකටම සමාන අයිතිවාසිකමක් ඇතිව සිය ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කොටගෙන ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂක ලේකම් තුමන් විසින් දැඩිව අවධාරණය කරන ලදී.

මේ වන විට මතුවී ඇති අසහනකාරී තත්වය සමතයකට පත්කිරීම සඳහා කැබිනට් මන්ඩලය විසින් පත්කර ඇති විශේෂ තේරීම් කාරක සභාව, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප සංගමයට ආරාධනා කොට ඇත.

කරුණු එසේ හෙයින් හා පෙරකී සාකච්ඡාවන් වල ප්‍රථිඵලයක් ලෙස රටේ සාමය සහ සමගිය ආරක්ෂා කරගැනීම සඳහාද, ජාතීන් අතර අනවශ්‍ය හා අනර්ථකාරී බේධයක් ඇති කිරීමට හලාල් සහතික කරණ ක්‍රමවේදය මෙරට ජීවත් වන මුස්ලිම් ජනයාට පමණක් වෙන්වු ක්‍රියාදාමයක් බවට යළිත් අවධාරණය කර සිටී.

ඒ අනුව අප සංගමය, අපගේ හලාල් සහතිකය ලත් සියළුම ආයතන වලින් ඉල්ලා සිටින්නේ අදාල හලාල් සහතික කරන ක්‍රියාදාමය මුස්ලිම් වරුන්ට පමණක් විකිණීම සඳහා අර්පනය කරන කරන භාන්ඩ වලට සීමාකොට තබන ලෙසත් එය ඉස්ලාම් නොවන අන්‍යාගමිකයන්ට විකිණීම සඳහා අර්පනය කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

මව්බිමේ සාමය, සමගිය, සෞභාග්‍ය සහ සියළු ජාතීන් අතර සහජීවනය ප්‍රාර්ථනා කරන, වගකීමක් සහිත ආයතනයක් ලෙස අප සංගමය මෙම තීරණය රටේ උන්නතිය සඳහා ගන්නා බවට විශේෂයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.



හලාල් සහතිකකරණ අංශය
සමස්ථ ලංකා ජමියතුල් උලමා

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය  නිවේදනය!
සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!

අල් කුර්ආනයේ කතුවරයා කවුද? (3)


3. ලෞකික සමිපත් එතුමාගේ අරමුණද?
පළමු කොටස    :
http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස :
http://islaamaya.blogspot.com/2013/02/2.html

ඉතාමත් පහසු මාවතකාගේත් ඇල්ම බව සමහරුන්ගේ තර්කයයි. ඒ අනුවකුර්ආනය අල්ලාහ් ගෙන් පහළවූ බව මුහම්මද් ( සල් ) තුමා පැවසුවේ විශාල ලාභයක අපේක්ෂාවෙන් යයි සමහරු සිතති. යථාර්ථයේ සාක්ෂි හා එම අදහස කිසිසේත් සසේදෙන්නේ නැත. නබිත්වය ලබන්නට පෙර මුහම්මද් ( සල් ) තුමාගේ ආර්ථික තත්වය යහපත් එකක්වූ බව කුරුත් දනිති. විසිපස් වන වියෙහිදීධනවත් ව්‍යාපාරික කාන්තාවක් වන කදිජා ( රැලි අල්ලාහු  අන්හා ) තුමිය හා විවාහවී අගහිගකමින් තොරව එතුමා ජිවත්වුහ. වසර පහලවකට පසුවනබිවරයෙකු ලෙස එතුමාගේ ජිවිතයේ ආර්ථිකය හා සැප සම්පත් ගැන ඊර්ශ්‍යවිමට කිසිදු හේතුවක් නොවිය. 

මුහම්මද් ( සල් ) තුමාගේ බිරිදක් වන ආයිෂා ( රලි ) තුමියනිවසේ උයන්නට කිසිදු ආහාරයක් නොමැති හේතුවෙන්සමහරවිට මාසයක් දෙකක් ලිප පත්තු නොකළ යයි පැවසු බව වාර්තාවේ. එවැනි දිනවල පවුලේ අයරටඉදි සහ ජලයෙන් කුස පුරවා ගත්හ. සමහර අවස්ථාවලදීමදීනවාසින් සපයන එළු කිරිද බිමට ලැබිණි. ( මුලාශ්‍රයඉමාම් නවවිගේ රියාද් අස් සාලිහීන් ග්‍රන්ථය. )

පැරණි මුලශ්‍රයෙන් ලැබුණු තොරතුරු අනුව මුහම්මද්ගේ ජීවිතය " යන කෘතියෙහිමාර්ටින් ලිංස් නම් විද්වතෙක් මෙසේ ලියයි. " නබිවරයා සහ එතුමාගේ පවුලේ අයඉතාමත් සකසුරුවමින් ජිවත්වුහ. ( යුදෙව්වරුන් පාලනය කල උතුරු අරාබියේ ) කඃයිබර් පළාත අත්පත් කරගන්නට පෙරකුස පිරෙන රටඉදි කෑමට ගෙදර අය දැන නොසිටියහ. දවසින් දවස වැඩිවන පවුලේ සමාජිකයන් ජීවත්වූ දිළිදුකමේ සැබෑ ස්වරූපය එයයි. එතුමාගේ බිරියන් ඉතාමත් අත්‍යවශ්‍යදේ පමණක් එතුමාගෙන් ඉල්ලා සිටි අතරසමහර විට එය පවා දීමට එතුමාට නොහැකිවුණි. "

මෙම තත්වයතාවකාලික කැපවීමක් නොවඑම පවුල ඇලුම් කළ ජිවන රටාවදවේ. මුහම්මද් (සල්) තුමා කැමතිවුයේ නම්රජෙක් ලෙස ජීවත්විය හැකි අවස්ථාවකඑතුමා ජීවත්වූ තත්ත්වය වුයේ එයයි. ඇත්ත වශයෙන්ම එතුමාගේ බිරියන් සමහරුමදීනා වාසින් සැප සම්පත්ව සිටියදී තමන් පමණක් එවැනි දිළිදුකමේ දිගින් දිගට ජීවත්වීම ගැන අසතුටු ප්‍රකාශ කරන්නටවුහ.
මෙම අසහනය ගැන නබිවරයා කනස්සලට පත්ව සිටිනවිටඅල්ලාහ් හෝ නැතහොත් තාවකාලික ලෝකයේ අලංකාරය යන දෙකෙන් එකක් තෝරාගනු මැනවියනුවෙන් එතුමාගේ බිරියන්ට දන්වන ලෙස අණ කර කුර්ආන් වැකි පහළවිය.

අහෝ නබි තුමනි! ඔබේ මෙලොව ජිවිතයදඑහි අලංකාරය කැමැත්තාහු නම් එනුමම ඔබට පරිභෝගයක් සපයා ඔබ ගෞරවයෙන් මුදවන්නෙමි යයි ඔබගේ බිරියන්ට කියනු.

ඔබ අල්ලාහුද ඔහුගේ රසුල්වරයදඅන්තිම නිවාසයද කැමැත්තාහු නම්ඇත්තෙන්ම අල්ලාහ් ඔබගෙන් යහකම් කරන්නවුන්ට මහත්වූ ඵල විපාක පිළියෙළ කර තබා ඇත්තේය. " කුර්ආන් 33: 28 සහ 29 වැකි.

නබි ( සල් ) තුමාගේ නිවසේඑතුමාගේ කාමරය ගැන උමාර් ( රලි ) මෙසේ පවසයි. " එතුමාගේ කාමරයේ හම් කැබලි තුනක් සහ මුල්ලක බාර්ලි සුවල්පයක් තිබෙනු දුටුවෙමි. තවත් අවට බැලු නමුත්වෙන කිසිවක් නොතිබුණි. මම අඩන්නට පටන් ගත්තෙමි. " ඔබ අඩන්නේ අයි? "  දැයි එතුමා මගෙන් ඇසුහ. නබි ( සල් ) තුමනිමම නොඅඩමින් සිටින්නේ කෙසේදඔබ තුමාගේ සිරුර මත තිබෙන පැදුරේ ලකුණු මට පෙනෙනවා.එමෙන්ම මෙම කාමරයේ තිබෙන සියළුදේ මට පෙනෙනවා. නබි ( සල් ) තුමනිඅල්ලාහ් අපට වැඩි වැඩියෙන් ආහාර දෙන ලෙස යාච්ඥා කරනු මැනවි. දේව විස්වාසය නොමැතිවඅල්ලාහ්ට නොව තම රජවරුන් වන කෙයිසර් සහ කොස්රොස් වරුන්ට නැමදුම් කරන රෝමානු හා පර්සියානු ජාතීන් ඇළදොළ ගලන උයනේ ජිවත් වනවිටඅල්ලාහ් විසින් තෝරාපිළිගත් වහලාවන නබිවරයා දරුණු දිළිදුකමේ ජිවත්වන්නට සිදුවී ඇත. " යයි පැවසුවෙමි. කොට්ටයක ඇලවී මම මේ ආකාරයෙන් කථා කිරීම අසු නබි ( සල් ) තුමානැගිට වාඩිවී, " යා උමර්මේ කරණය ගැන ඔබ තවමත් සැක කරන්නේදමතු ජිවිතයේ සැප පහසුවමේ ලොවේ සැප පහසුවට වඩා බොහෝ උසස්ය. දේව විශ්වාසය නොමැති අයසියළු හොද දැයින් මේලොවේ සතුටුවන විටඅපහට ඒවා අනිත් ලොවේ  ලැබෙනු ඇත. " යනුවෙන් කිවේය. එවිට මම " අල්ලාහ්ගේ නබි ( සල් ) තුමනිමා වෙනුවෙන් අල්ලාහ් ගෙන් සමාව යදින්න. සැබවින්ම මං කර ඇත්තේ වැරැද්දක්. " යනුවෙන් කීවෙමි. ( මාර්ටින් ලිංස්ගේ කෘතියෙන්. )

ආයිෂා ( රලි ) තුමියගේ නිවසෙහිනබි ( සල් ) තුමාගේ ඇදේ ඇතිරිලි ගැන කෙනෙක් එතුමියගෙන් විමසුවේය. ඉදිගසේ පොතු පිරුණු හමකි. ( උරයකි ) යයි එතුමිය පිළිතුරු දුන්නාය. 
එතුමාගේ බිරියක් වන හෆ්සා ( රලි ) තුමියට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ විටඑතුමිය මෙසේ පැවසුවාය. "  දෙකට නැමූ හන රෙදි කෑල්ලකි. එතුමාට පහසුවනු පිණිසවරක් එම හන රෙද්දහතරට නවා එතුමාගේ ඇඳ මත දැමුවෙමි. පසු දින පාන්දර, " ඊයේ රාත්‍රී ඔබ ඇඳට දැම්මෙ කුමක්දැ? " යි එතුමා විමසුවේය. " ඒ හණ රෙදි කෑල්ලම වෙනද මෙන් නොවහතරට නමුවෙමි. " යනුවෙන් පිළිතුරු දුන්නෙමි. එවිට " කලින් කළ ආකාරයටම තියන්න. මගේ තහජ්ජුද් ( මධ්‍යම රාත්‍රි ) නැමදුමට අමතර සහනයෙන් බාධාවක් සිදුවෙනවා. " යනුවෙන් මට කිවේය.
මුහම්මද් ( සල් ) තුමාගේ දිළිදුකමසිය කැමැත්තෙන් තෝරා ගත එකක් බව මෙහිදී පෙන්වා දිය යුතුවෙයි. එතුමාට ත්‍යාග වශයෙන් යමක් ලැබුණේ නම්ඒවා සියල්ල දුප්පත් ජනතාවට බෙදා දුන් අතරකිසිවක් තම අවශ්‍යතාවයට නොගත්හ. වරක් ෆිදාක් පළාතේ ප්‍රධානියා ඔටුවෝ හතර දෙනෙක් මත පටවාගත් බඩු පොදි ලැබුණදඒවා සියල්ල බෙදා හැරියහ. එතුමා අවසාන හුස්ම හෙලු මොහොතේඑතුමා සතුව එක තඹ කාසියක් වුවද නොතිබුනි. එතුමා සතුව දීනාර් හතක තිබුණදඒවා තමා ළග ඉතිරිවනු ඇතෙයි බියවීසිය සිය මරණයට දින කිහිපකයට පෙරදුගීන්ට එය බෙදා දුන්හ. විශිෂ්ට ලෙස ජය ලබා සිටිය එතුමාමරණාසන්න මොහොත වනවිට ණය බරවී සිටියහ. එතුමාගේ පලිහ පවාණයක් සදහා මදීනාවේ යුදෙව් ජාතිකයෙකු ලගඋකස් කර තිබුණු බව වාර්තාවක සදහන්වනවා.

නබිත්වය ලැබීමෙන් පසුතම මරණය දක්වා මුහම්මද් ( සල් ) තුමා ඉතාමත් සකසුරුවමින් සහිත ජිවිතයක් ගත කළ බව පවසන වාර්තා බොහෝමයක් ඇත. එතුමා ලෞකික සම්පත් රස කරන්නට අදහස් කළ බවට නගන චෝදනාවඉතිහාසයේ යථාර්තය හා කිසිසේත් නොසැසදේ. නව කතෝලික විශ්වකෝෂයේ  9 වන වෙළුමේ පිටු අංක 1001 මෙසේ පවසයි. " මුහම්මද් ( සල් ) තුමාගේ ආගමික විප්ලවයට තුඩු දුන්නේ ආර්ථික ලාභය බව චෝදනා නගන්නට සමහරු ඉදිරිපත්වුහ. එහෙත්කවුරුත් දන්නා යතාර්ථය හා එම කථාව කිසිසේත් එකග නොවේ. "

පළමු කොටස    : http://islaamaya.blogspot.com/2012/08/1.html
දෙවැනි කොටස : http://islaamaya.blogspot.com/2013/02/2.html

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons