ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 3 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.
(මෙම ග්‍රන්ථය භාගත කරගැනීම සඳහා මෙම යොමුවෙන් පිවිසෙන්න)
හැඳින්වීම 1 කොටස මෙතනින් කියවන්නහැඳින්වීම 2 කොටස මෙතනින් කියවන්න
අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය තෙක් වූ කාලය මුළුල්ලේ ම ශ්‍රී ලංකාවේ රාජ සභාවේ මුස්ලිම් කන්ඩායකම් ක්‍රියාත්මක ව සිටි බැව් අපට ලැබී ඇති සාක්ෂිවලින් පැහැදිලි වේ. ඉස්ලාමීය ප්‍රජාව ගේ ආගමික හා සංස්කෘතික සම්භන්ධතා පිලිබඳ කරුණු සම්භන්ධයෙන් ක්‍රියා කිරීමට රජු පොළඹවා ගැනීම සඳහා පමණක් නොව විදේශීය වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව රජුට උපදෙස් දීම පිලිබඳ වගකීම ඔවුහු දැරූහ.  ඒ සියල්ලටම වඩා විදේශයන්හි සිදුවන්නාවූ කරුණු පිළිබඳව රජුට දැනුම දෙන ලදුයේ මුස්ලිම්වරුන් විසිනි. විදේශීය බලවතුන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීම් සියල්ල පාලනය කරමින් ඕලන්ද ජාතිකයන් අන්තිම කාලයේ උඩරට රාජධානිය හුදෙකලා කල අවධියේදී තොරතුරු සපයෙමෙන් මුස්ලිම්වරුන් ඉටුකල කාර්ය භාරය ඉතා වැදගත් එකෙක් වුයේය. ඒ අනුව රජු සහ භාහිර ලෝකය අතර පණිවිඩ හුවමාරූ කරගත් රහස්‍ය මාර්ගය වුයේ නාවික දක්ෂතාවයන් මෙන්ම විදේශීය සම්භන්දතාද සතුව සිටි මුස්ලිම් වෙලෙන්දාය.
මේ නයින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්භන්ධයෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් මුස්ලිවරු ඉටු කාලය. දහතුන් වන ශතවර්ෂය තරම් ඈත අතීතයේදී දෙරට අතර සෘජු වෙළෙඳ සම්බන්ධතා ඇති කරගැනීම සාකච්චා කිරීම පිණිස සිංහල රජු විසින් අල්හාජ් අබු උත්මාන් ඊජිප්තුවේ මම්ලුත් රාජ සභාවට යවනු ලැබීය. මේ දුත මෙහෙවර සඳහා හේතු බොහෝවිට අරාබි කණ්ඩායම විසින් සිංහල රාජසභාව කෙරෙහි ඇති කරන ලද බලපෑම් විය යුතුය. උඩරට රාජ්‍ය සමය තෙක්ම වැදගත් රහස්‍ය දූත මෙහෙවර සඳහා මුස්ලිවරුන් දකුණු ඉන්දියාවට යවන ලද බැව් පෙනෙනු ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් දෙමල භාෂාව පමණක් නොව දකුණු ඉන්දියාවේ වෙනත් භාෂා ද කතා කල අතර ඔවුන් ගෙන සමහරු පෘතිගීසි භාෂාව පවා කතා කළහ. ඔවුන් ගේ භාෂා  නිපුණත්වය අන්තර්ජාතික සම්භන්ධකම් සහ ඉස්ලාම් ආගමේ අන්තර්ජාතික ස්වභාවය නිසා මුස්ලිම්වරු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් ලබා සිටියහ. තානාපතිලාගේ ගෙදර යන වාසගම දරන මුස්ලිම් පවුල් කිහිපයක් අද ද උඩරට ප්‍රදේශවල දක්නා ලැබේ. මේ වැනි වාසගම් වලින් බොහෝවිට වෘත්තීය හා නිල තත්වය දැක්වෙන හෙයින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ගෙන් අයකු තානාපතිවරයකු වශයෙන් සේවය කළා විය හැකිය. අග්‍රාමාත්‍යවරයා සතු ව තිබුණු විදේශ කටයුතු කාර්යය භාරය සඳහා වූ වෙනම අමාතාංශයක් පිහිටවූ අවධියේ දී ඒ සී එස් හමීඩ් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ කටයුතු අමාත්‍යවරයා වසයෙන් පත් කරගනු ලැබීම යට කී සම්ප්‍රදායය අනුකූල යයි කිව හැකිය.
සැලකිය යුතු තරමේ සුළුතරයක් දක්නා ලැබෙන තායිලන්තයේ සහ බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රිකකටයුතු සම්භන්ධ විවිධ අවස්ථාවල මුස්ලිම්වරුන් සේවයේ යොදවාගෙන තිබේ. අයෝධ්‍යා රාජධානියේ තායි පාලකවරු මුස්ලිම්වරුන් තානාපතිවරුන් වශයෙන් යැවුහ. බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා පර්සියානු භාෂාව යොදාගනු ලැබූ අතර එහිදී ද මුස්ලිම්වරුන් ගේ භාෂා නිපුණත්වය සම්පතක් විය. පර්සියානු භාෂාව මැනවින් දත් මුස්ලිම්වරුන් විදේශිකයන් සමඟ කටයුතු කිරීම සඳහා ප්‍රධාන නගරවලට යවනු ලැබූ අතර බුරුම දූත පිරිස් අසල්වැසි රටවල කල සංචාරවලදී මුස්ලිම් භාෂා) පරිවර්තකයෝ ඔවුන් සමඟ ගියහ. පළමු පළමුවන ඉංගිරිසි බුරුම යුද්ධයෙන් පසු ව සිහසුනෙන් නෙරපනු ලැබූ භාග්‍යදෝ රජු -( 1824-28) ඔහුගේ සිහසුන නැවත ලබාගැනීම පිණිස උදවු උපකාර ඉල්ලා මුස්ලිම් නියෝජිතයෝ බ්‍රිතාන්‍යයන් වෙත යැවු බව පැවසේ.
සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර පැවති දීර්ඝ මෙන්ම සමීප සම්භාන්ධතාව බ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ පළාත් 1796 දී ද, මුළු දිවයිනම 1815 දීද අල්ලාගන්නා තෙක්ම පැවතිනි. සමාජයේ විවිධ කොටස් ශූර ලෙස උපායශීලී ව යොදාගැනීම බ්‍රිතාන්‍ය පාලනයේ ලක්ෂණයක් විය. භේදකොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය, නවීකරණය කිරීමේ සහ ප්‍රගතියේ මුවාවෙන් ඇති කල වෙනස්කම්, වෙළෙඳ භෝග වැවීම, ආර්ථිකය මුදල් හුවමාරුව මත සිදුවන්නක් බවට පරිවර්තනය කිරීමෙන් ඒ සමගින් ව්‍යවසායක පන්තිය සහ මුදල් පොලි කරන්නවුන් සහ කඩ සාප්පු කාරයන් බිහිවීම හේතු කොට ගෙන, කලින් තිබුනු සහයෝගය වෙනුවට උග්‍ර තරඟකාරී තත්වයක් උද්ගත විය. සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර ප්‍රථම වරට ඇති වූ 1915 දරුණු කැරැල්ලට මුල් වුයේ ඒ පසුබිමයි. ඒ කැරැල්ලට මුල් වූ හේතු විග්‍රහ කිරීමට 5 වන පරිච්චේදයෙන් උත්සාහ කරනු ලැබේ. ප්‍රකාශිත හේතුව ආගම සම්භන්ද ප්‍රකෝප කිරීම් වුවද සාමාන්‍යයෙන් පෙනෙන පරිදි එය ඉස්ලාම් ආගම සහ බෞද්ධාගම අතර ගැටුමක් නොවීය. 1815 න් පසුව ඇති කරනු ලැබූ ශීග්‍ර සමාජ ආර්ථික වෙනස්කම්වලින් උද්ගත වූ දේශපාලන සහ ආර්ථික නොසන්සුන්තාව මෙන්ම ඒ හේතුවෙන් ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ මනාව ඒකාබද්ධ වූ ක්‍රමයක් වශයෙන් සුහදශීලී ව එකට වේලි තිබුණු සම්ප්‍රදායික සමාජයක අංගෝපාංග කඩාකප්පල් වී සමාජය අස්තායිකරණය වීම ඉන් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් ගේ තත්වය වෙනත් ආසියාතික රටවල මුස්ලිම් සුලුතරයන් දරන තත්වය හා සන්සන්ධනය කර බැලීමද මේ අධ්‍යනයේදී වැදගත් වේ. ඒ සඳහා ඉතා යෝග්‍ය රටවල් වනුයේ තායිලන්තය සහ බුරුමයයි. ශ්‍රී ලංකාව හැරුණු විට ථෙරවාද බෞද්ධයන් බහුතරයක් සිටින්නේ මේ රටවල් දෙකේය. තායිලන්තය රාජධානියේ මුළු ජනගහනයෙන් සියයට පහේ සිට අට දක්වා සංක්‍යාවක් වන මුස්ලිම් වරු ඒ රට ප්‍රධානතම සුළුතරය වේ. ඔවුහු තායි මුස්ලිම්වරු සහ මැලේ මුස්ලිම් යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී සිටිත්. තායි මුස්ලිම්වරු ඉතා ඉහල ප්‍රමාණයට තායි බෞද්ධ පරිසරයේ සිරිත් විරිත්වලට ඇබ්බැහි වී සිටිත්. එකම වෙනස ඔවුන් මුස්ලිම් අනන්‍යතාව රැකගෙන සිටීමයි. මැලේ මුස්ලිවරු පට්ටානි, යාල, නරන්දිවන් යන ඈත දකුණු කෙලවරේ පිහිටි පළාත් තුනේ සහ සොහෙලා පළාතේ යම යම ප්‍රදේශවල පදිංචිව සිටිත්. ඔවුන් මැලේ භාෂාව කතා කරන අතර මැලේ – මුස්ලිම් බෙදුම්වාදයක් පිලිබඳ උග්‍ර තර්ජනයක් පැවති.
තායි මුස්ලිම්වරුන් සහ මැලේ මුස්ලිම්වරුන් අතර ආකල්ප අතින් දක්නට ලැබෙන වෙනස ඉතිහාසයේ අතුරු පැලයකි. ශ්‍රී ලංකාවෙහි මෙන්ම ඉස්ලාම් ආගම ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ සියලුම මට්ටම්වලදී තායි බෞද්ධාගම සමග එකට පැවතීම පිලිබඳ වැදගත් සම්ප්‍රදායයන් පැවති. යටත් පිරිසෙයින් මුස්ලිම්වරුන් ආසියානු කලාපයේ වාණිජ ආධිපත්‍ය දරු දහසය වන ශත වර්ෂයේ සිට අයෝධ්‍යාවේ තායි පාලකවරුන් විසින් මුස්ලිම් වෙළෙන්දෝ හේවායන් සහ නැවියන් වශයෙන් සේවය යොදවනු ලැබුහ. උඩරට රාධධානියෙහි ද මුස්ලිම්වරුන් මේ වැනුම තත්වවලට පත් කර තිබුණු බෑවු සිත ගන්නාසුළු කරුණකි. ආගම ඇදහීමේ පූර්ණ නිදහස ඔවුනට දී තිබුණි. ඇත්ත වශයෙන් කිවහොත් අයෝධ්‍ය පාලකවරුන් විසින් ඉස්ලාම් ආගමට රාජකීය අනුග්‍රහය පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ දී මෙන් පල්ලි ඉදි කිරීමටත් මුස්ලිම් උත්සව පැවැත්වීමටත් රජයේ අරමුදල් වෙන කරදෙන ලදී.
අයෝධ්‍යාවේ දකුණු ප්‍රදේශයේ විශේෂයෙන් ම පට්ටානි සුල්තාන් රාජ්‍යයේ මැලේ මුස්ලිම් සේවකයන් දහහත් වන සියවසේ දී ඉතා ඉහල නිදහසක් භුක්ති වින්ද තිබේ. දහඅටවන සියවසේ අග භාගයේදී අගනුවර බැංකොක් කරා ගෙනයනු ලබෙමෙන් අනතුරුව දකුණු දිග මුස්ලිම් පලත්වලා පාලනය දැඩිවී ඇත. බටහිර යටත්විදිතවාදය දස දිගින් ම පැතිර යාමේ තර්ජනය හමුවේ. එතෙක් ලිහිල් අයුරින් අනුබද්ධ ව සිටි දකුණේ මැලේ මුස්ලිම් යටත් වැසියන් පීඩාවට පත් වන අයුරින් දේශයන් තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය බැංකොක් පාලකයන් විසින් අනුගමනය කරන ලදී. 1902 දී පට්ට්හානි රාජ්‍යයේ මැලේ පාලකයන් ගේ දැඩි විරෝධතා මාද්යයේ තායි රජය විසින් ඔවුහු නිලයෙන් පහ කරනු ලැබුහ. ඉන්පසු ව දිගින් දිගටම කැරලි සහ ප්‍රතිවිරුද්ධතා මතුවිය. ඉස්ලාම් ආගම මැලේ අනන්‍යතාව තාඩන පීඩන පිලිබඳ මතකය, භූ දේශපාලන සන්කෙන්ද්‍රය, මැලේසියාව සමග තිබුණු මායිම් ඉම්බවගිය සම්භන්දතා හා ඥාති සම්භාන්ධකම් සහ ගෝලීය මට්ටමෙන් ඇති වූ ඉස්ලාමිය පුනර්ජීවනය යන මේ කරුණු වල ප්‍රතිපලය වුයේ බෙදුම්වාදී ප්‍රවණතා මතු වීමයි. මුස්ලිම් ජාතිකයන් සම්භන්දයෙන් බලන කල, ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ භූ දේශපාලන කරුණු ඊට ඉඳුරා වෙනස් වූ බැවින් මෙහි එවැනි තත්වයක් උද්ගත නොවීය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 2 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.
හැඳින්වීම – 2 කොටස
ක්‍රි ව 900 සිට 1500 දක්වා කාලය තුල සංක්‍රමණික මුස්ලිම් වෙළඳුන් සහ කෘෂිකාර්මික සිංහලයන් අතර ක්‍රමයෙන් වර්ධනය වූ අන්‍යොන්‍ය වශයෙන් වැඩදායි සම්භාන්දතාව විමසා බැලීමට ” වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ” නම වූ වන පරිච්චේදයෙන් කර්තෘ උත්සාහයක් දරයි, වාර්ගික සහ ආගමික සමගියේ අඩිතාලම වැටුණු ඒ අවදියේ දී මුස්ලිම්වරු සිංහල නරපතියන් හට ආර්ථික හා දේශපාලන වශයෙන් සම්පතක් වුහ. ඒ වෙළෙඳුන් හට ආරක්ෂාව සලසමින් තම රාජධානියේ පදිංචි වීමට වසර දීමෙන් සිංහල රජවරු ඔවුන් හට පෙරලා උපකාර වූහ. ශ්‍රී ලංකාව තුල මෙන්ම නැගෙනහිර අනිකුත් මුහුදු ප්‍රදේශවල මුස්ලිම් වාණිජ සමෘදීයෙ උච්ච් ම අවස්ථාව එක කාලය අවසාන දී දැකගත හැකි විය.
දහසය වන ශතවර්ෂය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව කෙතරම් සමෘධිමත්ව සිටියේද යත්, ක්‍රිස්තියානි බලය නිසි වෙලාවට දිවයිනට නොඑන්නට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජ්‍යය සතු රටක් වෙනුවට යම් අරාබි දේශාටකයකුගේ පාලනයට නතු වූ මහමදිය රාජධානියක් වීමට ඉඩ තිබිනැයි එමර්සන් දෙනන්ට් සක පහල කළේය. කෙසේ වුවද ටෙනන්ට් ගේ උපකල්පනය සත්‍ය සාධක පදනම වී නොමැත. මන්ද යත්, ඉස්ලාමිය යුද්ධ බල පරාක්‍රමය ඉන්දියාවේ උච්චතම අවස්ථාවට එළඹියේ බල්ජිවරුන් සහ කුග්ලුක්වරුන් යටතේ වූ අතර දහසය වන ශත වර්ෂය ආරම්භ වන විට ඔවුන් ගේ බල පරාක්‍රමය අහෝසි වී ගොස් තිබුනු හෙයින් ශ්‍රී ලංකාවට කිසිඳු තර්ජනයක් එල්ල නොවූ බැවිනි.  හුදෙක් ම සිංහල මුස්ලිම් මිත්‍රත්වය අවුල් කිරීම පරමාර්ථ කරගෙන ඕලන්ද ජාතිකයෝද මුස්ලිම් වරුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ලැබීමේ තර්ජනයක් ඇතැයි විජයග්‍රාහී මෝගල් හබුදා අවුරන්ග්සෙබ් (1658-1701) යටතේ දකුණු ඉන්දියාවට කඩා වැදුණු අවධියේ දී බලසම්පන්න මෝගල් අධිරාජ්‍යය විසින් කඩිනමින් ම ශි ලංකාව ගිලගනු ඇති බවටත් ස්වලබ්ධිකයන් හා අත්වැල් බැඳ ගැනීමට දිවයිනේ සිටින මුස්ලිම් වෙළෙදුන් පුනපුනා බලා සිටින බවටත් කටකතා පතුරුවා තිබිණි. අවුරන්ග්සෙබ් විසින් දකුණු ඉන්දියාව ආක්‍රමණය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද අවස්තාව වනවිට එම අධිරාජ්‍යය බිඳ වැටීමට පටන්  ගෙන පරිහානියට පත් වෙමින් තිබුණු බැවින් ඒ කටකතා ද හුදෙක් ම ද්වේශ සහගත දූෂමාන ප්‍රවෘත්ති පමණක් විය.
” කුරුසය අඩසද හමුවෙයි “  නම් වූ 3 වන පරිච්චේදයෙහි ප්‍රබල යුරෝපිය ආක්‍රමණ මැඩපැවැත්වීමට මුස්ලිම් ජාතිකයන් විසින් කෝට්ටේ සහ සීතාවක සිංහල රජවරුන්ට දෙන ලද සහාය සහ ක්‍රිස්තියානි  බලය යටතේ මුස්ලිම්වරුන් ලැබූ පරාජයන් පිළිබඳව විස්තරක් කරනු ලැබේ. පෘතිගීසින් ප්‍රථමයෙන් ම ශ්‍රී ලංකාවේ වෙලරබද ප්‍රදේශවලට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ගේ අභිප්‍රායය පිලිබඳ මනා අවබෝධයක් ඇති ව සිටි මුස්ලිවරු පෘතිගීසින් අතින් රටේ ස්වාධිපත්‍යයට මෙන්ම ජාතික ආගමට ද එල්ල විය හැකි අනතුර පිළිබඳව රජුටත් මහා සංඝයාට සහ ප්‍රභූවරුන්ට මෙම සාමාන්‍යය ජනතාවටත් කල් තියා අනතුරු ඇඟවුහ. පෘතිගීසින් කොළඹින් ඉඩක් ලබා ගැනීමට උත්සාහ කල අවස්ථාවේ දී මුස්ලිම්වරු සිංහලයින්ට අවි ආයුධ සැපයුහ. ඔවුන් සමග උරෙනුර ගැටී සටන් කළහ. එපමණක් නොව ආක්‍රමණිකයන් පලවා හැරීමට දැරූ වෑයමේදී  සිංහල රජවරුන් හට යුද්ධමය සහාය ලබාදීම පිණිස මුස්ලිම්වරු දකුණු ඉන්දියානු රජවරුන් සමග තිබුණු ඔවුන්ගේ සබදතා පවා යොදා ගත්හ. මුස්ලිම් වරුන්ගේ මැදිහත් වීම නිසා කැලිකට් හි සැමොරින්, සීතාවක නරපති මායාදුන්නේට (1521-1581) උදවු උපකාර පිණිස යුධ හමුදාවක් සමග කොචින්හි කීර්තිමත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු එවූහ. හතුරන් හට දුන් සහාය නිසා කාලකන්නි සරසන්වරුන් කෙරෙහි ක්‍රිස්තියානු පාලකයන් දැක්වූ වෛරය උත්සන්න ව මුස්ලිම්වරුන්ට යුරෝපයේ දී බහුල ලෙස දක්වන ලද කුරිරු හතුරු කම් මෙහිදී ද දැඩි ලෙස අනුගමනය කරනු ලැබීය.  පෘතුගීසින්ගේ සහ ඕලන්ද ජාතිකයන්ගේ වධ හිංසා තව දුරටත් බලපෑවේ නැත. ඔවුන් ස්වදෙශියකරණයට හසු වුයේ එතැන් සිටය.
මුස්ලිම් ජනතාව උඩරට දේශපාලනයට ව්‍යුහාත්මක ව ස්වීකරණය වීමේ ක්‍රියාදාමය 4 වන පරිච්චේදයෙහි සාකච්චා කෙරේ. මේ ක්‍රියාදාමය සංක්‍රමනිකයන් ගේ සංස්කෘතිය නව දේශයේ සංස්කෘතියෙ මුළුමනින් ම ගිලියන සංස්කෘතික ස්වීකරණ වෙනස් වුවකි. උඩරට රාජධානියේ විසු මුස්ලිම් ජනතාව ඉස්ලාම් ආගම සහ එහි සියලු සංස්‌කෘතික ගති ලක්ෂණ භක්තිමත් ව අනුගමනය කරමින් එකට බැඳුනු පැහැදිලි කණ්ඩායමක් වශයෙන් ජීවත් වූහ.එනමුදු ඔවුහු සාමූහික වශයෙන් උඩරට සමාජය සමග ස්වීකරණය වූහ. තායිලන්තය, බුරුමය සහ චීනය වැනි වෙනත් ආසියාතික රටවල් කිහිපයක්ම වෙසෙන මුස්ලිම් සුළුතර කොටස් අධ්‍යනය කිරෙමේ දී මුස්ලිම් වෙළෙඳ ජනපද ස්ථිර ගම්මාන වශයෙන් වර්ධනය වූ අවස්තාවක දී ම ඔවුන් එකිනෙකට පරස්පර විරෝධී පීඩන දෙකකට අසු වූ බැවු පෙනේ. එක අතකින් ඔවුන් ගේ ඉස්ලාමිය අනන්‍යතාව සුරක්ෂිත කරගැනීම උදෙසා ඉස්ලාම් ආගමේ හරය වෙත ඇදීගිය අතර අනෙක් අතින් විදේශීය මෙන්ම ආත්ම විට විරුද්ධවාදී වටාපිටාවක ජීවත් වීමේ උපක්‍රමයක් වශයෙන් සමාජයේ අනෙකුත් කොටස් සමග අනුකලනය වීමේ ගත් උත්සාහයේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ හා සමාන ම බලයකින් ඔවුහු ඇදී ගියහ. ඇතැම් ආසියාතික රටවල තත්වයන් අනුව ස්ථිර සංස්කෘතිය, විරුද්ධවාදීන් ගෙන් වසන කරගෙන ගෙදර දොරෙදී මුස්ලිම් බැතිමතුන් ලෙසින් හැසිරෙමින් ඉන් බැහැර දී ඊට වෙනස් ආකාරකින් ක්‍රියා කිරීමට මුස්ලිවරුන්ට සිදු විය. මේ ප්‍රතිවිරුද්ධ බලවේග බොහෝ අවස්ථාවල දී මානසික පීඩන සමාජීය නොසන්සුන් භාවය හා ඇතැම් අවස්ථාවලදී එළිපිට ගැටීම් පවා ඇති කිරීමට හෙතු වුයේය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව එවැනි පීඩාකාරී අත්දැකීමකට මුහුණ පා නොමැත. ඔවුහු පසස්පර විරෝධී බලවේහ දෙක අතර සියුම් සමතුලිත භාවය රැකගනිමින් සිය අසල්වැසියන් සමඟ සාමකාමි සහජීවනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්වුහ. ශ්‍රී ලංකාවේ මේ තත්වය ඇති කරගනු ලැබුවේ අවම ආතතියකිනි. ඕනෑම ආගමක් ඇදහීමට රටේ පවතී නිදහස හේතු කොටගෙන ඉස්ලාමිය අනන්‍යතාව රැකගැනීමට ඔවුනට හැකි විය. ස්වකීය අභ්‍යන්තරය සංවිධානය ශක්තිමත් කරගැනීමට ඉන් මුස්ලිම්වරුන්ට අවකාශ ලැබුනා පමණක් නොව ඔවුහු ඊට උනන්දු ද කරවන ලදහ. නිසැකවම උඩරට සංස්ථාවල නම්‍යශීලී භාවය නිසා මෙන්ම ඕනෑම තත්වයකට හැඩ ගැසීමට මුස්ලිම්වරුන්ට ඇති හැකියාව ද තම ආගමික ගැගීම්වලට අනතුරක් සිදු නොවන තාක් කල් අනුකූලත්වය දැක්වීමට සහ සමතයකට එලබීමට ඔවුන් දැක්වූ කැමැත්ත නිසා උඩරට සමාජය හා ඒකාබද්ධ වීමට ඔවුහු සමත්වුහ. නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් රාජ්‍ය පරිපාලනයේ ම බෞද්ධ සිද්ධස්ථානවල ද නිලධරයන් ලෙස කටයුතු කළහ. මුස්ලිම්වරුන් දළඳා මාලිගාවේ නිලදරයන් වශයෙන් සේවය කරමින් බෞද්ධ ලෝකයේ අතිදර්ශනිය සංස්කෘතික සංදර්ශනය වන ඇසල මහා පෙරහරට ද සහභාගී වීම විශේෂයෙන් වැදගත් වේ. මුස්ලිම් ජනතාව ගේ සංස්කෘතික විශේෂත්වය කිසි සෙත් සෝදාපාලු වීම‍ට ඉඩ නොදී සිදු වූ මේ ව්‍යුහාත්මක සවීකරන ක්‍රියාදාමය ඇතැම් විට සුළුතර බහුතර සම්භන්ධතා අතර අද්විතීය ගනයේ එකක් විය හැකිය.
මුස්ලිම්වරුන් වෙනත් කිසිම දක්ෂතාවක් හෝ උනන්දුවක් හෝ නොමැති වෙළෙඳුන් පමණක් බවට සාමාන්‍ය මතයක් පවතී. නිදසුනක් වශයෙන් එමර්සන් ටෙනන්ට් මෙසේ පවසයි. ” මේ සංක්‍රමණික වෙළෙන්දෝ දිවයිනේ සියලුම නිෂ්පාදන විකුණන වෙළෙන්දෝ වූහ. ඔවුහු අතරමැදියන් වශයෙන් එම නිෂ්පාදන විදේශ රටවල භාණ්ඩවලට හුවමාරු කළහ. ඔවුහු කිසිඳු අවස්තාවක කිසිම අංශයක නිෂ්පාදකයෝ හෝ නුවුහ. ඔවුන් ගේ දක්ෂතාව හුදෙක් ම වාණිජමය එකක් විය. ඔවුන්ගේ අවධානය මුළුමනින්ම යොමුවූයේ වෙනත් අයගේ වෙහෙස මහන්සියෙන් හා විචක්ෂණ භාවයෙන් කලින් නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ අලෙවි කිරීමටය. ඔවුහු ස්වර්ණාභරණ වෙළෙන්දෝ වූහ. මැණික් තක්සේරුකරුවෝ වූහ. මුතු රැස් කරන්නෝ වුහ. රට අභයන්තරයේ ගම්මානවල සහ කැලෑබදව ජීවත්වූ තෘප්තිමත් උදාසීන සිංහලයන් තම කුඹුරු ගොවිතැන් කිරීමට සිය ජීවිත කාලය මිඩංගු කරමින් ඔවුන්ගේ විහාර පන්සල්වල උත්කර්ශවත් බව සහ උත්සව පැවැත්වීම හැරුණු විට වෙනත් කිසිඳු විනෝදයක නොයෙදෙමින්  තම දිවි පෙවෙත ගෙනගිය අතර වෙරළබඩ වෙරළබඩ ක්‍රියාශීලී සහ යසස්කාමි මහමදිකයෝ වරායවල සිය ගබඩා ඉදි කරමින් තම නැව් බඩුවලින් වරායවල් පුරවමින් දිවයිනේ ධනය සහ සුඛෝපභෝගී භාන්ඩ ද එහි අගනා මැණික් ද එහි දැව වර්ගද එහි කුළුබඩු සහ ඇත්දළ ද චීනයට සහ පර්සියානු බොක්කට යැවීම සඳහා එකතු කිරීමේ යෙදුනාහ”  විවිධ දක්ෂතා විශේෂයෙන් ම රටේ නොතිබුණු දක්ෂතා දිවයිනට හඳුන්වාදෙමින්, ඒවා ප්‍රගුණ කරමින් මුස්ලිම්වරුන් ගොවි සමාජයක අවශ්‍යතා සපුරාලූ බව හෙළි කරමින් සමාජයට සැපයුණු ආධාර උපකාර සාකච්චා කරන 5 වන පරිච්චේදයෙන් මෙය සම්පූර්ණ සත්‍යයක් නොවන බව පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 1 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.

1. හැඳින්වීම
” සියලු යුගයන් හා සසඳන කල ඉතිහාසය ගැන දැඩි සැලකිල්ලක් යුමුවී ඇති යුගය වර්තමානයයි. නූතන මිනිසා පෙර කිසි දා නොදුටු ප්‍රමාණයක ස්වයං සවිඥාන හැගීමකින් වෙලී සිටින අතර ඒ නිසාම ඉතිහාසය පිළිබඳව දැනුමක් ඇතිව සිටි. තමා පිය නගමින් සිටින අඳුරු දිසාව කදොපැණියකු තරම් වත ආලෝක ධාරාවකින් එලිය කෙරෙනු ඇති යන අපේක්ෂාවෙන් ඔහු තමා පසු කර ආ අරුණෝදය දෙස ආපසු හැරී බලයි. අනික අතට ඉදිරියෙන් ඇති මාර්ගය පිළිබඳ ව ඔහු තුල පවත්නා අපේක්ෂාවෙන් සහ සක මුසු උනන්දුව, යටගිය කරුණු පිලිබඳ ඔහුගේ විනිවිඳ දක්නා නුවන දියුණු කරවයි. අතීතය වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය නම වූ නිම් නොමැති දම්වැලේ එකට ඇඳුනු පුරුක් ය. “  ( ඊ එච් කාර් 1)
ඉතිහාසය යනු මිනිස් වර්ගයා ගේ අපරාධ, මෝඩකම් හා දුර්භාග්‍යය පිලිබඳ වාර්තාවකට වඩා වැඩි යමක නොවේ යයි කියමනක් ඇති අතර සාම්ප්‍රදායික වශයෙන් යුද්ධ සහ කැරලි ඉතිහාසඥයන් ගේ සිත අන්ද ගැනීමට සමත් වී ඇති නමුත් මනුෂ්‍ය සමූහයන් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතී සාමකාමී සහජීවනය අමතක කිරීම පුරුද්දක් වී තිබේ. ඒ බැවින් සාම උපක්‍රමවලට වඩා බෙහෙවින් යුද්දෝපක්‍රම පිලිබඳ ව ඉතිහාසයේ විස්තර වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිංහල ස්වදේශිකයන් සහ මුලින් විදේශිකයන් වූ මුස්ලිම් ජාතිකයන් අතර වර්ධනය වී ඇති සුහඳ සම්භාන්දතාව පිලිබඳ ව මෙන්ම මේ ජාතින් දෙකොටස අවුරුදු දහසකටත් වැඩි කාලාන්තරයක් මුළුල්ලේ සාමකාමිව එකට ජීවත් වූ අයුරු පිළිබඳවත් දන්නා අය විරල වෙත්. ඇතැම් විට එය සාමකාමී සම්භන්ධතාවක් වූ බැවින් දෝ ඉතිහාසඥයන් හට නොපෙනුනා විය හැකිය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් දීවයිනේ සිටින දෙමල ජාතිකයන්ට පසුව දෙවන විශාල සුළු ජාතිය වන අතර දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට හතක් වන ඔවුහු සංඛ්‍යා වශයෙන් දශ ලක්ෂය ඉක්මවන්නාහ. 1981 ජන ලේඛන වාර්තාවෙන් දක්වා ඇති පහත සඳහන් සංක්‍යා ලේඛන වලින් ප්‍රත්‍යක්ෂ වන පරිදි මුස්ලිම් වරුන් දිවයිනේ දිස්ත්‍රික්ක විසිහතරේම විසිරි ජීවත් වන නමුත් ඒ එකද දිස්ත්‍රික්කයක හෝ ඔවුහු බහුතරය නොවෙත්. නැගෙනහිර පලාතට අයත් මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේ මුස්ලිම් වරු බහුල ලෙස ඒකරාශී වී සිටිත්.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරු මෑතක්‌ වන තුරුම බහුතර ජන කොටස සමඟ පූර්ණ දේශපාලන සමෝධානයකට පිවිස සිටියහ. තම අපේක්ෂකයන් පාර්ලිමේන්තු ආසනවලට පත කිරීම පිණිස භාෂා හෝ ආගමික කරුණු මත පදනම වූ මුස්ලිම් දේශපාලන පක්ෂයන් ඔවුන්ට නොතිබිණි. එසේ වුවත් දිවයිනේ ප්‍රධාන පක්ෂ සියල්ලේම මුස්ලිම් වරුන් නියෝජනය වෙනවා පමණක් නොව ඔවුහු ඒ මගින් සුප්‍රසිද්ධියට ද පත්ව සිටිත්. ජනගහනයෙන් අතිවිශාල බහුතරය සිංහලයන් වන මැතිවරණ කොට්ඨාශවලින් විරුද්ධවාදී අපේක්ෂකයා සිංහලයකු වූ අවස්ථාවලදී පවා මුස්ලිම් ජාතිකයන් තෝරා පත කරගෙන තිබේ.
මුස්ලිම් ජනගහනය සියයට දහහතක් පමණ වන මැතිවරණ කොට්ඨාශයකින් පිට පිට ම පවත්වන ලද මැතිවරණ හයක දී ම ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ගරු ඒ සි එස් හමීඩ් මහතා පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවීම මීට කදිම නිදසුනකි. පාර්ලිමේන්තු කතානායක ගරු එම් එච් මොහමඩ් මහතා සහ කම්කරු හැ වෘත්තීය පුහුණු ඇමති ගරු එම් එල එම් අබුසාලි මහතා මුළුමනින් ම සිංහල බහුතරයක් ඇති ජන්ද කොට්ඨාශවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කොට යවන ලද තවත් මුස්ලිම් නියෝජිතයෝ දෙදෙනෙක් වෙත්.
මුස්ලිම් දේශපාලන අනන්‍යතාවයක් වෙන ම ඇති කරගැනීම සඳහා වරින් වර දරන ලද ප්‍රයත්න නිසා යට කී තත්වය මෑතක දී වෙනස් විය. උගත් නව මුස්ලිම් පරම්පරාවක අපේක්ෂාවලින් සහ අන්තර්ජාතික මතවලින් ඇති වූ බලපෑම එයට හේතු විය. මුස්ලිම් විඥානය තියුණු කල තවත් සාධකයක් වුයේ පසුගිය දශකය මුළුල්ලේ දිවයින ගොදුරු වී තිබුණු සිංහල දෙමල ගැටුමයි. බොහෝ අවස්ථාවලදී මොන යම හෝ කරුණක් හේතුවෙන් මුස්ලිම්වරු විශේෂයෙන් නැගෙනහිර මුස්ලිවරු පහරදීම්වලට ඉලක්ක වූහ. ජනගහනයෙන් තුනෙන් කොටසක් මුස්ලිවරුන් වූ නැගෙනහිර පළාත ජනවාර්ගික ගැටලුව සාකච්චා මාර්ගයෙන් විසදාගැනීමකට බෙහෙවින් වැදගත් වූ බැවින් සිංහල – දෙමල ගැටුම නිරාකරණයේදී මුස්ලිම් වරුන් ගේ අයිතිවාසිකම අමතක කරනු ඇති ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අතර බියක් පහල විය. එහි ප්‍රතිපලයක් වශයෙන් ශි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවාගන්නා ලදී. එම පක්ෂයේ මග පෙන්වීම සහ බලපෑම් අනාගතයේදී මුස්ලිම්වරුන් කෙරෙහි කෙසේ බලපානු ඇත් දැයි දැන්ම කිව නොහැකිය. ගතවූ අවුරුදු කිහිපය තුල මතු වූ මුස්ලිම් ජනවාර්ගික – ආගමික අනන්‍යතාව පිලිබඳ මතවාද පිළිබිඹු කෙරෙමින් නව දේශපාලන පක්ෂයක් බිහිවීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට මුස්ලිවරුන් දරන ප්‍රයත්නයක් හැටියට කිසිසේත්ම සැලකිය නොහැකිය.
1987 ජූලි මස 29 වන දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබිණි. ශ්‍රී ලංකා රජය සහ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමල කණ්ඩායම් අතර පවත්නා ජනවාර්ගික යුද්ධය අවසාන වී අවිනිශ්චිත සාමයක් ඉන් උදා වනු ඇති අපේක්ෂා කරන ලදී. දිවයිනේ උතුරැ හා නැගෙනහිර පළාත් තෝරා පත් කරගන්න ලද තනි පළාත් සභාවක් සහිත තනි පරිපාලන ඒකකයක් විය යුතු යයි ගිවිසගන්න ලදී. නැගෙනහිර පළාත, උතුරු පළාත හා ඒකාබද්ධ වී තනි ඒකකයක් වසයෙන් පැවතිය යුතු ද නැති එනම සවකීය පළාත් සභාවක් සහිත වෙනම පරිපාලන ඒකකයක් විය යුතුද යන්න නැගෙනහිර පළාතේ වැසියන්ට තීරණය කිරීමට ඉඩ ලැබෙන පරිදි 1988 අවසනට පෙර ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය යනුවෙන් ද ගිවිසගනු ලැබිය. එහි ප්‍රතිපලයක් වශයෙන් මුස්ලිම් ප්‍රජාව වෙත අවධානය යොමු වී ඇත. නැගෙනහිර පළාතේ ජනවාර්ගික අනුපාතය දල වශයෙන් මෙසේය. දෙමල 42%, මුස්ලිම් 32%, සිංහල 26%. ජනමත විචාරණයක් පැවැත්වුවහොත් දිවයිනේ උතුරු කෙලවරේ සිට ඈත දකුණ දක්වා විහිදීයන දෙමල භාෂාව කතා කරන එකට ඇඳුනු තනි කලාපයක් පිහිටුවීම පිණිස දෙමල ජනතාව සියල්ලන්ම පාහේ නැති නම් බහුතරයක් හෝ උදුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ජන්දය දෙනු ඇති විශ්වාස කරන ලදී. දිවයින තුල භාෂාව පදනම කරගත් වෙනම ප්‍රදේශයන් ඇති කිරීම රටේ භෞමික අඛණ්ඩතාවය තර්ජනයක් විය හැකි යයි විශ්වාස කරන සිංහල ජනතාව ඒ අදහසට තරයේම විරුද්ධ වෙත්. ජනමත විචාරණයක් පැවැත්වුවහොත්, ඒකාබද්ධ කල පළාත් එසේම පැවතිය යුතුද නැතිනම් විසුරුවා හරිය යුතුද යන තීරණාත්මක ප්‍රශ්නය තීරණය කරනු ඇත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව විසින් බෑවු සක්සුදක් සේ පැහැදිලිය. මුස්ලිම් වරුන් ද දෙමල භාෂාව කතා කරන්නවුන් බැවින් උතුරු හා නැගෙනහිර පළාත් සඳහා වෙනම භාෂාමය කලාපයක් ඇති කල යුතු ය යන ඉල්ලීම වඩා ප්‍රබල වේ. මුස්ලිම් ජාතිකයන් වැදගත් ප්‍රශ්නවලදී තමන් සමග එකට සිටිය යුතු, භාෂාමය වසයෙන් සහෝදර ජනතාවක් හැටියට දෙමල ජනතාව සලකති. එසේ වුවද, අවුරුදු දහසකට අධික කාලයක් මුළුල්ලේ භාෂාව නොව තම ආගම පදනම කරගත් ස්වයත්තතාවයක් හුවා පාමින් සිය අනන්‍යතාව පිලිබඳ අර්බුදයකට මුහුණ පා සිටිත්. එය අද ඊයේ අතු වුවක් නොවේ. එහි මූලාරම්භය අවුරුදු සියයකට ඉහත කාලයක් තෙක්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසින් ඔවුන් ඉස්ලාම් දහම වැළඳගත් දෙමල ජනතාවක් වසහයෙන් වර්ග කරනු ලැබූ දා තෙක් ඈතට විහිදී යයි. ඉස්ලාම්කරණය කිරීමේ ක්‍රියාවලියක් ඉන්පසුව ආරම්භ වූ අතර එය ගෝලීය ප්‍රවණතා හේතු කොටගෙන මෙන්ම ඊටත් වැඩියෙන වර්තමානයෙහි පවත්නා දේශීය තත්වයේ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිත ස්වභාවය හේතු කොටගෙන මෑත වර්ෂවල දී වඩාත් උත්සන්න වී පවතී.
කෙසේ වෙතත් මෙහි කර්තෘගේ අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතරයේ සමකාලින දේශපාලන කටයුතු සාකච්චා කිරීම නොවේ. එමෙන්ම මැලේ  මෙමොන් බෝරා සහ ඇෆ්ගන් වැනි මුස්ලිම් ජනගහනයට අයත් වෙනත් කොටස් පිලිබඳ ව මෙහි සාකච්ජා නොකැරෙන බැවින් මේ ග්‍රන්ථය ශ්‍රී ලංකික මුසලිම් ප්‍රජාව පිලිබඳ විස්තරාත්මක ඉතිහාසයක්ද නොවන්නේය. වර්ගය, ආගම හා සංස්කෘතිය අනුව මුලින් විදේශිකයන් මෙන්ම සංචාරක වෙළෙඳුන් වූ කණ්ඩායමක් ශ්‍රී ලාංකික සමාජයේ අත්‍යවශ්‍ය මෙන්ම ඒ හා ඊකාබද්ධ කොටසක් බවට පත්වීමට හේතු සාධක වූ ඓතිහාසික පසුබිම සමාජීය ක්‍රියාදාමය සහ දේශපාලන හා ආර්ථික බලපෑම් විමසා බැලීමේ අදහසින් විෂයානුබද්ධ හා මද්යස්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම මේහි අභිප්‍රාය වේ. මේ හිතකර සම්භාන්ධතාව වර්ධනය වී ඇත්තේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඉස්ලාමිය ලෝකය සමඟ සම්භන්ධකම් ඇති කර ගත් බැවු වාර්තා කැරෙන දල වශයෙන් අට වන සහ නව වන ශත වර්ෂවල සිට බ්‍රිතාන්‍ය පාලනය මුල් අවදිය දක්වා විහිදුනු අවුරුදු දාහකටත් අධික කාලයක් මුළුල්ලේ ය. මේ සහසම්භන්දය කෙතරම් සම්පූර්ණ වුයේද යත්, 1799 සිට 1804 තෙක් අවුරුදු පහක කාලයක් මේ රට නැවතී තමා අසු දුටු දෙ පිලිබඳව සටහනක් තබාගත් ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු මෙන්ම තීක්ෂණ බුද්ධිමත් නිරීක්ෂකයකු වූ ජේම්ස් කොඩිනර් පූජකතුමා මුස්ලිම් වරුන් පිලිබදව සටහන් කර ඇත්තේ ” මුහම්මද්ගේ ආගම අදහන සිංහලයන් මිශ්‍ර වර්ගයක් බැව් පෙනේ. ඔවුන් ගේ මුතුන්මිත්තන් ගේ ප්‍රධානයා ඉන්දියානු අර්ධද්වීපයෙන් සංක්‍රමණය වූවෙකි. ඔවුහු ක්‍රිස්තු ලබ්ධිකයනටද බෞද්ධයනටද වඩා ක්‍රියාශීලී කඩිසර මනුෂ්‍ය සමූහයකි. යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු - කර්තෘ - ලෝනා දේවරාජ


අතීතය, වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය යන නිමක් නොමැති දම්වැලේ එකට ඈඳුණු පුරුක් යයි ඊ. එච්. කාර් විසින් කරන ලද ප‍්‍රකාශය සනාථ කරමින් මහාචාර්ය ලෝනා දේවරාජ විසින් 1994 වසරේ දී ප‍්‍රකාශිත අප දිවයිනේ මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ සවිස්තරාත්මක ඉංග‍්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු” යනුවෙන් නොබෝ දා පාඨකයින් අතට පත් විය.
අතීතයේ කවුළුවෙන් වර්තමානයට එබී බලන මෙම ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගේ ඉතිහාසය පිළිබඳ හුදෙක් කාලානුක‍්‍රමික වෘත්තාන්තයක් නොව වසර දහසකට අධික කාලයක් සිංහල සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර වර්ධනය වූ සුහද සම්බන්ධතාව උලුප්පා දක්වන අගනා විවරණයකි.
ඉතිහාසයේ අමුද්‍රව්‍ය මැනවින් හසුරුවන කතුවරිය ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අමතරව ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයෙන් ලබාගත් විස්තර ද මෙම මාහැඟි ග‍්‍රන්ථය රචනා කිරීම සඳහා භාවිත කොට ඇත.
ග‍්‍රන්ථයෙහි පරිච්ඡේදකරණය ලගන්නා සුලුය. “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ : වාර්ගික සුහදත්වයේ අඩිතාලම”, “කුරුසිය අඩ සඳ හමු වෙයි. රට තුළට පිවිසීම”, “උඩරට රාජධානියේ මුස්ලිම්වරු : ව්‍යූහාත්මක ස්වීකරණය” වැනි පරිච්ඡේද මාතෘකා ඊට කදිම නිදසුනකි.
ග‍්‍රන්ථය හැඳින්වීම සඳහා වෙන් කොට ඇති පළමුවන පරිච්ඡේදයෙන් පසුව ඇති “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ” යන පරිච්ඡේදය කි‍්‍ර.ව.900 සිට 1500 දක්වා ශතවර්ෂ හයක කාල පරිච්ඡේදයේ මුස්ලිම් ප‍්‍රජාවගේ කාර්ය සංසිද්ධිය විස්තර වෙයි.
මුස්ලිම් වෙළෙන්දන් ස්වකීය අනන්‍යතාව ද රැකගෙන පාලක නරපතියන් සමඟ සුහද සම්බන්ධතා පවත්වමින් වාණිජ කටයුතුවල නිරත වූ අයුරු හා ඇතැම් ප‍්‍රබුද්ධ මුස්ලිම්වරුන් රජුගේ දූතයින් ලෙස විදේශ රටවල් කරා ගිය අයුරුත් එහි මැනැවින් නිරූපණය වෙයි.
ශ‍්‍රීපාදස්ථානය “ආදම්ගේ කන්ද” යනුවෙන් මුලින් ම හඳුන්වන ලද්දේ නව වන ශතවර්ෂයේ මැද භාගයේ සංචාරක අරාබි වෙළෙන්දෙකු හා ගවේෂකයකු වූ සුලෙයිමාන් විසිනි.
ආදම් තමුන්ගේ ආදිතමයා යයි සලකනු ලබන මුස්ලිමුන් ඔහු පාරාදීසයෙන් එළවා දමනු ලැබීමෙන් අනතුරුව පෘථුවියේ පළමුවෙන් ම පය ගැසූ ස්ථානය ලෙස ශ‍්‍රීපාදස්ථානය සලකනු ලැබීය.
මැණික් සොයා ගිය වෙළෙන්දන් එතැන් පටන් වන්දනාකරුවන් වී ආධ්‍යාත්මික කටයුතුª පිළිබඳව නිරතුරුව ම ඉවසීමක් දැක්වූ සිංහලයින්ගේ හොඳ හිත දිනාගැනීමට සමත් වූ අයුරු ද මෙම පරිච්ඡේදයේ විස්තර වෙයි.
පූජනීය කඳු මුදුනේ බෑවුමෙහි ගුහාවක බෞද්ධ නරපතියකු වූ නිශ්ශංකමල්ල (1187-1196) ගේ ශිලා ලේඛනයක් ළඟින් එක පෙළට අරාබි ඉස්ලාමීය ශිලා ලේඛනයක් ද තිබීම සිංහල බෞද්ධයින්ගේ සහනශීලී බවත් එවකට පැවැති ආගමික එකමුතු භාවය සහ උද්‍යෝගයත් සනිටුහන් කරයි.
ග‍්‍රන්ථයෙහි දක්වා ඇති පරිදි මුස්ලිම්වරුන් අරාබි, සිංහල, ශ‍්‍රී ලාංකේය දෙමළ සහ දකුණු ඉන්දියානු වාර්ගික කණ්ඩායම් සමඟ ප‍්‍රමාණයක් මිශ‍්‍ර වී තිබේ.
එහෙත් අරාබි සම්භවය පිළිබඳ සදාදර මතකය සහ එහි වාර්ගික ව්‍යූහයේ පදනම, ඉස්ලාම් භක්තිය කෙරෙහි දැක්වූ අවධානය හේතුකොටගෙන මුස්ලිම් ප‍්‍රජාවගේ ස්වීයත්වය ආරක්ෂා විය.
”කුරුසිය සහ අඩ සඳ හමුව“ ලෙස නම් කොට ඇති පරිච්ඡේදයෙහි 1505 සිට 1796 දක්වා වූ කාලයේ පෘතුගීසීන් ගේ හා ලන්දේසීන් ගේ කාර්ය සංසිද්ධිය මඟින් මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වූ බලපෑම සාකච්ඡා වෙයි.
කතුවරිය පෙන්නුම් කර ඇති පරිදි මෙම අවධියේ දී පෘතුගීසීහු හා ලන්දේසීහු ස්වකීය වාණිජ ප‍්‍රතිමල්ලවයින් වූ ද මිථ්‍යාදෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබුවා වූ ද මුස්ලිම්වරුන් මර්දනයට දැඩි කි‍්‍රයා මාර්ග ගත්හ.
මෙහි සමුච්චිත ප‍්‍රතිඵලය වූයේ එතෙක් කල් මුහුදුබඩට සීමා වූ මුස්ලිම්වරුන් උඩරට රාජධානියේ අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වීමයි. මුස්ලිමුන්ට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී උඩරට ක්‍ෂේම භූමියක් වූයේ එහි රජවරුන්ගේ තිබූ සහනශීලී ප‍්‍රතිපත්තීන් නිසා ය.
ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් ස්වදේශීකරණයට හසුවූයේ එහිදී ය.
පෘතුගීසීන්ගේ මර්ධන හස්තයට අසුවූවද යටත් පිරිසෙයින් මුස්ලිම්වරුන්ගෙන් සුලු පිරිසක් හෝ ඔවුන්ගේ ධන සම්පත්, දියුණු නුවණ සහ නැව් පැදවීමේ අපූර්ව දක්ෂතාව මඟින් මෙන් ම දූෂිත පෘතුගීසි නිලධාරීන්ට අල්ලස් දීම මඟින් ද මුහුදුබඩ පළාත්වල අවිනිශ්චිත තත්ත්වයකින් හෝ සිටින්නට සමත් වූහ.
ලන්දේසීන් ද කෘෂිකාර්මික කටයුතු මඟින් සමාගමේ ලාභ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මත පහතරට දුප්පත් මුස්ලිම් ගොවි ජනතාව දැඩි මර්දනයකට ලක් නොකළ බව කෘතියෙහි සඳහන් වෙයි.
මේ හැර උඩරට පාලකයින් හා ලංදේසීන් අතර ඇති වූ සංග‍්‍රාමයන්හි දී මුස්ලිම් කුලී හේවායින් ලෙස දෙපක්ෂයට ම සේවය කළ අයුරුත් වෙළෙන්දන් වශයෙන් පෙනී සිටිමින් ප‍්‍රදේශ මායිම් හරහා යාමට ඔවුන්ට තිබූ දක්ෂතාව නිසා දෙපක්ෂයේ ම ඔත්තුකරුවන් හා පණිවිඩකරුවන් ලෙස කි‍්‍රයාකළ අයුරුත් මෙම ග‍්‍රන්ථයෙහි චිත්තාකර්ෂනීය ලෙස විස්තර කෙරෙයි.
කෙසේ වුවද 1500න් පසු රට අභ්‍යන්තරයේ බහුලව පදිංචි වීම නිසා උඩරට රාජධානියේ මුස්ලිම්වරු ව්‍යූහාත්මක ස්වීකරණයකට ලක්වූහ. මෙසේ උඩරට දේශපාලන හා සමාජ ව්‍යූහයට බද්ධ වීමේදී කරාව කුලයත් සමඟ සමීප වී රජුගේ ‘මඩිගෙ බද්ධ’ හෙවත් ගැල් ගවයින් ගේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.
දළදා මාලිගාවට මෙන් ම අනෙකුත් බොහෝ සිද්ධස්ථානවල ධාන්‍ය රැගෙන යාම වැනි ප‍්‍රවාහන කටයුතු කළහ. එම සිද්ධස්ථානවල පවත්වනු ලැබූ අවුරුදු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ඇසළ පෙරහැර, කාර්ති මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි දී ලුණු වැනි විවිධ ද්‍රව්‍ය හා උපකරණ සැපයූහ.
බෙර ගැසීම, රන් රිදී භාණ්ඩ පිරිසිදු කිරීම වැනි සේවා කාර්යයන් ඉටු කළහ. ඔවුහු ඉස්ලාම් ධර්මයට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාරයන්හි පැවති ව්‍යූහයට නම්‍යශීලී ලෙස හුරුවූහ.
බෞද්ධ විහාරාරාමයන් ද මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි විවිධාකාරයෙන් උපකාර කරන ලද අවස්ථා එමට ය. එබඳු ප‍්‍රතිචාරයන්හි පුදුම එලවන සුලු අති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් ලෙස සඳහන් කොට ඇත්තේ රිදී විහාරයේ භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයකු ගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර දී තිබීම ය.
භාරතයෙහි බහුල ලෙස පැතිරී තිබුණු උග‍්‍ර හින්දු – මුස්ලිම් ගැටුම් සහ ආගමික යුද්ධ දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් හින්දු දේවාලවල කි‍්‍රයාකාරිත්වයට සාමකාමීව එක්වූ අවස්ථා ද විශ්මයජනක ලෙස දක්නට ලැබේ. මෙපරිදි මුස්ලිම් ප‍්‍රජාව ආගන්තුක සංස්කෘතියේ අවශ්‍යතාවලට පහසුවෙන් හුරු වුවද ඊට මුලුමනින් ම අනුගත නොවී ස්වීයත්වය ද මැනැවින් රැකගත්හ.
මෙම තත්ත්වය 1815 වසරේ දී බි‍්‍රතාන්‍යයින් කන්ද උඩරට අල්ලා ගත්පසු වෙනස් විය. එයින් පසු මුස්ලිම්වරු ජයග‍්‍රාහී බි‍්‍රතාන්‍යයන්ගේ පක්ෂය ගැනීමට නැඹුරු වූ හ. මෙහිදී ඔවුන්ට වෙන විකල්පයක් නො වූ බව කතුවරිය සඳහන් කරයි.
එතෙක් කල් සාමකාමීව එකට වාසය කළ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජන කණ්ඩායම් බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙ උපක‍්‍රමශීලී හා ඉතා සියුම් ලෙස බෙදා පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නිසා තරමක් දුරකට භේද භින්න විය.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙම මාහැඟි ග‍්‍රන්ථය සිංහල පාඨකයින්ට පිරිනැමීමෙන් මහාචාර්ය ලෝනා දේවරාජ උදාර සේවයක් ඉටු කර ඇති බවයි. සමස්ත වශයෙන් ග‍්‍රන්ථය පුරා රැව් පිළිරැව් දෙන්නේ බියුගල් නලා හඬ හෝ යුද්ධ බෙරයේ හඬ හෝ කඩු ගැටෙන හඬ හෝ නොව ඝණ්ඨා නාදය ගිරි ශිඛර සිසාරා හඬ දෙද්දී විවිධ ආගම් ඇදහූ, විවිධ උප සංස්කෘතීන්වලට අයත් වූ, විවිධ වාර්ගික කණ්ඩායම්වලින් සමන්විත වූ ශ‍්‍රී ලාංකේය ජනතාව සාමකාමී සහජීවනයෙන් වසර දහස් ගණනක් එකට ජීවත් වූ ආකාරය යි. ඝණ්ඨා නාදයේ ශ්‍රේෂ්ඨත්වය ද එයම ය.

නෝම්බි.... රාමදාන්...... නෝම්බි.... රාමදාන්......


අස්සවුම්  - උපවාසය

ඉස්ලාමය මිනිස් සමාජය උතුම් ශ්‍රේෂ්ඨ සමාජයක් කරා මෙහෙයැවීමට නොයෙකුත් ආකාරයේ ප්‍රායෝගික ක්‍රම සහ විදි හඳුන්වා දී තිබේ. ඒ අතරින් උපවාසයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
එනම්, යහපත් මධ්‍යස්ථ සමාජයක් ගොඩ නැගීමට නම් එම සමාජ ඒකකයේ සෑම තනි පුද්ගලයෙක්ම යහපත් මානසිකතත්වයක් ඇති ආධ්‍යාත්මික අතින් දියුණු අය විය යුතුයි. එසේ වීමටනම් ඔහු හෝ ඇය තුළ දේව බියභාක්තියක් තිබීම අත්‍යවශ්‍යයි.

විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”

උපවාසය අඟවන "අස්සවුම්" යන වචනයේ සෘජු තේරුම වන්නේ 'වළක්වා' ගැනීමයි. එනම්, අප ප්‍රියකරන ජීවිතයට අත්‍යාවශ්‍ය දේවල් වන ආහාරපාන හා ලිංගිකත්වයෙන් දවසේ නියමිත කාලයක මිදී සිටීම හෝ වැලකී සිටීමයි.
තනිකරම දෙවියන්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සෑම මුස්ලිම්වරයකුම මේකලයේ උපවාසයේ යෙදෙති. මෙහිදී අප උගත යුතු පාඩම වන්නේ හලාල් වූ එනම් අනුමැතිය ඇති  දෙයින් අල්ලාහ්ගේ තෘප්තිය පතා වැළකිය හැකිනම්, අල්ලාහ් අපට නොකළයුතුයැයි අණකර ඇති දෙයින් වැළැකීම ඉතාමත් පහසු කාර්යයක් නොවේද?
මුහම්මද් නබිතුමාණන්ගේ හදීසයකින් මෙසේ පැවසෙයි.

කවරෙකු මුසාවන් පැවසීමත්, රැවට්ටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් (දෙවියන්ට) කිසිදු තැකීමක් නැත.
(ග්රන්ථය බුහාරී)

දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්‍රියාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්‍රියාවෙන් ඔහු දුරස්වනු ඇත. ඔහු තුල සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇත. එහි එක් මූලික පියවරක් ලෙස අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා සිටියේ,

කිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට මම උපවාසයේ නිරත වී සිටින්නෙමියයි පවසා එතැනින් ඉවත් වන්න.

මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්යා තුල හොද සංයමයක් නිර්මාණය වේ. එපමණක් නොව තමන්ට එරෙහිව ක්රියාකල තැනැත්තාහට තමන්ගේ උපවාසය සිහිකිරීම තුල අනවශ්‍ය ආකාරයට එදිරිවාදිකම් හට ගැනීමෙන් දෙදෙනාම වැලකේ. මෙය හොද ආදර්ශයක් බවට පත්වේ.

උපවාසයෙන් බලාපොරොත්තු වන පහත සඳහන් දෙයින්වැලකී සිටීම පමණක් නොව මේ පාපක්රියාවන් අපේ හදවතින් මකාදැමිය යුතුය.

1. වෛර, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව
2. අනුන්ගේ දේවල්වලට ආශා කිරීම
3. තණ්හාව
4. අනුන්ට රිදවීම
5. කුමන්ත්‍රණ කිරීම
6. ඕපදූප කතාකිරීම
7. කාලය අපතේ යැවීම.

අපතුල ජනිතවිය යුතු යහපත් ගතිගුණ සමහරක් නම්

1. කරුණාව, දයාව, මෛත්‍රිය
2. අනුන්ගේ දුකේදී ඔවුන්ට සහයවීම
3. දුප්පතුන්ට උදවිකිරීම
4. යහපත මෙහෙයවා අයහපත වැළැක්වීම
5. වැඩිහිටියන්ට ගෞරව කිරීම
6. දෙමව්පියන්ට ඇප උපස්තනකිරීම
7. අසල්වැසියාට ප්‍රේම කිරීම.

ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්‍යාගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකි. එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැක. මේ උපවාසය තුලින් මනුෂ්‍යා තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකි. මනුෂ්‍යාගේ සිතෙහි පාලනය මනුෂ්‍යාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුව. තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්‍යතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්‍යතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනී. තම සිතට වහල් ‍ෙවනවා වෙනුවට සිත වහල්කරගනී. මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේ. සිත යනු සෑම විටම මනුෂ්‍යාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකි. නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේ. මෙය මනුෂ්‍යයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්‍රහණයකි.

කටු නැති දිව!!!!!!!!!!!!!!!!


ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් 

මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ  ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී. 
  • බොරු කීම 
  • ඕපාදූප කතාකිරීම
  • අන් සහෝදරයන්ගේ හිත රිදෙන ආකාරයට කතාකිරීම
  • අනවශ්‍ය විදියේ කතා සහ තමන්ව උලුප්පා පෙන්වීම
  • සිනහවීම සදහා බොරුකීම
මිනිස් ජීවිතයක් ලැබූ අපි අපේ දිව නිසා සතා සිව්පාවුන්ගේ  තත්වයට වඩා පහත්ව යන අවස්ථා බොහෝය. තමන්ගේ දිව ආරක්ෂා කරගැනීම ලේසි පහසු වැඩක් නම් නොවේ. ඒ නිසා ඉස්ලාමය ඉතාමත් අලංකාර උපදෙස් ලබාදී ඇති අතර එය ක්‍රියාවට නැංවීමෙන් නියම මනුෂ්‍යයන් හැටියට ජීවත්විය හැකිය.

නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ 

" ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු අවයවයක් වන්නේ දිවය, දෙවියන්ගේ නාමයෙන් දිව්රමි, මෙම මහ පොළව මත වැඩි කලක් සිර අඩස්සියේ තැබිය යුතු අවයවය වන්නේ දිවය, දිවය විනා වෙනදෙයක් නොවේ (තබරානී)


සත්‍ය වන්තභාවය   

* විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට බියවන්න සත්‍යවන්තයින්වන්න. (අල් කුරානය සුරා තව්බා119 වෙනි වාක්‍ය )
සත්‍යවන්ත පිරිමීන්ටද, සත්‍යවන්ත ගැහැණුන්ටද, අතිමහත් දායාදයන් පිළියෙළ කොට තිබේ. (අල් කුරානය සුරා අල්- අහ්සාබ්  35 වෙනි වාක්‍ය)

කතා කරනවිට ඕනෑම දෙයක් කතා කල නොහැක. අද ලෝකයේ සියලුම අංශයන්හී බොරුවම රජයයි. එයම ඔවුන්ගේ කඩා වැටීමට මුල්වෙයි. එක බොරුවක් වහන්න බොරු කිහිපයක් කිව යුතුව තිබේ. නමුත් ඇත්ත කතා කරන්න එතරම් මහන්සි විය යුතු නොවේ.

නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ 

"ජනයාට තිත්ත වුවත් සත්‍ය කතා කරනු, මුව වසාගෙනසිටි තැනැත්තා විමෝශණය ලබන්නේය"
(බුහරී)

"අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න"
(බුහාරි)

අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය.  සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම  අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි. 
"බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10) 

මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ. 

"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

එපමණක් නොව, අන් අයව  ප්‍රශංසා කිරීම, සුබපැතීම, අල්ලහ්ව ප්‍රශංසා කිරීම වැනිදැ දිවෙන් සිදුවන්නේය. මුස්ලිම්වරු මුණගැසනවිට සලාම් කියා වැළඳ ගැනීමත්, සුවදුක් විමසීමත් ඉස්ලාමිය හැදියාවන් වන්නේය. මෙවන් තැන්වලදී සීමාව නොඉක්මවා යාමට වග බලාගත යුතුයි. ප්‍රශංසාව හා සුබපැතීම අව්‍යාජ වියයුතුය. හොඳ දේ කතාකරනවිට මිනිසුන් අතර බැඳීමක් ඇතිවේ. දිව මගින් හොඳ  හා නරක සේම විපාකයන්ද ඇතිවී එම විපාක මඟින් සමාජයේ නොයෙකුත් බෙදීම ද ඇතිවන්නට පුළුවන. 

දුර්වචන පවිච්චිකරන්නා, මිනිස්සුන් අතර සමච්චලයට ලක්වෙයි. ඔහුගේ ක්‍රියාවන් ගැරහුමට ලක්වේ. මිනිසුන් බොරුකාරයෙක් ලෙස ඔහුව අඳුන්වයි. ඔහු සමග කතාකිරීමටද මිනිසුන් බියවෙති.  

හම්බයෝ.........හම්බයෝ...........හම්බයෝ

මුස්ලිම් මිනිස්සු මොකටද උඩ පනින්නේ  හම්බයෝ කිව්වම, 


මෙන්න එහෙමනම් ඔබේ දැනගැනීම පිණිස.

ශ්‍රී ලංකා ඉතිහාසයේ හම්බන්තොට ඉතා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. හම්බන්තොට වරායේ ඒ කාලේ  හම්බන් පාරු නැත්නම් බෝට්ටු ගාල්කර තිබු බැවින් මේ ප්‍රදේශයට  හම්බන්තොට යන නාමය ප්‍රසිද්ධවුණා.



මේ ප්‍රදේශයට මුස්ලිම් වෙළඳුන්  හම්බන් පාරුවලින් ගොඩ බැසු නිසා මුස්ලිම්වරුන්ටත්  හම්බයෝ යන නාමය පට බෙදුණා. ඒ වගේම මුස්ලිම් මැලේ මිනිස්සුන් වැඩිවශයෙන්  හම්බන්තොට ජීවත්වන නිසාත් මෙම හම්බයා කියන නාමයෙන් ඔවුන්ව හදුන්වන බවට ඉතිහාසයේ සදහන්.

ඕනෑ නම් අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.


මේකට තරහ අරන් වැඩක් තියනවයැ !!!!!!!!!!!!!!!!!!!!!

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons