කාන්තාව පිටරට ගොස් සොයන මුදලට වඩා විශාල හානියක් ඇගේ පවුලට සිදුවෙනවා











කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ස්වර්ණා ඉහළගම



කාන්තාව විදේශගත වීම අද වන විට සමාජ පුරුද්දක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් උපයන්නේ විදේශ රැකියා සඳහා යොමු වී සිටින අපේ කාන්තාවන් විසින්. එම නිසා කාන්තාව විදේශගත වීම ආර්ථික වශයෙන් ප්‍රධාන ආදායමක් බවට පත්ව තිබෙනවා.
නමුත් සාම්ප්‍රදායික පෙරදිග සමාජ ක්‍රමය අනුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයේදී කාන්තාව සතු වගකීම වැඩියි. පවු‍ලේ ප්‍රධානියා පුරුෂයා වුවත් දරුවන් හැදීමේ කාර්යයේදී කාන්තාවට වැඩි වගකීමක් තිබෙනවා. එම නිසාම කාන්තාව විදේශ ගතවීම පවුල් ඒකකයේ පරිහානියට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. පවුල පරිහානියට පත්වීම නිසා විශාල සමාජ පරිහානියකුත් සිදු වෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ වැඩි ප්‍රතිශතයක් ඉහළ අධ්‍යාපනයක් නොලැබූ කාන්තාවන් බවයි. සමහර කාන්තාවන් උපාධිය තිබියදීත් රජයේ රැකියා අවස්ථා නොලැබිම හේතුවෙන් විරැකියාවට මුහුණ දෙනවා.
මෙවැනි තත්ත්වයන් මධ්‍යයේ ආර්ථික දුෂ්කරතා හමුවේ අසරණ වන බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යොමුවීම සාමාන්‍යයි. නිසි පුහුණුව, උගත්කම හා පළපුරුද්ද පිළිබඳව සුදුසුකම් ගෘහ සේවය සඳහා නොසලකා හැර තිබිමත්, වැඩි වැටුපක් ලබා ගැනීමට හැකිවීමත් මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
අනෙක් පැත්තකින් කරුණු සෙවීමේදී විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවට එම රටවලදී ලංකාවේ රැකියාවක නිරතවන විට තිබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. තමුන්ට සුපුරුදු පරිසරය, කෑම බිම, සංස්කෘතිය පැවැත්ම ආදී සියල්ලටම වඩා වෙනස් පරිසර තත්ත්වයක රැකියාවක නිතරවන කාන්තාව ඉතා අසරණයි.
ඒ වගේම යම් පවුලක මව, බිරිඳ, සහෝදරිය විදේශගතවීම නිසා පවුලකට විශාල හානියක් සිදුවෙනවා. විදේශගතවීම මගින් හරි හම්බ කරන මුදලට වඩා විශාල හානියක් පවුලට සිදුවිය හැකියි.
විශේෂයෙන් වියළි කලාපයට අයත් හොරොව්පතාන, අනුරාධපුරය වැනි ප්‍රදේශවල කාන්තාවන් ආර්ථික අපහසුතාවයන්ට පත්වන අවස්ථාව වැඩියි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගත් එම ප්‍රදේශවල නියඟය හෝ ගං වතුර වැනි තත්ත්වය ඇති වුවහොත් සියලු වගා හානියට පත් වෙනවා. සමහර අවස්ථාවන්වලදී ඔවුන්ගේ ගේදොර උකස් තබා බිජ වී ‍පොහොර ආදිය මිලදීගෙන වගා කටයුතු කරගෙන ආවත් හදිසි තත්ත්වයක් මත වගාව විනාශ වූවොත් ඔවුන් ඉතාම අසරණ වෙනවා. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන නිසාම වියළි කලාපයේ බොහෝ කාන්තාවන් විදේශ ගත රැකියාවන්වල නිරත වීමට උත්සාහ දරන බව පෙනෙනවා.
විදේශගත කාන්තාව විසින් පවු‍ලේ දියණුවට කියා එවන මුදල් නිකරුනේ නාස්ති වන අවස්ථා අපි දකිනවා. ස්වාමියා තැබෑරුම්වලට ලෝබ නැතිව වියදම් කරනවා. එවැනි විදේශගත කාන්තාව මුහුණ දෙන, ඒ කාන්තාවගේ පවුලට විය හැකි ගැටලු, දුවා දරුවන් මුහුණ පාන අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන නවකතා, කෙටිකතා, රූපවාහිනී නාට්‍ය, සිනමා බිහි කළ හැකියි.
හරසුන් ටෙලි නාට්‍ය මේ දිනවල ඕනෑ තරම් රූපවාහිනී මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හරසුන් නාට්‍ය වෙනුවට මෙවැනි සමාජයට බලපෑම් කරන මිනිසුන්ට දැඩිව බලපාන මාතෘකා තේමා කරගනිමින් නිර්මාණ බිහි කළ හැකියි.
විශේෂයෙන් වියළි කලාපයේ පවුල් මුහුණ පාන ප්‍රබල ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඉන් එකක් වන අලි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීම, අනෙක පවු‍ලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන මව විදේශගතවීම.
මෑතකදී රූපවාහිනී නාට්‍යයක කාන්තාව විදේශගතවීම නිසා පවුල විනාශ වන ආකාරය තවත් පැති කිහිපයක් ඔස්සේ කතා කරමින් විකාශනය කෙරුනා. නමුත් ඊට වඩා ප්‍රබල විදියට මෙම මාතෘකාව පිළිබඳව කතා කළ යුතුයි.
විදේශගත වන කාන්තාව වෙනුවෙන් කාන්තාවගේ පවු‍ලේ ආරක්ෂාව හා කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීති රීති යෙදීම වගේම කලාකරුවන්ගේ දායකත්වයෙන් ඒ ප්‍රශ්න නිවස ඇතු‍ලේදීම ඔවුන්ට දැනෙන්නට සැලැස්විය හැකියි.
මැද පෙරදිග ගෘහ සේවයට ගිය රිසානා අද හොඳ මාතෘකාවක්, අඩු වයසේ සිටියදීත් වැඩි වයස් යොදා සියලු සහතික හොරාට නිර්මාණය කරන විදේශ රැකියා නියෝජිත ආයතන, මුහුණ පාන ගැටලුව සිනමාව ඔස්සේ කතා කළ හැකියි.
රිසානා අඩු වයස් දැරියක් වශයෙන් විදේශගත වීමත්, ඇයට මරණ දඬුවම වැනි අමානුෂික තත්ත්වයක් හිමිවීමත් නිසා ජනතාවගේ සිත් දැඩි ලෙස කම්පා කළා. නමුත් මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදේශගත වන බොහෝ කාන්තාවන්ගේ ඉරණම කණගාටුදායකයි.
අපේ කාන්තාවන් සෑහෙන වද හිංසාවලට මුහුණ දෙනවා. ඇණ ගසනවා. ගුටි කනවා. බොරු චෝදනා මත ‍පොලීසි ගෙන යනවා. සමහර කාන්තාවන්ට කන්න බොන්න දෙන්නෙත් නෑ. කිසිදු අනුකම්පාවකින් තොරව උදේ පාන්දර සිට මහ රාත්‍රිය වන තුරු පැය 18ක් පමණ සේවය කරන්න සිදු වෙනවා. රිසානාගේ සිදුවීම තරම් මෙම සිදුවීම් වාර්තා වන්නේ නැහැ. මේ සිදුවීම් වාර්තාවීම සිදුවුනා නම් සමහර විට කාන්තාව විදේශගත වීමට පෙර දෙවරක් සිතීමට පෙළඹිය හැකියි.
අත දරුවන් සිටින කාන්තාවන් මෙන්ම වැඩිවියට පත් දැරියන් සිටින කාන්තාවන් විදේශගත වීමට පෙර දෙවරක් සිතිය යුතුයි. ආර්ථිකමය වාසිය තකා විදේශගත වුවත් නැවත ලංකාවට පැමිණෙන විට තමන්ගේ දරුවන් වැරදි කටයුතු සඳහා යොමු වී තිබුණොත්, හිරගෙවල්වල දඬුවම් විදිනවා නම් හෝ තමන්ගේ දියණිය පියා අතින්, ඥාතියෙකු අතින් හෝ අසල්වැසියෙකු අතින් අතවරයට පත්ව තිබුණොත් මවකට දරාගත නොහැක. මිල මුදල් කොපමණ හරි හම්බ කරගෙන පැමිණියත් ඒවායින් කිසිදු ඵලක් නැති වෙනවා.
මෙවැනි තත්ත්වයන් අවධානයට ගනිමින් මැද පෙරදිග හෝ වෙනත් රටක ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාවට අදාළව නීතිමය ප්‍රතිපාදන, රක්ෂණ ආවරණ, වගකිව යුතු නිලධාරීන් හා ආයතන විසින් සකස් කිරීමට පියවර ගත යුතුයි.
ඒ වගේම අඩු වයස් දැරියන් හා විවාහ ජීවිතයට ඇතුළත් නොවූ කාන්තාවන් විදේශගත වීමේදීත් දැඩි නීතිරීති අවශ්‍යයි. විශේෂයෙන් තමන්ගේ ආදායම ගැන පමණක් සිතා කාන්තාවන් විදේශගත වීමට ‍පොළඹවන, අනුබල දෙන විදේශ රැකියා නියෝජිත ආයතන, තැරැව්කරුවන් සම්බන්ධයෙන්ද දැඩි නීති රීති යෙදිය යුතුයි.
එවැනි තත්ත්වයන් සමාජයේ සුබ සිද්ධියට සහ යහපැවැත්මට අවශ්‍යයි. පෙරදිග රටක් වශයෙන් කාන්තාව පවුලෙන් වෙන්වීම සුදුසු බව කෙසේවත් කිව නොහැකියි.
ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් නගා සිටුවීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ගෘහ ආශ්‍රිත ස්වයං රැකියා ව්‍යාපාර ඇති කිරීමට අවශ්‍ය දැනුම, උපකරණ හා ප්‍රාග්ධනය ලබා දී නිරන්තර අධීක්ෂණය යටතේ ඔවුන් නගා සිටුවිය යුතුයි.
කාන්තාව මුහුණ දෙන ආර්ථික ගැටලු නිරාකරණය නොකර විදේශගත වීම වැළැක්විය නොහැකියි. ආර්ථික ගැටලු නිරාකරණය වුවහොත් කාන්තාව විදේශගත වීමත් වැළැක්වෙනවා. දුවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ඔවුන්ට හොඳ ආරක්ෂාවක් තිබිම නිසා පවුල් සංස්ථාව ශක්තිමත් වෙනවා. ඒ වගේම අනෙක් පසින් සමාජය පරිහානියට පත්වීම වෙනුවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමත් සිදු වෙනවා.

සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන්ම අයෙක් වධ හිංසාවට ලක්වෙනවා

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිදිමුතු ආටිගල

කාන්තාවන් මැද පෙරදිග යාම ප්‍රධාන තැනකට ඇවිත්. නමුත් ඔවුන් විදේශ ගතවන්නේ ඇයි යන්න සිතිය යුතුයි. ඈත ගම්වල ජීවත්වන කාන්තාවන්ට තමන්ගේ නිශ්චිත රැකියාවකට යොමුවිය හැකි මාර්ගයක් නැහැ. අධ්‍යාපනයකුත් නැහැ.
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් මාර්ගයෙන් උපයන විදේශ විනිමය. ඔවුන් මැදපෙරදිග රටවල විනෝදයෙන් සහ පහසුවෙන් කරන රැකියාවක් මගින් නොවෙයි මේ ආකාරයට විදේශ විනිමය සොයන්නේ. විදේශගත ශ්‍රමික ප්‍රජාවෙන් 2/3ක් කාන්තාවන්. මෑතකදී කළ සමීක්ෂණයකට අනුව තහවුරු වී තිබෙනවා විදේශගත සෑම කාන්තාවන් හතර දෙනකුගෙන්ම එක් අයෙක් ශාරීරික වද හිංසනයට ලක්වෙනව බව.
ඒ වගේම විදේශගත කාන්තාවන්ගෙන් සියයට තිහක ප්‍රමාණයක් සඳහා වැටුප් ලැබෙන්නේ නැහැ. 2005 වසරේ සිට 2013 වනතුරු සිර ගෙදරට වී සිටි රිසානාට ඒ කාලය තුළ ඩිනාර් 1ක් ලැබුණේ නැහැ. අපි නොදන්න අපට වාර්තා නොවන තවත් ඕනෑතරම් සිදුවීම් අප අතර තිබෙනවා.
ඒ දේවල් ගැන කතා කරන්න කිසිසේත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මෙය සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයක්. නිෂ්පාදන ආර්ථිකය වැඩි කරනවා යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය වැඩිකිරීමයි. අද වනවිට ඇඟලුම්
නිෂ්පාදන කෝටාවක් අපට අහිමි වෙමින් තිබෙනවා.
එවැනි වටපිටාවක ආදේශකය වශයෙන් කාන්තාව යොදාගෙන විදේශ විනිමය සෙවීමට උත්සහා කිරීම අනුමත කළ නොහැකියි.
අපේ ජනාධිපතිවරයා අයවැය කතාවේදී කියනවා ඩොලර් බිලියන 6ක් වන විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් විසින් උපයන බව සහ 2014 වර්ෂය වනවිට එය ඩොලර් මිලියන 10ක් බවට පත්කරගැනීම ඉලක්කය බවත්.
ආණ්ඩුව එය කරන්න හිතාගෙන සිටින්නේ තවතවත් අපේ රටේ සිටින කාන්තාවන් පිටරට වහල් සේවය සඳහා යෙදවීම මගින් ආණ්ඩුවේ සංදර්ශනවලටත්, පාරවල් නිර්මාණයට පිහිණුම් තටාක ඉදිකිරීමටත් මුදල් සොයන්නේ අපේ කාන්තාවෝ විසින්. ආණ්ඩුව මෙහි තිබෙන ඛිෙදජනක තත්ත්වය ගැන හොඳින්ම දැන සිටියත් පියවර ගැනීමට පසුබට වන්නේ ඒ නිසයි.අපේ රටටත් වඩා දුප්පත් ඉතියෝපියාව, බංගලාදේශය, සුඩානය වැනි රටවල් පවා සෞදියට කාන්තාවන් රැකියා සඳහා යැවීම සිදු කරන්නේ නැහැ. ඒ වගේම පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන්ද ගෘහ සේවය සඳහා සෞදියට යැවීමක් කරන්නේ නැහැ.
පිලිපීන ජාතික කාන්තාවකට මැදපෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටියදී එහි ගෙහිමි ස්වාමියා විසින් අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඊට විරුද්ධ වන කාන්තාව විසින් පිහියකින් ඇන එම ස්වාමියාව මරණයට පත්කරනවා. එම සිදුවීමේදී පිලිපීනය වහා මැදිහත් වී සටන් කර තම රටෙන් ගිය ගෘහ සේවිකාව ඉක්මනින්ම ගෙන්වා ගත්තා. ඒ වගේම ඔවුන් ඇයට විශාල වන්දියකුත් ලබාගත්තා.
නැවතත් ඉන්දුනීසියානු කාන්තාවකගේ හිස ගසා දැමීමක් සෞදියේදී සිදුවුණා. ඒ අවස්ථාවේ ඉන්දුනීසියාවේ රටේ පාලකයා වහාම ඉදිරියට ඇවිත් ඉන්දුනීසියානු කාන්තාවන් නැවත ගෘහ සේවය සඳහා සෞදියට යැවීම නොකරන බව කියනවා. ඒ වගේම අදත් ඉන්දුනීසියානු කාන්තාවන් ගෘහ සේවය සඳහා සෞදියට යන්නේ නැහැ.
නමුත් අපේ රටේ රිසානා වෙනුවෙන් බලධාරීන් මැදිහත් වුණේ නැහැ. හොර ඒජන්සිකරුවන්ට රිසානා රට යවන්න හොර ලියවිලි හදන්න හැකි වාතාවරණය රටේ බිහිවීමට මේ වගකිව යුත්තන් වගකිව යුතුයි.
රිසානා මරා දමා තිබියදීත් අපේ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ කියනවා අපි රිසානා මුදාගන්නවා කියලා. තර්කානුකූල බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා මෙතැන ක්‍රීඩාවක් සිදුවෙන බව. රිසානාට තමන්ගේ ප්‍රකාශය තමන්ගේ භාෂාවෙන් කරන්නවත් මැරෙන තුරු තමන් මැරෙන බවවත් දැනගැනීමට නොහැකි වුණා.
රිසානා කියන්නේ මේ ඛිෙදවාචකයේ එක පැතිකඩක් පමණයි. තවදුරටත් කාන්තා ශ්‍රමය මගින් මුදල් සෙවීමට සිතන ආණ්ඩුවක් පවතින තුරු රිසානාලා මියයාම, ආරියවතීලාට ඇණ ගැසීම, සුරේඛලාගේ මිනිය මෙරටට ඒම සිදුවීම වළක්වන්න බැහැ. 2012 වර්ෂයේදී මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටි කාන්තා මළ සිරුරු 436ක් මෙරටට ආවා. විදේශගත වන කාන්තාවගේ වයස අවුරුදු 25ට වැඩිවිය යුතුයි කී පමණින් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමට බැහැ. අවුරුදු 25ට වැඩි කාන්තාව සෞදි ගියත් කාන්තාවන් ලක්වන පීඩාවන්වල වෙනසක් සිදුවෙන්නේ නැහැ.
1988 ලෝක ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමයින් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට සෞදි රජය එකඟවී තිබියදීත් රිසානා ළමා වියේදී මරණ දඬුවමට ලක්වෙනවා. අපේ බලධාරීන්ට බැරි වුණා රිසානාගේ පාස‍ලේ තිබුණු උප්පැන්න සහතිකය රැගෙන ඒ රටට ගිහින් රිසානාගේ වයස ඔප්පු කරගන්න.
කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අසනවා. ඒ වගේම කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන හේතුව සොයා බලා විසඳුම් ලබාදිය යුතුව තිබෙන බවත් අප පෙන්වා දෙනවා. තවදුරටත් කාන්තා ශ්‍රමයෙන් ජීවත් නොවී මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අපේ රටේ යහපාලනයේ සැබෑ ස්වරූපය මෙයින් හෙළිදරවු වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ අවධානය හා රැකවරණය කෙරෙහි ඔවුන්ගේ ජීවිත කෙරෙහි තිබෙන අවතක්සේරුව මින් පිළිබිඹු වෙනවා.

මැදපෙරදිගින් සෙවූ මුදලින් සතුටින් ජීවත්වන පවුල් තිබෙනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

කාන්තාවන් මැදපෙරදිග සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා මගහැරී සතුටින් ජීවත්වන අවස්ථා තිබෙනවා. එවැනි පවුල් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. නමුත් මැදපෙරදිග රටවලට සේවයට ගොස් නොයෙක් වදහිංසාවලට ලක්වන කතුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් වාර්තාවීමට පටන්ගෙන තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික ආර්ථික
දුෂ්කරතා හේතුවෙන් මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු වුවත් එමගින් විශාල සමාජයීය ප්‍රශ්න සංඛ්‍යාවක් උද්ගතවීමට පටන්ගෙන තිබෙනවා. නුපුහුණු, භාෂා දැනුමකින් තොර ශ්‍රමිකයෙකුට සිය ආර්ථික දුෂ්කරතාවලට පිළියමක් වශයෙන් තෝරාගත හැකි එකම විකල්පය බවට පත්ව තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවයට යොමුවීමයි.
තමන්ගේ දරුවෝ බඩගින්නේ සිටින විට, පාසල් උපකරණ නැතිව පාසල් යැවීමට නොහැකිවූ විට, ලස්සනට අඳින්න ඇඳුමක් නැති වුණාම, හිසට වහලක් තනාගන්න තියන ඕනෑකම වැනි තත්ත්වයන් නිසා කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමුවෙනවා.
මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට කැමැති කාන්තාවන් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් පවතිනවා. කාන්තාවන් මැදපෙරදිග සේවය සඳහා යොමුවීම එකවරම නුසුදුසුයි කියන තීරණයට එළැඹීම සුදුසු නැහැ.
තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවූ විට එම කාන්තාවන් වෙනුවෙන් ඔවුන් නගාසිටුවීමේ විකල්ප ක්‍රමවේදයක් සකස්කර නැතිනම් හැකි එකම ක්‍රමයට ඔවුන් යොමුවීම සාමාන්‍යයි. ආර්ථික තත්ත්වය පිරිහීම නිසා ජීවිත අවදානම ගැන පවා නොසිතා කටයුතු කිරීමට
පෙළඹෙනවා.මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු කිරීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සිදුකෙරෙන වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැහැ. තමන් ගෘහ සේවයට පිටත් වන රටේ පවතින නීතිය, ඔවුන් සේවය කරනතුරු වගකීමට බැඳෙන ගිවිසුම ගැන මෙන්ම සේවය කරන අතරතුර සිදුවන අනතුරකදී හෝ හදිසි තත්ත්වයක් මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් කාන්තාව මැදපෙරදිග සේවය කර උපයා ගන්නා මුදල්, ආර්ථික සවිමත් භාවය ගැන වගේම ඔවුන් මැද පෙරදිග ගෘහ සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව දැනුවත් කළ යුතුයි.
සාමාන්‍යයෙන් වැඩිවිය පත් දියණියක් පියා සමග තනිකර යාම නිසා ඇතිවිය හැකි තත්ත්වය, ස්වාමියා වෙනත් කාන්තාවන් ඇසුරට යොමුවීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, දරුවන් නොයෙකුත් නීතිවිරෝධී ක්‍රීඩාවලට යොමුවීම, දරුවන්ගේ භාරකරුවන් විසින් දරුවන්ට තාඩනපීඩන සිදුකිරීම ආදිය සිදුවිය හැකි බවට ඇයට ඒත්තු ගැන්විය යුතුයි. එවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තා වන නිසා පුවත්පත් සිරස්තල යොදා ගනිමින් ඔවුන්ගේ සිත්තුළ තම පවුල පත්විය හැකි අවදානම පිළිබඳ දැනුවත් කළ යුතුයි.
එවැනි දැනුවත් භාවයක් ලැබිම නිසා සමහර විට කාන්තාවන් විදේශගත වීම වෙනුවට වෙනත් විකල්ප ආර්ථික වැඩපිළිවෙළකට යොමුවිය හැකියි. නොඑසේ නම් තමුන් තම රටෙන් බැහැරව සිටින තුරු පවු‍ලේ ආරක්ෂාව දරුවන්ගේ ආරක්ෂාව සහ එකිනෙකා අතර බැඳීම් දුරස්ථ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට පෙළෙඹෙයි.
මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන්ට වසරකට වරක් හෝ නැවත තම මව්රටට පැමිණ යාමට හැකිවන ලෙස කටයුතු යෙදිය හැකි නම් එය වඩාත් සුදුසුයි. එවැනි ක්‍රමවේදයක් යෙදීමෙන් පවුල් අතර සබැඳියාව බිඳී යනවා වෙනුවට සබැඳියාව වැඩි විය හැකියි. ස්වාමියාත් දරුවාත් සිය භාර්යාව, මව ඉතා ඉක්මනින් තමන් වෙත එන බව දැන සිටින නිසා සමාජයේ අද පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් දැකගැනීමට හැකියාව උදාවිය හැකියි. කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යොමුවුණු බොහෝ පවුල් අද වනවිට බිඳුණු පවුල් බවට පත්ව තිබෙනවා.මෙහිදී සමාජ සේවා අමාත්‍යංශය සමග සම්බන්ධ කර මව, බිරිඳ මැදපෙරදිග ගෘහ සේවයට පිටත් වුණු පවුල්වල තත්ත්වය නිරන්තරයෙන් සොයා බැලෙන ක්‍රමවේදයක් සකස් කෙරෙනවා නම් එයද වැදගත් විය හැකියි. තමන්ගේ රටේ ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික තත්ත්වයක් ගොඩනංවාගැනීමට නොහැකි නම් ඔවුන්ට වෙන ගත හැකි පියවරක් නැහැ.
නගරබද ප්‍රදේශයෙන් තරමක් ඈතට යනවිට හමුවන නිවෙස්වල සිටින සමහර කාන්තාවන් පවසන්නේ හිසට වහලක් ඇතිව ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවයට ගිහින් සොයා ගත්ත මුදල් නිසා බවයි.රිසානා නෆීක් තරුණිය දරුණු ඛිෙදවාචකයකට මුහුණපෑවේ අරාබි නීතියේ තිබෙන දැඩි දරදඬු ස්වභාවය නිසයි. තමන් සේවය කරන රටේ නීතිය ගැන විශේෂයෙන්ම දැනුවත් භාවය තිබිය යුතුයි. අපේ සමහර කාන්තාවන් ගෘහ සේවය සඳහා වෙනත් රටකට පිටත්ව ගිය අවස්ථාවල ඒ රටවල අනාචාරයේ යෙදෙනවා. ඔවුන්ගේ පවුල් අමතක කර දමා තමන් ජීවත්වූ සංස්කෘතිමය වටපිටාව සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා. තවත් සමහරෙක් මැදපෙරදිග රටවල වසර ගණනක් ගෘහ සේවයේ යෙදී නැවත ලංකාවට පැමිණීමෙන් පසු අවුරුදු ගාණක් තමුන් ජීවත් වූ වටපිටාව අමතක කර වසර කිහිපයක් සේවය සඳහා ගොස් සිටි රටේ ජීවන රටාව අනුව ජීවත්වීමට උත්සාහ කරනවා. වෙනස්ම සංස්කෘතියක් අපේ සංස්කෘතිය තුළ අනුකරණය කිරීමේ උත්සාහයක යෙදෙනවා.මෙවැනි තත්ත්වයන් නිසාත් සමහර කාන්තාවන්ගේ පවුල් ජීවිත විනාශ වෙනවා. වැටුප ගැන පමණක් දැනුවත් නොකර මැදපෙරදිග රටකට යාමට පෙර ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වයන් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් මැදපෙරදිග ගෘහ සේවයට යවන කාන්තාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.




http://lakbima.lk/index.php?option=com_content&view=article&id=6729:2013-01-30-05-33-46&catid=48:2012-04-02-08-50-52&Itemid=75

විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය තුංගසිරි ගැන සත්‍ය හෙළිකරයි..

මා වගකීමකින් මාස කිහිපයක සිට රියාද් නුවර දී තුංගසිරි පිළිඹඳව සත්‍ය සිදුවීම කියා සිටියත් බොහෝ විට එල්ල වූයේ දරාගත නොහැකි ගල් මුල් හා ජාතිය පාවා දෙන ලේබලය පමණි..දැන් සත්‍ය කරළියට පැමින තිබේ..විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයත් තානාපති කාර්‍යාලයත් තම මතය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ..මා මාසයකට පමණ පෙර නිවැරදිව කී දේ අද මෙලෙස නිල ප්‍රකාශයක් ලෙස දැකීමට ලැබීම අපේ ශ්‍රී ලාංකික ශ්‍රමික නිදහස තහවුරු කරගැනීමට හේතු විය..

බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට සෞදියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයා පවසා ඇත්තේ බොරුවක්‌

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය කියයි

සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.


එම නිවේදනය මෙසේය.
සෞදි අරාබියේ රියාද් නගරයේදී බුදුන් වඳිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී. පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක්‌ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අවධාරණය කරයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහායෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය හරහා සිදුකළ පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා රඳවා සිටින සෞදි අරාබියේ රියාද් නුවර මලාස්‌ බන්ධනාගාරයට ගොස්‌ එහි නිලධාරීන් හා තුංගසිරි මහතා සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තුංගසිරි මහතා රඳවා ගැනීමට හේතුව නිලධාරීන්ට අනාවරණය වී තිබේ. තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්නයක්‌ කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවයි. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයකදී සුරයක්‌ අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2,000 කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමඟ එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්‌ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබඳතාවලට නීතියෙන් අවසර නොමැති අතර මෙවැනි අවස්‌ථාවලදී එරට පොදු ස්‌ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.


කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෞද්ගලිකව ආගම ඇදහීමට සෞදියේ කිසිදු බාධා කිරීමක්‌ නොමැති බවයි. සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවා බුදුපිළිම තැන්පත්කර වැඳුම් පිදුම් කිරීමට අවස්‌ථාව සලසා දී තිබෙන අතර එහිදී වන්දනාමාන කිරීමට කිසිදු නීතිමය බාධාවක්‌ පමුණුවා නැත. වෙසක්‌ හා පොසොන් වැඩසටහන්ද අති විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සෞදි තානාපති කාර්යාලය අවස්‌ථා කිහිපයකදීම කටයුතු යොදා ඇත.


තත්ත්වය එසේ තිබියදී ඇත්ත කරුණු විකෘති කර බෞද්ධ ආගමික පිළිවෙතක යෙදී සිටියදී යෑයි කියා මෙවැනි වැරැදි මතයක්‌ සමාජගතකොට සෞදි රජයට විරුද්ධව බෞද්ධයන් උසිගන්වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීමෙන් දෙරට අතර සහජීවනය බිඳ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය. තම පටු අරමුණ සඳහා විකෘති තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට තම පවුලේ අය හා සංඝයා වහන්සේලා උපයෝගී කරගැනීම කනගාටුදායක බව ද කාර්යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා දීර්ඝ මිත්‍ර සම්බන්ධතාවයට මෙවැනි සිදුවීම්වලින් කිසිදු ආකාරයක ගැටුමක්‌ ඇති නොවන බව ද කාර්යාංශය සඳහන් කරයි. කම්කරු හා අර්ධ පුහුණු රැකියා සඳහා විදේශගතවන සියලුම කාන්තාවන්ට හා පිරිමි ශ්‍රමිකයන්ට දැනට වසර දෙකක සිට තමන් සේවය කිරීමට පිටත්වන රටේ සංස්‌කෘතිය, නීතිය, සමාජ තත්ත්වය පිළිබඳව සිය පුහුණුවේදී මූලිකව ඉතා හොඳින් අවබෝධ කර දෙන බව ද කාර්යාංශය සඳහන් කරයි.


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න...


http://paaradigee.blogspot.com/2013/01/blog-post_8208.html

ArabNews

Lankan convicted of practicing black magic


A Sri Lankan domestic worker was sentenced to one in year jail and 100 lashes following a conviction for practicing black magic among his friends in Riyadh.
Sri Lankan Embassy sources said the accused was Premanath Pereralage Thungasiri, who was working as a house driver in a Saudi home.
An embassy official, who had met Thungasiri in jail, said that Thungasiri had been booked by police in the Ummul Hammam district on charges of black magic and for violating local regulations by meeting an unknown woman, which is against Saudi law.
The arrest was made in May when Thungasiri had visited another Saudi’s house to resolve a dispute involving a housemaid there. He said the maid was his relative, and during the dispute police arrested him.
Thungasiri has a wife, daughter and son at home in Padiyatalawe, 200 kilometers from Colombo.
According to a jail official, Thungasiri will complete the one-year jail term this May.
Thungasiri’s name has been listed in the amnesty list and if the clemency is given early, there are chances for him to be deported home even before his scheduled release.
The Sri Lankan Embassy is yet to receive the copy of the official court verdict on Thungasiri’s judgment through the Ministry of Foreign Affairs. Prior to the verdict, Thungasiri said in a statement to the embassy that his Saudi sponsor had nothing to do with the case, and had surrendered his passport and other documents to prison authorities for his deportation.
Recently a Sri Lankan woman was arrested on suspicion of practicing witchcraft after she allegedly gazed at a child in a shopping complex while wearing a black cord around her wrist, the report said.
The organization accused the Sri Lanka Bureau of Foreign Employment of not educating Sri Lankan workers traveling to Saudi Arabia on the country’s religious laws.
The diplomat also stressed millions of foreign workers who come to the Kingdom for employment are expected to abide by the host country’s regulations.

http://www.arabnews.com/lankan-convicted-practicing-black-magic



ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් මුස්ලිම් රටවල් මෑතකදී දැක්වු දායකත්වයන් කිහිපයක්



වැහිලිහිණියා ගිම්හානය ගෙන නොදෙන බව අප සැම දන්නා කරුණකි. නමුත් සුපරික්ෂාකාරී නොවීම, බාධා රහිතව කාදැමීම, දේශයේ සාමය හා සමගිය ගිල දැමීමට හේතු විය හැකිය. ජනවාර්ගික අර්බුදයක් උදෙසා ක්‍රෝධය බෝකරන  කිසිඳු දේශයක් ප්‍රගතිය හෝ අභිවෘද්ධිය කරා යා නොහැක. එහෙයින් ශ්‍රී ලංකා ජනරජය මුස්ලිම් විරෝධී ව්‍යාපාරය පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් මුස්ලිම් රටවල දායකත්වය හා අනුග්‍රහයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට කැමෙත්තෙමු.

කුවයිත් Kuwait රාජ්‍යය

  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හා අරාබි ආර්ථික සංවර්ධන කුවයිත් අරමුදල අතර කොලඹදී ණයදාන සම්මුතියක්  අත්සන් කරන ලදී. මෙම අරමුදල මගින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය වෙත කුවයිත් දීනාර් මිලියන තුනක (ඇමරිකානු ඩොලර් 10.2 ට සමාන) ණයක්  ගිනිකොන විශ්ව විද්‍යාලයේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලදී. (පියවර – 1 “B”)

  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජයේ ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාත්, කුවයිත් අරමුදල වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගරු හිෂාම් අල්-වකායාන් මහතාත් මෙම ණයදාන සම්මතියට අත්සන් කලහ.

  • මෙම ව්‍යාපෘතියේ මුලු පිරිවැය කුවයිත් දිනාර් මිලියන 3,965 ක් (ශ්‍රී ලංකා මුදලින් බිලියන 1,483 ක්) ලෙස ඇස්තමේන්තු කර ඇත. 

සවුදි අරාබියාව

  • කලූගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් සවුදි රාජ්‍යය රුපියල් මිලියන 5.332 පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ කලුගඟ ජල යෝජනා ක්‍රමයට සවුදි අරාබියාව සවුදි රියාල් මිලියන 172 ක (රුපියන් මිලියන 5.332) අරමුදලක් ලබාදෙයි. මෙය 1981 න් පසු දිවයිනට පිරිනමන ලද වැඩිම විදෙස් ආධාර මුදල ලෙස සැලකේ.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ලේකම් ගරු ඒ. අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  යුත් සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් කලුගඟ ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ තාක්ෂණික විස්තර ඇතුලත් ගිවිසුම් කෙටුම්පත සකස් කිරීමට ඉරුදින රියාද් නගරයට පැමිණියහ. මෙම ව්‍යාපෘතියේ ගිවිසුම කොලඹදී අත්සන් කිරීමට නියමිතය. “මෙය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් සපයන හත්වැනි මූල්‍ය ආධාරය.” බව SFD ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්ලා අල්-ෂෙදූකී මහතා ඩෙයිලි නිවුස් පුවත් පතට පැවසීය.

  • මාර්ග ජාල පද්ධතිය සංවර්ධන කිරීම:

සවුදි අරාබි රාජ්‍යය සවුදි රියාල් මිලියන 225 (රුපියන් මිලියන 7,875) ක් වැනි විශාල මූල්‍ය අරමුදලක් ශ්‍රී ලංකාවේ ඇති මාර්ග ජාල පද්ධතිය සංවර්ධන කිරීම සඳහා පිරිනමයි. සවුදි සංවර්ධන අරමුදල් (SFD) ආයතනයේ උප සභාපති ගරු යූසුෆ් අල්-බස්සාම් මහතා හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාත් අතර රියාද් අගනුවර සවුදි සංවර්ධන අරමුදල (SFD) මූලස්ථානයේදී  පැවති රැස්වීමකදී මූල්‍ය ආධාරය වෙනුවෙන් වූ මෙම ගිවිසුම් කෙටුම්පත සම්මත කෙරින.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ මෙම සංචාරයේදී, සවුදි අරාබි රාජ්‍යයේ නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය හමද් අල්-බාසී මහතා සමගද එතුමාගේ කාර්යාලයේදී සාකඡ්චාවක් පැවැත්වින. මෙම සාකඡ්චාවට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ගරු අහ්මද් ඒ ජවාද් මහතාද සහභාගි විය.

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මීමැස්මොරය හා චිකිත්සා රෝහලක් කොළඹ පිහිටුවයි.

ප්‍රථම වරට සවුදි අරාබි රාජ්‍යයේ ආධාරයෙන් ශ්‍රී ලංකා ජනරජය විසින් රුපියල් බිලියන 2.25 කින් යුත් මීමැස්මොරය හා චිකිත්සා රෝහලක් කොළඹ ප්‍රධාන ජාතික රෝහල් භූමියේ පිහිටුවන ලදී. ඊට අමතරව කොළඹ ස්නායුවේදය පිළිබඳ රෝහලක්ද නිම කර අවසන්ය. දිවයිනේ සුනාමි ව්‍යසනයට පත් ජනතාවට නිවාස 1,000 ක්ද ඉදි කර දුන් අතර, ඊට අමතරව ස්නායුවේදය පිළිබඳ රෝහලේ සෞඛ්‍ය පහසුකම් සඳහා සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් රුපියල් මිලියන 330 ක් ප්‍රදානය කරන ලදී.

  • ශ්‍රී ලංකාවේ දිගම පාලම.

අවුරුදු තුනකට පෙර මහා මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ දිගම පාලම ඉදි කිරීමට සවුදි අරාබි රාජ්‍යය රුපියල් මිලියන 440 ක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා අගනුවර සිට කිලෝ මීටර 300ක් ඈතින් පිහිටි නැගෙනහිර නගරය වන ත්‍රිකුණාමලයේ සිට කින්නියා ගම්මානය සම්බන්ධ කිරීම සඳහා මෙම පාලම ඉදි කරන ලදී.

  • ත්‍රිකුණාමල-මඩකලපු මහා මාර්ගය.

ගිවිසුමට අනුව මහා මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමල-මඩකලපු මහා මාර්ගය පළල් කිරීමටද අරමුදල් වෙන් කරන ලදී. මේ දක්වා සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් විවිධ ව්‍යාපෘතීන් සඳහා සවුදි රියාල් බිලියන 1.2 කට (රුපියල් බිලියන 357) කට අධික මුදලක් ලබාදී ඇත.

  • මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘති පද්ධතිය. ඊ  කලාපය. 1981.

මීට පෙර සවුදි සංවර්ධන අරමුදල (SFD) විසින් ශ්‍රී ලංකාවට අවස්ථා තුනකදී මූල්‍ය ආධාර ලබා දුන්නේය. ජල සැපයුම හා කැළිකසළ ව්‍යාපෘතියේ දෙවන අදියරය වෙනුවෙන් සවුදි රියාල් මිලියන 99.9 (රුපියල් මිලියන 3,496) කට අධික මුදලක් පිරිනැමු අතර 1981 දී සවුදි රියාල් මිලියන 48.1 (රුපියල් මිලියන 1,683) කට වැඩි මුදලක් මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘති පද්ධතිය ඊ කලාපය වෙනුවෙන් ලබා දී ඇත.

ඉරානය
  • තාක්ෂණික හා ඉන්ජිනේරු සේවාව.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා ඉන්ජිනේරු සේවා වැඩි දියුණ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන US$ 520 (රුපියල් මිලියන 65,000) කින් ඉරානය අනුග්‍රහය දක්වා ඇති බව වානිජ කටයුතු අමාත්‍යය ගරු මහ්දි ගසන්ෆරි මහතා සඳුදින පැවසුවේය.

ඉරාන ප්‍රවෘති ඒජන්සී IRNA- වාර්තවක් ආනුව, ආසියාතික සහයෝගිතා සංවාද විදේශ අමාත්‍යවරුන්ගේ නවවැනි සැසිවාරයේදී වානිජ කටයුතු අමාත්‍යය ගරු මහ්දි ගසන්ෆරි මහතා, විදේශ අමාත්‍ය ගරු ජී. ඇල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවෙහි ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩිදුර නගාසිටුවීමට තෙහ්රානය Tehran සූදානම් බව කියා සිටියේය.

  • ඛනිජ තෙල් ආනයනය:

ඉරානය, ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය අනුග්‍රහකයා හා ප්‍රධානතම ඛනිජ තෙල් සම්පාදකයාද වන්නේය. 2008 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන US$ 1.5 (රුපියල් බිලියන 187.5) ක ණය පහසුකම් යටතේ, ශ්‍රී ලංකාවේ නොයෙක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්වල වැඩ ඉරානය විසින් ආරම්භ කරන ලදී. 

  • උමාඔය විදුලි බලාගාරය:

සැප්තැම්බර් මාසයේ ඉරාන් ජනාධිපති තුමාගේ ශ්‍රී ලංකා සංචාරයේදී, මෙගා වෝට් 450ක උමාඔය විදුලි බලාගාරය ඇතුලුව සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන US$ 450-500 (රුපියල් මිලියන 62,500) ක මූල්‍යය පහසුකම් ලබාදෙන බවට පොරොන්දු විය.

  • මිරිස්ස LNG ගෑස් පර්යන්තය: 

ඉරානය, දකුණු පළාතේ මිරිස්ස වෙරලබඩ නගරයෙහි ධීවර වරායක් සමඟ LNG ගෑස් පර්යන්තයක් පිහිටුවීමටත්, සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු පහසුකම් සංවර්ධනය කිරීමට, තාක්ෂණික හා මූල්‍යය පහසුකම් ලබා දීමටද එකඟ විය.

  • ග්‍රාමීය විදුලිබල ව්‍යාපෘති:

ගම්මාන 1000 කට පමණ විදුලි බලය සැපයීමට ඩොලර් මිලියන US$ 106 (රුපියල් මිලියන 13,250) ක ගිවිසුමකට ශ්‍රී ලංකාව, ඉරාන සමාගමක් සමඟ අත්සන් කළේය.

  • ශ්‍රී ලංකාවට ණයදෙන ප්‍රමුඛයා ඉරානයයි.

යුදමය දිවයිනේ ප්‍රධාන දායක ජපානය අභිබවා, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රහකයා බවට ඉරානය පත් වූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය. මෙම වසරේ මැයි මාසය දක්වා වූ මාස පහ තුල යුධමය තත්වයක පැවති දිවයිනට ඩොලර් බිලියන US$ 1.5 (රුපියල් බිලියන 187.5) විදේශ ආධාර ලැබුනු බවත්, ව්‍යාපෘති ණය වශයෙන් ඩොලර් මිලියන US$ 959 (රුපියල් බිලියන 119.8) ක්ද, ආධාර මුදල් වශයෙන් ඩොලර් මිලියන US$ 90 (රුපියල් මිලියන11,250) ක්ද ලැබුණු බව මහ බැංකුව වසර මැද මූල්‍ය වාර්තාවෙහි සඳහන්ය.

පාකිස්තානය:

  • 2000 අවුරුද්දේ මැයි මාසයේ බෙදුම්වාදී කොටි ත්‍රස්ථවාදීන් ඔවුන්ගේ අගනුවර ලෙස සැලකූ යාපනය අත්පත් කර ගැනීමට ආසන්නව තිබියදී, හිටපු පාකිස්තාන ජනාධිපති ගරු මුෂර්රෆ් මැතිතුමා ඩොලර් මිලියන දශ දහස් ගනන් වටිනා අත්‍යාවශ්‍යව තිබූ යුද්ධෝපකරණ ශ්‍රී ලංකා රජයට ලබා දුන්නේය. 2006 අගෝස්තු මාසයේ කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹදී ක්ලේමෝ බිම් බෝම්බයකින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති බෂීර් වලී මුහම්මද් තුමා ඝාතනය කිරීමට තැත් කළහ. තානාපති තුමා තුවාල නොවුනද, සෙසු හත් දෙනෙකු මරණයට පත්වූහ. 2008 මැයි මාසයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධෝපකරණ, අවිආයුධ හා වෙඩි උණ්ඩ අලෙවිය පිළිබඳව පාකිස්තානු හමුදාපති සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී ඩොලර් මිලියන US$ 100 (රුපියල් මිලියන 12,500)කටත් වැඩි වටිනාකමින් යුත් අල්කාලිද් MBT 22ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සැපයීමට තීරණය විය.

ලිබියාව:

  • 2009 යේ 8-10 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රාහී ලිබියානු නිල සංචාරයෙන් අනතුරුව, මූල්‍ය සහයෝගීතා පැකේජය යටතේ ඩොලර් මිලියන US$ 500 (රුපියල් මිලියන 62,500) ක් ලිබියානු රජය විසින් සංවර්ධන ව්‍යාපෘතින් සඳහා ශ්‍රී ලංකාවට දෙන ලදී. හම්බන්තොට ගුවන් තොටුපොල සංවර්ධනය වෙනුවෙන් ආධාර සැපයීමටත්, උතුරු හා නැගෙනහිර මහා මාර්ග, සන්නිවේදන හා සංචාරික ව්‍යාපාරය දියුණු කිරීමටත් සහාය දක්වන බව ලිබියානු රජය පැවසීය.

අහමද් තේ සමාගම:

  • අහමද් තේ සමාගම විසින් (රුපියල් මිලියන 2,100) ක වටිනිකමින් යුත් අති නවීන පිළිකා රෝහලක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා ගිවිසුම දැනටමත් අහමද් තේ සමාගම සහ රජය අත්සන් කර ඇත.

මුස්ලිම් රටවල් විසින් මෙතරම් ලංකාවට ආධාර කරමින් ලංකාවේ දියුණුව උදෙසා දායකත්වය ලබාදී තිබීම අපි අගය කළයුතු නොවේද? ලංකාවේ ජාතිබේධය වපුරා මෙවැනි සංවර්ධන කටයුතු වලට ඉදිරියේදීද ලැබෙන්නට තිබෙන ආධාර වලකාගන්නට කටයුතු කරන අය පිටු දකිමු.

“සීමාන්තික ජාතිවාදය අපගේ ආර්ථිකයට විශාල තර්ජනයක්.”


සංස්කාරක සටහන
මෙම ලේඛකයා දක්වා තිබෙන්නේ ලංකාව මුස්ලිම් රටවල් කිහිපයක් විසින් කළාවු ආධාර පමණි. මෙම රට වලට අමතරව කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මලයාසියාව වැනි මුස්ලිම් රටවල්ද ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා දායකත්වය ලබාදී ඇත. 

From : http://www.anvermanatunga.com/2013/01/30/sri-lankawata-adhara-sinhala-doc/

Gossip9.com - බුද්ධ බාර් වැටලීම ප්‍රවෘතිය සම්බන්ද විමසුමක්


Gossip9.com - බුද්ධ බාර් වැටලීම ප්‍රවෘතිය සම්බන්ද විමසුමක්


සහෝදර බෞද්ධ ජනතාවනි,

බුද්ධ බාර් කියන මතය නැත්නම් සංකල්පය වැරදි අසොබන් දෙයක්. හේතුව බුදුරජානන් වහන්සේ සුරාව සුදුව හා කාමයේ වරදවා හැසිරීම මහා පාපයක් ලෙස නිර්වචනය කරතිබෙන අතර බෞද්ධයින් එයින් වැලකී සිටීමට සැමදාම උදේ පහන් පත්තුකර පන්සිල් පදවලින් එසේ නොකරන බව බුදුන් ඉදිරියේ සහතිකවේ. එසේ තිබියදීත් සමහර නින්දිතයින් මුදල් පමණක් ජීවිතය කර ගත් අමන පුද්ගලයින් මේ උත්තම ගෞතම බුදු රජාණන් වහන්සේට අගෞරව වන පරිදී මෙවැනි දේවල් සංවිධානය කිරීම් නැවැත්වීමට බොදුබල සේනාව කල ක්‍රියාව පැසසුමට ලක් කල යුතුමය.


ඒ වගේම මෙම හෝටලය අයත් වන්නේ යුරෝපා ආයතනයකටවන අතර  ලංකාවේ මේ සඳහා හවුල් වී කටයුතු කරන්නේ ජෝන්ස් කීල්ස් ආයතනයයි. ඔවුන් දැනටමත් එහි වගකීම මෙම හොටලේයේ කළමනා කරුවන්ගේ කර මත දමා ඇතිබව පැහැදිලිය. එයින් ලැබෙන ලාභය පමණක් භුකිතිවිදීමට දන්නා මොවුන්ට මේ පිළබඳව කිසිවක් නොදන්නා බව පැවසීම විශ්වාස කල හැකිද යන්න ඔබම සිතා බැලිය යුතුය.
ඊළඟ වඩාත් වැදගත් දේ මෙම හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් 80% සිංහල බෞද්ධයන්ය. මොවුන් සියලු දෙනා එක්ව මෙයට විරුද්ධ විය යුතු නොවේද? එසේ ඔවුන් විරුද්ධවූ බවක් දක්නටනට නැත.


එකම එක මුස්ලිම් නමක් ඇති පුද්ගලයෙක් කළමනා කරුවකු වූ පලියට මුස්ලිම් සමුහය වෙත ඇඟිලි දික්කිරීම සාධාරණද යන්නත් ඔබට තීරනය කරන්න ඉඩ හරින අතර මෙම ප්‍රදේශයේ මුස්ලිම්වරු වැඩිවශයෙන් ජීවත්වීම මුස්ලිම්වරුගේ වැරැද්දක්ද යන්නත් ඔබම තීරණය කරගන්න.


ඉස්ලාම් ධර්මය අනුව වුවද  සුරාව සුදුව හා කාමයේ වරදවා හැසිරීම මහා පාපයක්වන අතරම ඒ සඳහා උපරිම දඬුවම් ද නියම කර ඇත.

"(නබි මුහම්මද්) සුරාපානය හා දු කෙළිය පිලිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහිම අතිමහත් අනර්ථයන් ඇත. මිනිසුන්ට එහි යම් ප්‍රයෝජනද ඇත. එහෙත් එම දෙකෙහිම ඇති අනර්ථය දෙකෙන්ම සිදුවන ප්‍රයෝජනයට වඩා ඇති විශාලයැයි පවසනු." (අල්කුරානය 2:219)

"සුරාව, සුදුව මගින් නුඹලා අතර වෛරය හා ද්වේශය වැපිරීමටත් අල්ලාහ් සිහි කිරීම හා නැමදුම ඉටු කිරීමෙන් නුඹලා වළක්වාලීමටත්ය, නියතවශයෙන්ම ශෛතාන් ප්‍රිය කරන්නේ" (අල්කුරානය 5:91)


නමුත් ලංකාවේ පවතින වාතාවරණය හා අක්‍රමිකතාවන් හේතුකොටගෙන මෙම අපරාධ වර්ධනය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. මෙයට සමස්තයක් වශයෙන් ලංකා වාසී සියලුම අය වගකිවයුතුය. (හේතුව පාර්ලිමේන්තුවට නියෝජේතයන් යවන්නේ අප වන බැවිනී.)


බුද්ධ බාර් හි එකම එක නාමික මුස්ලිම් වරයකු (මුස්ලිම්වරුන් වන අපට සුරාව සම්පුර්ණයෙන් තහනම් වන අතර ඒ සඳහා උදව් කිරීම, ගණන් බැලීම ප්‍රවාහනය කිරීම යනාදී සියල්ලක්ම හරාම් හෙවත් තහනම්වේ) සිටීම මුල්කරගෙන ඉතා අසෝබන ලෙස අසික්කිත ලෙස ආගමික නායකයාට හා ආගමට අවලාද කිරීම බුද්ධියට මුල්තැන දිය යුතු මධ්‍යස්ථභාවය උගන්වාදුන් බුදුන්ගේ මාර්ගය තමන්ගේ මාර්ගය කරගත් අයට ඔබින දෙයක්ද යන්නත් ඔබම තීරණය කල යුතුය.



ලෝකයේ බුද්ධා බාර් තිබෙන සමහර ස්ථානයන්

Parague : http://www.buddhabarhotelprague.com/en/
Landon : http://www.buddhabarlondon.com/
France : http://www.last.fm/music/Buddha+Bar



සමහර මුස්ලිම් අය ඉස්ලාමයට කළු පැල්ලම් ඇතිරන අකාරයෙන් ක්‍රියාකිරීම නිසා සියලුම මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ විශ්වාසයට ගැරහීම බුද්ධිගොචරද යන්නත් ඔබම තීරණය කර ගත යුතුව ඇත.


යම් කෙනෙකු කියූ පලියට පත්තරයක දැකපු පලියට හදිසිතිරණ ගැනීමට වඩා ඒ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කර කරුණු අවබෝධ කර ගැනීම ඉතා වටිනා අතර නිවැරදි තීරණ ගැනීමටද එය රුකුලක්වේ.තවද සමහර කොපි පේස්ට් වීරයන්ගේ ක්රියාදමයන්ද මෙහි විශාල වශයෙන් දැක ගත හැකිය.


(වැඩි විස්තර සඳහා අපගේ කොපි පේස්ට් ලිපිය කියවා බලන්න http://islaamaya.blogspot.com/2012/11/cut-paste-copy-paste.html)

ඔබ සැමට දෙවියන්ගේ ආශීර්වාදය කරුණාව හා දයාව ලැබේවායි ප්‍රර්ථනා කරමු.

මෙයට

islamaamaya.blog. spot

සටහන : කවුරු හෝ කෙනෙකු අපගේ බ්ලොග් අඩවියේ තිබු ලිපියක කොටසක් කොපිකර gossip 9 මෙහි පේස්ට් කල බැවින් අපගේ බ්ලොගයට පැමිණි සමහරු ඉතාමත් නින්දිත ලෙස අසැබි වචන පාවිචි කර අපට බැනවදින්නට පටන්ගෙන ඇත. මොවුන්ට ආගමක් ධර්මයක් නැති බව හා මොවුන් මන්ද බුද්ධිකයන් බව අපි දනිමු.

අඳුරෙන් ආලෝකයට - තුන්වන කොටස


මුහම්මද් නබි තුමාගේ යහපත් ගති පැවතුම් වලින් සමහරක්

බරට බරේ බඩු පුරවා ගත් මලු දෙකක් සමඟ මහලු ආත්තම්මා කෙනක් ඉතා අමාරුවෙන්, ඒ උනුසුම්වූ කාන්තාරයේ වැලි මත වැනී වැනී ගමන් කරමින් සිටිනා දුටු මිනිසෙක් වහා ඒ මහලු කාන්තාව වෙතට ගොස් තමන් මෙම මලු දෙක නිවස තෙක් උසුලා ගෙන දෙන බව පවසා සිටියා. එවිට ඒ ආත්තම්මා මම ගොඩාක් දුර යන්න තියෙනවා දරුවා............. ඔබ කුමටද මහන්සි වෙන්නේ....... යනුවෙන් කියූ විට, මට කිසිම මහන්සියක් නැහැ මම ගෙනත් දෙන්නම් යනුවෙන් පවසා එම මලු දෙකම එම පුද්ගලයා අතට ගෙන ඉදිරියට ගමන් කරන්නට විය. ටික දුරක් යන විට පාලු ගතිය යන්නත් එක්කම  ඒ අත්තම්මා,  පුතා ඔයා වගේ මේ තරම් හොඳ අය ඉන්න බව, මම නම් දැකලා නැහැ, මටත් මළුවක් දෙන්න.... යනුවෙන් පැවසූවා.  මට මේක ගේන්න පුළුවන් යනුවෙන් පැවසූ ඒ මිනිසා ඉදිරියට ගමන් ගත්තා. එවිට ඒ මහලු අත්තම්මා පුතේ දන්නවාද ආරංචියක්, මේ ගමේ කෙනක් ඉන්නවා, අපේ මුතුන් මිත්තන් අදහන දෙවිවරුන් බොරු බවත් පිළිම වන්දනා කිරීම පාපයක් බවත් පවසන්වාලු. මං හිතන්නේ ඒ මිනිහට පිස්සු,  දරුවා ඔයා දන්නවාද, ඒ මිනිහගේ වටේ ඉන්නේ දුපපත් අයයි වහලුන් විතරයි. හැබැයි ඒ මිනිහා හරි සාස්තරකාරයෙක් වෙන්න ඇති කවුරු ගියත් ඉක්මනට ඔහුට වශී වෙනවාලු. ඒ මිනිහටයි දෙවියන්ටයි සම්බන්දයක් තියෙනවාලු. ඔහුට දේව පණිවුඩ ලැබනවාලු. ඒවා මම නම් විශ්වාස කරන්නේ නැහැ. පුතා  ඒ සාස්තරකාර මිනිහා මේ ළඟ පාතක ඉන්නවා කියලයි කියන්නේ, ඔය පුතා පරෙස්සමෙන්......... ඒ මිනිහා ලඟට යන්න එපා. 

මේ වනවිට එම ආත්තම්මගේ නිවස ලඟා වූ අතර, මේ තියෙන්නේ අපේ ගේ කියාගෙන ඒ ආත්තම්මා නිවස තුලට ගියාය.  නැවත එලියට පැමිණි ඒ අත්තම්මා මෙම පුදගලයාව සොයන්නට විය. අසල සිටි තම මුණුබුරාගෙන්  කෝ මේ බඩු ටික උස්සන් ආපු ඒ පුතා, හොඳ ළමයෙක්. ගොඩාක් දුර ඉඳලා මගේ මේ බර මලු දෙක  අරගෙන ආවා. අඩුම ගානේ ස්තුතියක් වත් කියන්න බැරිවුනානේ. පුතා දන්නවාද ඔහු කවුද කියලා, එයට මුණුබුරා ඔව් ඒ මුහම්මද් යනුවෙන් පිළිතුරු දුන්නේය. මවිතයට පත් ඒ මහලු කාන්තාව ........මොනවාද ඔබ කියන්නේ ............මේ තරම් හොඳ මනුෂ්සයෙක්ද මුහම්මද් ..........යනුවෙන් ඇසුවාය.. ඔව් අත්තම්මේ ඒ මුහම්මද් තමා යන්වෙන් නැවතත් ඔහු පිළිතුරු දෙන්නට විය. 
අසරණයන්ට උදව් කරන ............ඒ වෙනුවෙන් කිසිවක් බලා පොරොත්තු නොවන......... මේ මනුස්සයා ගෙනද මිනිස්සු මෙතරම් බොරු කියන්නේ............. වහාම මා මුහම්මද්ව මුණගැහැන්න ඕන යනුවෙන් ඒ ආත්තම්මා පැවසීය.

-------------------------------------------------------------------------------------------------------------------

දිනක් මුහම්මද් නබි තුමා පාරක් අසලින් ගමන් කරමින් සිටිනවිට එක් මැහැල්ලියක් කුණු කුඩයක් ගෙන එහි තිබු කුණු ටික මුහම්මද් තුමාගේ ඇඟට විසිකරන ලදී. එවිට කිසිවක් නොපැවසූ මුහම්මද් තුමා තමන්ගේ පාඩුවේ එම ස්ථානයෙන් ඉවත් විය. දෙවැනි දවසේද එම ස්ථානයට ලඟාවෙත්ම මේ මැහැල්ලිය කුණු කුඩ ප්‍රහාරයක් මුහම්මද් නබි තුමා වෙත එල්ල කරන ලදී එවිටද, එතුමා ඉතා නිහතමානීව එම ස්ථානයෙන් ඉවත් විය. 
මෙම ක්‍රියාව පුරුද්දක් ලෙස කරගෙන හා එම වයසක කාන්තාව දිනක් එම ස්ථානයේ නොසිටීයාය. මේ ගැන විමසු විට ඇය අසනීපයකින් පසුවන බව දැනගන්නට ලැබුණී. මුහම්මද් නබි තුමා වහාම ඇගේ නිවසට ගොස් සුවදුක් විමසුහ. එවිට එම වයසක කාන්තාව මේසා උත්තමයකුට මා අසික්කිත අසෝබන විදියට වධ දුන්නෙමි. යනුවෙන් පවසා නබිතුමාගෙන් සමාව ගෙන ඉස්ලාම් ධර්මය වැළඳ ගත්තාය.

-----------------------------------------------------------------------------------------------------------------

ඉස්ලාම් විරෝධීන්ගේ ක්‍රියා කලාපය මක්කා නගරයේ වැඩිවෙත්ම තමන්ට හා තම අනුගාමිකයන්ට සුදුසු පරිසරයක් සොයා මුහම්මද් නබි තුමා තායිෆ් නම් නගරය බලා ගමන් කළහ. මෙය දැනගත් මක්කාවේ ඉස්ලාම් විරෝධී කුරෛෂිවරු මෙතුමා පිළිබඳව බොරු චෝදනා ඉදිරිපත් කර ඔවුන්ව උසි ගන්වන ලදී.
 ඒ අනුව තායිෆ් නගරයට පැමිණීමට පෙර නබි තුමාට විරුද්ධව කණ්ඩායමක් සකස් කර තබන ලදී. මුහම්මද් නබි තුමා නගරය තුලට පැමිණෙත්ම කුඩා දරුවන් ලවා මෙතුමාව පිස්සෙකු මෙන් එලව එලවා ගල්මුල් වලින් පහර දෙන දුන්හ. මෙයින් බේරීමට මුහම්මද් තුමා එම ස්ථානයෙන් පිටතට දිව ගොස් දිවි බේරා ගත්තේය. මෙසේ අධික ලෙස තුවාල වී පිඩාවට පත් නබි තුමා එක් උද්‍යානයක් ළඟ ගහකට හාන්සිවී ඉතා වේදනාවෙන්  සිටින විට එම ස්ථානයට පැමිණි දේව දුත ජිබ්රීල් තුමා නබි තුමාට මෙම අපරාධය කල තයිෆ් නගරවාසින්ව විනාශ කර දමන බවද ඒ සඳහා දේව දුතයින් විශාල සංක්‍යාවක් තයිෆ් නිම්නය දෙපස ඇති කඳු දෙපස සිටින බව පැවසුහ. එවිට මුහම්මද් තුමා ඔවුන්ට තමන් විසින් සමාව දුන් බවත් ඔවුන් නැත්නම් ඔවුන්ගේ මතු පරම්පරාව ඉස්ලාම් ධර්මය පිලිගනීවී යනුවෙන් පවසා ඔවුන්ට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටියහ. 
නබිතුමාගේ ප්‍රාර්ථනාව හා බලාපොරොත්තුව එසේම ඉටුවිය. එනම් තයිෆ් නගර වාසින් සියලු දෙනාම ඉස්ලාමය වැලඳ ගත් අතර අද සවුදි අරාබියේ ඔවුන් ආගන්තුක සත්කාරයට හා යහපත් ගති පැවතුම්වලට නම ගිය යහපත් පිරිසක් බවට පත්වුහ.

-------------------------------------------------------------------------------------------------------------------

නබි තුමාගේ රුවන් වැකි සමහරක්.


අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් තුමා දන්වයි. මම නබි තුමාගෙන් අල්ලාහ්ට වඩාත් කැමති යහපත් ක්‍රියාව කුමක්දැයි ඇසුවෙමි එවිට නබි තුමා  "නැමදුම නිසි වෙලාවට ඉටු කිරීම" යනුවන් පැවසුහ.ඉන්පසු කුමක්දැයි ඇසුවිට "දෙමව්පියන් සමඟ හොඳාකාරව හැසිරීම" යැයි පැවසුහ. 
(ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------

මිනිසෙක් නබි තුමා වෙත පැමිණ, "නබි තුමාණෙනි! මා හොඳාකාරව කටයුතු කිරීමට වඩාත් සුදුසු වන්නේ කවරකුද" යන්නෙන් ඇසුහ. නබිතුමාණෝ, "නුඹගේ මව'  යැයි පැවසුහ, ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද  නබිතුමාණෝ, "නුඹගේ මව'  යැයි පැවසුහ.  ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, තෙවන වතාවටත් නබිතුමාණෝ, "නුඹගේ මව'  යැයි පැවසුහ. ඔහු නැවතත් "ඉන්පසු කවරෙකු දැයි" ඇසුවේය, එයටද  නබිතුමාණෝ, "නුඹගේ පියා'  යැයි පිළිතුරු දුන්හ. (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------

"කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු ආගන්තුකයින්ට සංග්‍රහ කල යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟියන් ජීවත් විය යුතුය. කවරෙක් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු හොඳ දේම කතා කල යුතුය නැත්නම් නිහඬව සිටිය යුතුය."   (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------

කවරෙක් තම ජීවන අවශ්‍යතා සඳහා ලැබීම් (රිස්ක්) වැඩි කර ගැනීමට හා තම ආයුෂ වැඩි කර ගැනීමට කැමති වන්නේද, ඔහු නෑදෑයින් සමඟ සමඟිව ජීවත් විය යුතුය.   (ග්‍රන්ථ : බුහරී, මුස්ලිම්)
------------------------------------------------------------------------

"උපකාරයට ප්‍රති උපකාර කරන්නා සමගියෙන් ජීවත් වන්නා නොවේ. සත්‍ය වශයෙන්ම,  සමගියෙන් ජීවත් වන්නා, නෑදෑයින් ඔහුව කොන්කළද ඔවුන් සමඟ  සමගියෙන් ජීවත්වන්නාවේ"  (ග්‍රන්ථ : බුහරී)
------------------------------------------------------------------------

"කෙනෙක් තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර , කෙනෙක් තවත් කෙනෙකුට අසාධාරණයක් නොකර සිටින තරමට ඔබලා එකිනෙකා අතර යටහත් භාවය පිළිපදින්න යැයි අල්ලාහ් මාහට දේව පණිවුඩ පහළ කළේය"    (ග්‍රන්ථ : මුස්ලිම්)

මුහම්මද් සෆීන්.


අඳුරෙන් ආලෝකයට පළමු කොටස
http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html
අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස
http://islaamaya.blogspot.com/2012/12/blog-post.html

සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය


ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන්ට ඉතා දීර්ඝ ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. කුළු බඩු වෙළඳාම මුල්කර ගත් අරාබි වෙළඳූන්ගේ අවංකත්වය මෙන්ම ඔවුන් අතර ආක්‍රමනීය අදහස් නොමැතිකම දූටු සිංහල රජ දරුවන් විසින් ඔවුන්ට මෙරට පදිංචි වීමේ අයිතිය ලබා දෙන ලදී. වෙදකම “රණ ශූරත්වය” රාජ්‍යය තාන්ත්‍රික දැනුම” නාවික ගමනාගමනය ආදියෙහි විශේෂ නිපුනතාවයකින් යුක්තවූ මෙම නව රට වැසියන් සැබැවින්ම සිංහල රජ දරුවන්ට අති විශාල ශක්තියක් හා දායාදයක් විය.
රණ ශූරයන්වූ මෙම ලාංකීය මුස්ලිම්වරු සිංහල රජ දරුවන්ගේ යුද හමුදාවේ ප්‍රබල කොටසක් ලෙස කටයුතු කළහ. විදේශ ආක්‍රමනිකයින්ට එරෙහිව පැවති සටන් වලට ක්‍රියාකාරීව සහභාගී වී මොවුන් අතුරින් විශාල පිරිසක් රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ බව ඉතිහාසය අපට මතක් කර දෙයි.
බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා අල් හාජ්  ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැනි මුස්ලිම් නායකයින් ඉටුකළ සේවාව ලාංකීය ඉතිහාසයේ නොමැකෙන අයුරින් සනිටුහන්වී ඇත. විශේෂයෙන්ම 1944 නොවැම්බර් මස ශ්‍රී ලංකා පනත (Sri Lanka Bill) රාජ්‍යය මන්ත්‍රණ සභාවේ§ විවාදයට ගත් අවස්ථාවේ§ අල් හාජ් ටී. බී. ජයා මහතා විසින් පවත්වන ලද කථාව පිළිබඳව එවකට සභා නායක ලෙස කටයුතු කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍යය පාලකයින් විසින් මුස්ලිම් සමාජයට ලබාදී තිබු සමහර වරප්‍රසාද අහිමි කරගෙන වුවද ශ්‍රී ලාංකීය නිදහස හා ස්වෛරීභාවය වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට සුදානමින් සිටින බව පැවසීම අපගේ නිදහස සහතික කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන හා වැදගත් ඉදිරි පියවරක් වූ බවය.

නිදහස ලබා ගැනීමෙන් පසුව වුවද මුස්ලිම් නායකයින් හා ජනයා කටයුතු කර ඇත්තේ මාතෘ භුමියේ උන්නතිය හා සමගිය වෙනුවෙන් බව අප සැවොම දන්නා කරුණකි. යහ පාලනය හා සංවර්ධනය වෙනුවෙන් සියලු රජයන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. අල් හාජ් ටී. බී. ජයා “ශ්‍රීමත් රාසික් ෆරීඩ්” වෛද්‍ය එම්. සී. එම්. කලීල් සහ ආචාර්ය බදියුදීන් මහ්මුද් වැන්නන් මුස්ලිම් වරුන්ගේ පමණක් නොව ජාතික නායකයින් ලෙස පිළිගැනෙන අයුරින් කටයුතු කර ඇත. තිස් වසරක බෙදූම් වාදී ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය රැක ගැනීමේ අරගලයේදී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනයා අති මහත් ලෙස පීඩාවට පත්වූ අතර ජීවිත හා භෞතික සම්පත් විශාල ලෙස අහිමි කර ගත්හ.
පශ්චාත් යුද සමයේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් මතුවූ නිමක් නැති කුමන්ත්‍රණ පරාජය කිරීමටද මුස්ලිම් සමාජය ලබාදූන් දායකත්වය අති විශාලය. පසුගිය ජිනීවා සමුළුවේ මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ නායකයින් ජිනීවා නගරයේ දින ගණන් රැඳී සිට එම කාර්යය සාර්ථක කරගැනීම උදෙසා තම පුර්ණ කැපවීමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් රාජ්‍යයන්ගේ ඡන්දය මාතෘභූමියට පක්ෂව ලබා ගැනීමට හැකිවිය.  
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය
සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සම්මේලනය 1924 දීස්ථාපිතකර ඇති අතර මුස්ලිම්  ජනයාගේ ආගමික “අධ්‍යාත්මික හා සමාජයීය අවශ්‍යතාවයන් පිළිබඳව නායකත්වය හා මග පෙන්වීම ප්‍රධාන අරමුණු කොට ගෙන කටයුතු කරන්නකි. වාර්ගික භේදයකින් තොරව අප සම්මේලනය මුස්ලිම් නොවන සමාජයටද ඉමහත් සේවාවන් ඉටුකොට ඇත. සුනාමි වැනි ආපදා අවස්ථාවන්හි සහන සැලසීමේ කටයුතු වලදී පෙරමුණ ගෙන කටයුතු කර ඇති අතර අනෙකුත් සමාජ සුභ සාධන කටයුතු වලදී ද ඉමහත් සේවාවන් සලසා ඇත.  
අප සම්මේලනය මගින් සමාජ සහජීවනය පිළිබඳව මුස්ලිම් ජනයා දැනුවත් කිරීම පිණිස දැනටමත් නිළ ලේඛනයක් සකසා ඔවුන් අතට පත් කර ඇති අතර අපගේ මතය වන්නේ සියළු ගැටළු නිරාකරණය කර ගත යුත්තේ අදාළ පාර්ශව කරුවන් අතරේ පවත්වන සුහදත්වය හා අවබෝධය පදනම් කරගත් සංවාදයන් තුලින් පමණක් බවත්ය.
ලාංකීය මුස්ලිම් ප්‍රජාවට අපගේ පණිවුඩය‍
දිව්‍යමය මාර්ගෝපදේශකය වූ අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව කිසිම මුස්ලිම් වරයෙකු අන් කිසිම දහමකට අපහාස නොකළ යුතු අතර එසේ කිරීම බරපතල පාපයක් ලෙසද සැලකේ. මෙය දැඩිව අවධාරණය කිරීමත් සමග සෑම අවස්ථාවකදීම අප සම්මේලනය ඉතාමත් වගකීමෙන් සියළුම කර්තව්‍යයන් කරන බවත්” අපගේ තීරණ හුදෙක් පටු ඒවා නොවන බවත් අවධාරණය කරන්නෙමු. මේ පිළිබඳව හොඳින් වටහා ගත් නිසාම ඇති වූ සියළුම නොසන්සුන්කාරී අවස්ථාවලදී අපගේ තීරණයන්ට සහයෝගය දැක්වීම පිළිබඳව සමස්ථ මුස්ලිම් ප්‍රජාවට අපගේ කෘතඥ්‍යතාවය පලකරන්නෙමු. එසේම කිසිම අවස්ථාවකදී අපගේ මග පෙන්වීමෙන් බැහැරව අහිතකර ක්‍රියාවන්ට නොපෙලඹෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.
අන්තර්ජාලයේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍යයන් වල නියුතු තරුණයන්ගෙන් විශේෂ ඉල්ලීමක් වන්නේ ඔබගේ ක්‍රියා පටිපාටිය “වචන භාවිතය” අන් කවරෙකුවත් නොරිදවන අයුරෙන් විය යුතුයි.
 රජයට අපගේ පණිවුඩය
ජනසමුහයක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් ආගමික හෝ ජාතික ගැටළු ඇති කරන්නට කිසිවිටෙකත් කටයුතු නොකරන බව  සහතික කොට ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. අප සැමදා මාතෘ භූමියට පක්ෂපාතීව හා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහතික කරන්නට කටයුතු කර ඇත්තෙමු.
පසුගිය මාස කිහිපයක සිට විවිධ කොටස් වලින් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ  අනුබද්ධිත ආයතනයක් මගින් හලාල් සහතික ලබාදීම පිළිබඳව විවේචන මතුවෙමින් පවතින බව මාධ්‍යය මගින් දකින්නෙමු. මේ පිළිබඳව යම් කරුණක් දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් කළයුතුව ඇත්තේ ඒ පිළිබඳව පළමුව අපගෙන් විමසා කරුණු පැහැදිලි කර ගැනීමයි. එම පිළිවෙත අතහැර කටයුතු කිරීම පිළිබඳව කනගාටුවට පත්වී සිටින්නෙමු. එහෙයින් හලාල් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරන්නට අදහස් කරන්නෙමු.
හලාල්
අප සම්මේලනය විසින් හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර හලාල් පිලිබඳ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉතා ව්‍යාකුල එකක්ව පැවතියේය. ඇතැම් ආහාර හා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදකයන් හට තමන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට මුස්ලිම් පාරිභෝකිකයින් මැලිවෙන බව පෙනීගිය මුත් මේ පිළිබඳව ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් නොතිබුණු හෙයින් ඔවුන් තම නිෂ්පාදන ඇසුරුම් වල අරාබියෙන් හෝ ඉංග්‍රීසියෙන් හලාල් යයි මුද්‍රණය කර අලෙවි කරන්නට වුහ. එලෙසම ආපනශාලාද තමන්  “හලාල් ආයතනයක්” යයි ස්වේච්ඡාවෙන්ම කියා ගත්හ. තමන්ම හලාල් සහතිකය දෙන ප්‍රවණතාවය කෙතරම් නිදහසේ කෙරුනේද යත් එක් සුපිරි වෙළඳසැලක අලෙවියට තබා තිබුණු ඌරු මාංශ ඇසුරුම්වල පවා “හලාල්” සඳහන් කර තිබුණි.  
හලාල් සහතික කිරීමේ අවශ්‍යතාවය
මෙම භයානක තත්වය හේතුවෙන් මුස්ලිම් ජනයාගේ දෛනික ජීවිතයට ඉතාම වැදගත්  නිර්දේශයක්වූ හලාල් අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ මනස තුල ව්‍යාකුලත්වයක් ඇතිවිය. වෙළඳ පොලේ තිබු හලාල් යැයි සඳහන් සියළු ආහාර පාන පිළිබඳව දැඩි හා සාධාරණ අවිශ්වාසයක් ඇති විය. මෙම ව්‍යාකුලත්වයෙන් මුස්ලිම් පාරිභෝගිකයා ගේ අවශ්‍යතාවය සපුරා ලීමට භාණ්ඩ නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් නොයෙකුත් විකල්ප ක්‍රියා මාර්ගයන් අනුගමනය කලද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවිය.
මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා පිළිගත් හා විශ්වාසනීය තුන්වන පාර්ශවයකගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව වටහාගත් නිෂ්පාදන හා සේවා සපයන ආයතනයන්ගේ ඉල්ලීම මත “ඉතාමත් පුළුල් සාකච්චා වට කිහිපයකින් පසු” අප සම්මේලනය විසින් මෙම වැදගත් හා භාරධුර කර්තව්‍යයෙහි වගකීම භාර ගැනීමට තීරණය කරන ලදී. 
හලාල් යනු දෙවියන්ට කැප කරන ලද ආහාර ද?
හලාල් යනු මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව මුස්ලිම්වරුන් අතරේ පවතින යම් රීතියක් හෝ දෙවියන්ගේ නාමයෙන් ඉඳූල් කළ ආහාරද නොවේ. මෙය ජීවන රටාවකි. මෙහිදී ආහාර පාන හා එදිනෙදා ජීවිතයේදී ශරීරය හා සම්බන්ධ අවශ්‍යතාවයන් පිළිබඳව ජනයින් වැඩි සැලකිල්ලක් දක්වති. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවිපලේ සිට ගෑරප්පුව දක්වා යන සංකල්පය මත පිහිටා සෑම ක්‍රියා පටිපාටියක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කොට අවශ්‍යතාවයන් අනුව විද්‍යාත්මක පරීක්ෂණයන්ට භාජනය කොට එහි හලාල් නොවන කිසිම අමු ද්‍රව්‍යයක් අඩංගු නොවන බව සහතික කිරීමක් අප ආයතනය මගින් කරනු ලැබේ.
හලාල් සහතිකය ලබා ගන්නා ලෙස ආයතන වලට බල කිරීමක් කරයි ද?
තම නිෂ්පාදන ක්‍රියාවලියට හලාල් සහතිකය අවශ්‍ය බව අපගෙන් ඉල්ලීමක් කර තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා අවසර දෙන්නට කැමති නිෂ්පාදකයින්ගේ භාණ්ඩවලට හලාල් සහතිකය ලාංඡනයකින්ම සහතික කිරීම මිස කිසිවෙකුටත් බලකිරීමක් කොට මෙම සහතිකය ලබාගන්නා ලෙස හෝ ඒ ගැන ප්‍රචාරණ කටයුතුවල යෙදීමක් හෝ නොකරන බව ඉතාමත්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. ස්වාධීන ආගමික ආයතනයක් වූ අප සම්මේලනයට එවන් බල කිරීමක් සඳහා වන කිසිදූ නෛතික බලාධිකාරියක්ද නොමැත.
හලාල් සහතිකය සඳහා ගාස්තු
 ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් අය කරන අයුරින් අපගේ මෙම සේවාවටද මුදලක් අය කරන්නෙමු. මෙම අය කිරීම නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට කිසිම බලපෑමක් ඇතිනොවන ආකාරයට ඉතා සියුම් අයුරින් නිර්මාණය කොට ඇත්තෙමු. පහත දක්වා ඇති සටහනට අනුව මිස භාණ්ඩයකට ලක්ෂ ගණන් හෝ ආයතනයන්හි ලාභාංශයෙන් ප්‍රතිශතයක් ලෙසින් හෝ වෙනත් කිසිම ආකාරයක අය කිරීමක් නොකරන බව තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු.

No. Product(s)
Fee per product per month (Rs.)
Small Industry
Medium Industry
Large and Multinational Industry
1 to 5
500-700
1000-1250
1500-2000
6 to 10
400-600
800-1000
1250-1500
11 to 20
250-400
600-800
800-1000
21 to 30
-NA-
400-600
600-800
31 to 50
-NA-
200-300
350-500
51 to 100
-NA-
100-200
200-300
>100
-NA-
-NA-
20,000-25,000 **
   ** More than 100 products charges will be fixed to Rs. 20000-25000
නිමි භාණ්ඩයකට හලාල් සහතිකය නිසා ඇතිවන වියදම ශත 10 ටත් වඩා අඩු ඉතා සුළු ප්‍රමාණයකි. ඇතැම් ආයතන වල නිමි භාණ්ඩයක් සඳහා මෙය සතයකටත් වඩා අඩු මුදලක් ද වේ. එම නිසා හලාල් සහතිකයත් භාණ්ඩයේ මිල තීරණය වීමත් අතර කිසිදූ සම්බන්ධයක් නොමැති බව ඉතාම පැහැදිලිය. යමෙක් මෙම සහතිකයේ මුවාවෙන් භාණ්ඩයේ මිළ අසාධාරණ ලෙස ඉහල නංවන්නේ නම් එම ක්‍රියාවට වගකිව යුත්තා එම ආයතනය මිස හලාල් සහතිකය නොවේ.
PRODUCT SECTOR
Extra Cost per unit if  No. of Units Produced is
TOP 15 COMPANIES
5000
10,000
20,000
100,000
1,000,000
Cts.
Cts.
Cts.
Cts.
Cts.
1*      0.3774      0.1887      0.0943         0.0189        0.0019
2*      0.1293      0.0646      0.0323         0.0065        0.0006
3      0.0500      0.0250      0.0125         0.0025        0.0003
4      0.1933      0.0967      0.0483         0.0097        0.0010
5      0.1000      0.0500      0.0250         0.0050        0.0005
6      0.0600      0.0300      0.0150         0.0030        0.0003
7      0.0779      0.0389      0.0195         0.0039        0.0004
8      0.1000      0.0500      0.0250         0.0050        0.0005
9      0.0600      0.0300      0.0150         0.0030        0.0003
10      0.0357      0.0179      0.0089         0.0018        0.0002
11      0.1143      0.0571      0.0286         0.0057        0.0006
12      0.1000      0.0500      0.0250         0.0050        0.0005
13      0.0718      0.0359      0.0179         0.0036        0.0004
14      0.0600      0.0300      0.0150         0.0030        0.0003
15      0.1000      0.0500      0.0250         0.0050        0.0005
*Certification Fee Includes Full Time Monitor’s Fee

සැබැවින්ම හලාල් සහතිකය හේතුවෙන් එම භාණ්ඩයේ පිරිවැටුම ඉහල ගොස් නිෂ්පාදන ආයතනයේ නිත්‍ය වියදම් විශාල නිෂ්පාදන ධාරිතාවක් මගින් අවශෝෂණය කරගන්නා හෙයින් භාණ්ඩ මිල පහළ යෑමට මෙය හේතු වී ඇත.

ත්‍රස්ත සංවිධාන සඳහා මුදල් දෙන්නේ ද?
 මෙම අයකිරීම සහතික ක්‍රියාවලිය සඳහා සංගමයට තිබෙන්නාවූ පිරිවැය පියවා ගැනීමට මිස, ලාභ ලැබීම, පල්ලි සෑදීම, ඉස්ලාම් දහම පැතිරවීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම, දේශීය හෝ විදේශීය නීති විරෝධී හෝ සමාජය විසින් පිළි නොගන්නා කිසිම පටු අරමුණක් සඳහා නොවේ. 
හලාල් සහතිකය මගින් අප සංවිධානයට මාසිකව රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ලැබෙන අතර එයින් ලක්ෂ 13 ක් පමණ ආයතනික වියදම් පියවීම සඳහා වැයවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගණනයෙන් සහතික කොට සකස් කර ඇත.
මාධ්‍ය වේදීන්ට අපගේ පණිවුඩය
සමස්ථ ලංකා ජමියතුල් උලමා වන අප සංගමය පිළිබඳව හෝ හලාල් සහතික අංශය පිළිබඳව ඕනෑම දෙයක් අප සමග සම්බන්ධ වීමෙන් පැහැදිළි කර ගත හැක.
සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් අප කරන ඉල්ලීම
 හලාල් සහතික කිරීමේ අංශයේ කිසිදු රහසක් නොමැත. නිසි ආකාරයට පැමිණෙන ඕනෑම අයෙකුගේ සැකයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අප සැදී පැහැදී සිටිමු.

සාරාංශය

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ග කාලීන සාමාජිකයන් වන මුස්ලිම් වරුන් රජ කාලයේ පටන් නිදහස් සටනේ දී මෙන්ම LTTE යුධ සමයේ දී පූර්ව යුධ සමයේ විදේශිකයින්ගෙන් එල්ලවූ නොයෙක් තර්ජන වලදීජාති හිතෛශීව කටයුතු කර ඇත

  • සමස්ථ ලංකා ජමියියතුල් උලමා සංවිධානය 1924 දී ශ්‍රී ලංකා වේ මුස්ලිම් හා මුස්ලිම් නොවන පුරවැසියන්ගේ සේවය පිණිස පිහිටුවන ලද දේශපාලනික හෝ ලාභ ලැබීම අරමුණු නොවූ සංවිධානයකි.

  • හලාල් යනු අඩංගු අමු ද්‍රව්‍ය සියල්ලම හලාල් ක්‍රමවේදය තහවුරු කල ඒවා වීම මිස දෙවියන්ට කැප කල යන අරුත දෙන්නක් නොවේ. එම නිසා කිසිම ආගමික විශ්වාසයන්ට මෙයින් බලපෑමක් නොමැත.

  • හලාල් සහතික කරණයේ අවශ්‍යතාවය ඇතැම් සමාගම් හා පාරිබෝගිකයන් විසින් භාණ්ඩයේ හලාල් බව තහවුරු කිරීමට 3වන පාර්ශ්වයේ මැදිහත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමෙන් ඇති විය.

  • හලාල් සහතික කරණය සඳහා කිසිම බල කිරීමක් නොමැති අතර එය සිදූවන්නේ හුදෙක් සහතික ඉල්ලුම් කරන්නන්ගේ කැමැත්තෙන් කරනු ලබන සියුම් නිරීක්ෂණයකින් පසුවය.

  • හලාල් සඳහා කරන අය කිරීම නිමි භාණ්ඩයට කරනු ලබන බලපෑම ඉතාමත් සුළුනිසා එමගින් නිමි භාණ්ඩයේ මිල ඉහළ යාමට හලාල් කාරණයක් නොවේ. එම නිසා පාරිබෝගිකයා හලාල් සඳහා ගෙවිය යුතු නොවේ. වෙළඳ පොලේ මිළ සමීක්ෂණයක් කරන ඕනෑම අයෙකුට මෙය තහවුරු කර ගත හැක.

  • හලාල් සඳහා කරන අය කිරීම් ආයතනික වියදම් පියවීමට මිස වෙනත් අරමුණු සඳහා නොවේ. අපගේ වාර්ෂික ගිණුම් සියළු රාජ්‍යය නීතිරීති වලට අනුකුලව වරලත් ගණකාධීවරයෙකුගේ විගනණයෙන් සහතික කොට සකස් කර ඇත.
සමස්ථ ලංකා ජමියතුල් උලමා (සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය)
අන්වර් මනතුංග බ්ලොග් අඩවියයෙන් උපුටා ගන්න ලදී.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons